වසංගත මර්දනය අතින් ශ්‍රී ලංකාව සාර්ථකත්වයක් අත් කරගෙන සිටින බව හුවා දැක්වීම සඳහා රජය විසින් ගෙනහැර දක්වනු ලබන සංඛ්‍යාලේඛන සමච්චලයට ලක් කරන සේවාසම්මත මහාචාර්යවරයෙක් නැවත

වතාවක් අපොස සාමාන්‍ය ගණිතය විභාගයට පෙනී සිටින ලෙස  සෞඛ්‍ය සේවයේ ඉහළම නිලධාරියාට යෝජනා කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය දැක්වීම සඳහා පසුගිය සතියේ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කොට සිටියේ ඒ වනවිට PCR පරීක්ෂණ 130,000 ක් පවත්වා තිබුණු බවයි. එම ඉලක්කය කරා ලඟාවී ඇත්තේ “මහජන සෞඛ්‍ය ක්‍රියාන්විතයක්” මගින් බව ඔහුගේ අදහස විය.

එම ගණන් හිලව් මගින් ජනගත කරන්නට වීරිය කරන පණිවිඩය සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසයට ලක් කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය සිසිර පින්නවල සෞඛ්‍ය සේවා ප්‍රධානියාගෙන් ඉල්ලා තිබුනේ “සාමාන්‍ය පෙළ ගණිතය විභාගයට ආයෙත් වාඩි වෙන” ලෙසයි.

“130,000 යනු ජනගහනයෙන් 0.6% කි, නැතහොත් දශලක්ෂයකට 5900 කි. අප හා සසඳා බලන කල, ඇමරිකා එක්සත් ජනපදය පරීක්ෂාවට ලක් කර ඇති සංඛ්‍යාව 13.7% කි, නැතහොත් දශලක්ෂයකට 138,000 කි. සියයට 0.9 ක් නැතහොත් දශලක්ෂයකට 9400 කින් ඉන්දියාව පවා  සිටින්නේ අපට වඩා ඉදිරියෙනි. අපේ ඇත්තේ සාර්ථක භාවය පිළිබඳ අන්දරයක් යයි දොස්තර ජාසිංහ සිතන්නේ නම් ඔහු කළ යුත්තේ සාමාන්‍ය පෙළ ගණිතය විභාගයට ආයෙත් වාඩි වීමයි,” යනුවෙන් මහාචාර්ය පින්නවල ට්වීට් කර තිබුණි.

වසංගත සමයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිළිගන්නා ලද අධ්‍යයනයක කතුවරයකු වන්නේ මහාචාර්ය සිසිර පින්නවලයි.

“පශ්චාත් කෝවිඩ් 19 සමයේ ශ්‍රී ලංකාව සඳහා අලුත් දැක්මක්” නම් එම අධ්‍යයනයේ ප්‍රධාන සම කතුවරුන් වන්නේ හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ ජාත්‍යන්තර සබඳතා සහ මුලොපායික අධ්‍යයන පිළිබඳ ලක්ෂමන් කදිරගාමර් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ගනේෂන් විග්නරාජායි.  

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂට පිටපත් පිළිගන්වන ලද එම අධ්‍යයනය මෙතනින්.

Sisira tweet

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image