ඉදිරි ජනාධිපතිවරණදී අපේක්ෂකයා ලෙස පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බවට රාජපක්ෂ පවුලේ ඥාතීන් එකඟත්වයකට

පැමිණ ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් theleader.lk වෙත වාර්තාවේ. ඒ, ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට ඇති සියලු බාධක සැලකිල්ලට ගනිමිනි.

මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය හා ස්මාරකය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 33.9ක රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවතින නඩුව ඔහුට අවාසිදායක බව රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙකුගේ ස්ථාවරය වී ඇති අතර ඒ අනුව රාජපක්ෂ පවුලෙන් ඉදිරිපත් කළ හැකි වඩාත් සුදුස්සා බැසිල් රාජපක්ෂ මහතා බව ඔවුන්ගේ ස්ථාවරය වී ඇතැයි පැවසේ.

මහින්ද රාජපක්ෂ මහතා එකඟත්වය පළකරන්නේ නම් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සුදානම් බව බැසිල් රාජපක්ෂ මහතා ද පවුලේ ඥාතීන් හා හිතවතුන් වෙත දැනටමත් දැනුම් දී ඇතැයි ඉහත ආරංචිමාර්ග පවසයි.

 

කැන්වසින් ඇරඹේ !

මේ අතර පසුගියදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලිකව හමුවී ඇති මෙරට සිවිල් සංවිධානයක ප්‍රධානියකු, ජනාධිපතිවරණයක දී 'පොහොට්ටුවට' යම් පමණකින් හෝ දෙමල - මුස්ලිම් ජාතීන්ගේ ඡන්ද දිනා ගැනීමේ හැකියාව ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාට බව ඒත්තු ගන්වා ඇත.

ඉන්දියාවේ හා ඇමරිකාවේ සහයත් බටහිර රටවල සහයත් බැසිල් රාජපක්ෂ මහතා ලබා ගත හැකි බවට ඔහු මහින්ද රාජපක්ෂ මහතාට සහතික වී තිබේ.

 

ද්විත්ව පුරවැසිභාවය !

කෙසේවුවද ශ්‍රී ලංකාවේ මෙන්ම ඇමරිකාවේ ද පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ මහතාට ජනාධිපටිවරණයට ඉදිරිපත්වීම සඳහා ඔහුගේ එම ද්විත්ව පුරවැසි භාවය බාධාවක් වී ඇති අතර ඒ අනුව ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සඳහා ඔහු මෙවනවිටත් කටයුතු කරමින් සිටින බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා මේවනවිටත් ජනාධිපතිවරණ සටන මෙහෙයවීම විලි ගමගේ මහතාට පවරා ඇති අතර එහි දෙවනියා ලෙස පත්කර ඇත්තේ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සිරිපාල අමරසිංහ මහතා ය.

එසේම එම මැතිවණය ව්‍යාපාරයේ මතවාදීමය ප්‍රචාරක මෙහෙයුම විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු වන ආචාර්ය චරිත හේරත් මහතා වෙත පවරා ඇති බැසිල් රාජපක්ෂ මහතා, සමාජ මාධ්‍ය මෙහෙයුම ඉන්දීය පරිගණක තාක්ෂණ ආයතනයක් වෙත පවරා ඇතැයි ද වාර්තාවේ.

 

සබැඳි පුවත් :

ස්වයං වාරණයට ලක්වූ පුවතක් : ගෝඨාභය රෝගී වේ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්