2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ පළමු වැඩසටහන
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජුලි 11වන දින පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.\
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ
මෙහි දී අගමැතිනිය, නව ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ ඉලක්ක සහ අරමුණු, ප්‍රතිසංස්කරණ සඳහා වූ මාර්ගෝපදේශන මූලධර්ම, නව ප්‍රතිසංස්කරණවලට අනුව අධ්‍යාපනයේ ප්‍රධාන කුලුනු, විෂය මාලා ප්‍රතිසංස්කරණය, ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ විධිවිධාන සහ ගුරු පුහුණුව යන මූලික කාරණා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කළා ය.
මෙහි දී, ධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිසම මගින් මෙම නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන ආකාරය සහ අධීක්ෂණය වන ආකාරය සම්බන්ධව පැහැදිලි කිරීම් සිදු කරන ලදී.
එමෙන්ම 21 වන සියවසේ සහ ඉන් ඔබ්බට ඇතිවිය හැකි අභියෝගවලට මුහුණදීමට සමත් පුරවැසියකු නිර්මාණය කිරීම වෙනුවෙන් මූලික අඩිතාලම දැමීම සහ එම නව පුරවැසියා රටේ තිරසර ජාතික සංවර්ධනය සහ සාමය පිළිබඳ ක්‍රියාවලියට දායක කර ගැනීම මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්හි ප්‍රධාන අරමුණ යැයි සාකච්ඡා කෙරිණි.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙත විශේෂ අවධානය
මෙම සාකච්ඡාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව, ජාතික අධ්‍යාපන කොමිසමේ උප සභාපති තිලක් ධර්මරත්න ඇතුළුව අධ්‍යාපන අමාත්‍යශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිසමේ නිලධාරීන් සම්බන්ධ වූහ.







