විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ රවිනාත ආරියසිංහ එම තනතුරින් ඉවත්කර අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ

පත්කිරීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම තානාපති අංශවල විවිධාකාරයේ මත පලවෙමින් තිබිය දී ආණ්ඩුවට පක්ෂපාති Lanka Lead News වාර්තා කර ඇත්තේ, විදේශ අමාත්‍යාංශය තුළ සේවය කළ එක් නිලධාරියකු ශ්‍රී ලංකා හමුදාවට එරෙහිවූවකු බව හෙළිවීමත් සමඟ එම ධුරයෙන් ඉවත් කර ඇති බවයි.

රවිනාත ආරියසිංහ ජනාධිපතිවරයා අධ්‍යාපනය ලැබූ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී සිසුවෙකි. ආරක්ෂක අමාත්‍යංශයේ වත්මන් ලේකම් ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල පාසල් සමයේදී රවිනාථ ගේ පන්තියේ සිටි සමීපතම ද මිතුරන් වේ.

කෙසේවුවද, විදේශ කටයුතු අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක වන බටහිර රටවල්වලට ලැදි න්‍යාය පත්‍රය ගැන විමර්ශනය කිරීමට රජය තීරණය කර ඇතැයි ද Lanka Lead News පුවත් වාර්තාවේ සඳහන් වේ.

නොබැඳි පිළිවෙතක් වෙනුවට කොළඹ බටහිර තානාපති කාර්යාලවලට සම්බන්ධ පිළිවෙතක් අනුගමනය කිරීම ගැන ද විදේශ කටයුතු බලධාරීන්ට චෝදනා එල්ල වී ඇත.

මෙතෙක් විදේශ අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක වූ බටහිර න්‍යාය පත්‍රය වෙනුවට ආසියාවේ රටවලට නැඹුරු වීමේ පිළිවෙතක් අනුගමනය කිරීමට ක්‍රියා කරන බව ද එම වෙබ් අඩවිය අනාවරණය කර සිටියි.

 

'පළමුව ඉන්දියාව' නව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව විදේශ ලේකම් කියයි

kolambage

මේ අතර  විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම් අද්මිරල් ජයනාත් කොළඹගේ පවසන්නේ, නව ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය 'පළමුව ඉන්දියාව' යන්න බවයි.

 'ඩේලි නිවුස්' ඉලෙක්ට්‍රෝනික පුවත්පතට පසුගිය 15 වැනිදා ප්‍රකාශයක් කරමින් ඔහු එබව සඳහන් කර තිබේ.

එම ප්‍රතිපත්තිය නොබැඳි ප්‍රතිපත්තිය ලෙස හැඳින්විය නොහැකි බව විචාරකයින් පවසන බවත්, ඒ මඟින් ශ්‍රී ලංකාව ඉන්දියානු – ඇමරිකානු – ජපාන සංවිධානයේ උවමනාවන්ට අනුව ඉන්දියාව විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් වලට ප්‍රමුඛතාවය දීමට බැඳී සිටින බවත්  Lanka Lead News වාර්තා කර තිබේ.

ඔහු එම ප්‍රකාශය කරන්නේ ජනාධිපතිවරයා හෝ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන තීන්දුවක් අනුවද යන්න ගැන සැක මතුකරන Lanka Lead News, මිට පෙර ඔහු සම්බන්ධව සිටි 'පාත් ෆයින්ඩර්' ආයතනය විසින් පසුගිය යහපාලන ආණ්ඩුවට සකස් කළ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට අදාළ උපායමාර්ගික ලේඛනයක් වර්තමාන රජයට බාරදී ඇතැයි ද කියා සිටියි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්