leader s

ලෝකයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 12 අතරින් ක්‍රිකට් ගනුදෙනු සම්බන්ධයෙන් දුෂිත ම රට ශ්‍රී ලංකාව බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විමර්ශන අංශයේ ප්‍රධානි ඇලෙක්ස් මාර්ෂල්

( Alex Marshall, General Manager – ICC Anti-Corruption Unit) විසින් තහවුරු කිරීමක් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරියකු පැවසිය. 

ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විමර්ශන අංශයේ ප්‍රධානි ඇලෙක්ස් මාර්ෂල් විසින් එම දැනුම් දීම සිදුකර ඇත්තේ 2018 දෙසැම්බර් 23දා හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු වෙත ලිපියක් යොමුකරමිනි. 

2011 ලෝක කුසලාන අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදු වූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ "විශේෂ පොලිස් විමර්ශන ඒකකය" විසින් සිදු කෙරෙන විමර්ශන වලදී මෙම ලිපිය සම්බන්ධයෙන් ද අවධානය යොමුකර ඇතැයි ඉහත නිලධාරියා සඳහන් කළේය.

ජාත්‍යන්තර තරඟ පමණක් නොව මෙරට ක්‍රීඩා සංගම් අතර පැවැත්වෙන තරඟ වලදීද තරඟ පාවාදීම් හා විකිණීම සම්බන්ධයෙන් අමාත්‍යංශයට පැමිණිලි ලැබී ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේවුවද, තරඟ පාවාදීම් පිළිබඳව සොයාබලා පියවර ගැනීම සඳහා පාර්ලිමේන්තු පනතක් සම්මතකර ඇති ක්‍රිකට් ක්‍රීඩාකරන එකම රට ශ්‍රී ලංකාවයි.


ඇලෙක්ස් මාර්ෂල් විසින් ක්‍රීඩා ඇමතිවරයාට යොමුකර තිබු ලිපිය මෙන්න 


ICC latter

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්