leader s

‘වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි’

යනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සදහන් කර තිබේ.

කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කිසිදු අමාත්‍ය ධූරයක් හිමිනොවුණු අතර ව්‍යවස්ථා සංශෝධනයක් කර නියෝජ්‍ය අගමැතිකමක් දෙන බව අගමැතිවරයා පවසා තිබිණ.

මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයා විසින් මෙම සටහන තබා ඇත්තේ ඉන් අනතුරුවය.

maithripala FB

2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන රාජපක්ෂ රජයේ අමාත්‍යවරයකුව සිටිමින් ඉතා රහසිගත ලෙස විපක්ෂය සමග දේශපාලන ගනුදෙනුවක් සිදු කොට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට කටයුතු කළේය.

එහිදී ආණ්ඩුවෙන් එළියට බසින්නට පෙර දින පවා කිසිදු වෙනසකින් තොරව අරලිය ගහ මන්දිරයට ගොස් ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග එකට ආප්ප කෑමටද මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබිණ.

ජනාධිපති පදවියෙන් සමුගැනීමෙන් අනතුරුව පවා මෛත්‍රීපාල සිරිසේන සමාජ මාධ්‍යවල ජනප්‍රිය චරිතයක් ලෙස පෙරමුණ ගෙන සිටින අතර මෙහි පහත දැක්වෙන්නේ කිසියම් පිරිසක් විසින් විනොදාශ්වාදය සඳහා නිෂ්පාදනය කර සමාජ මාධ්‍යවෙත මුදාහැර තිබෙන එවැනි වීඩියෝ වකි.

Manda pama

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්