විදේශ අමාත්‍යංශයේ නව ලේකම්, අද්මිරාල් ජයනාත් කොළඹගේ විසින් වර්තමාන ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තිය,

'ඉන්දියාව පළමුව' යනුවෙන් ප්‍රකාශයක් කිරීම පිළිබඳව ආණ්ඩුවට පක්ෂපාති 'දේශප්‍රේමී' සංවිධානවල බරපතල විවේචනයට ලක්ව ඇත.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය විමල් විරවංශ ගේ 'ජාතික සංවිධාන' වලින් මෙන්ම, ඒ යටතේ ක්‍රියාත්මක Lanka Lead News ඇතුළු මාධ්‍ය ජාලයෙන් බලවත් විරෝධයක් මතුකරමින් සිටිති.

මේ සම්බන්ධයෙන් Lanka Lead News වෙත ප්‍රකාශයක් ලබාදී ඇති මානව හිමිකම් නීතිඥ කල්‍යානන්ද තිරාණගම ප්‍රශ්ණ කරන්නේ, ජනාධිපතිගේ ප්‍රතිපත්තිය 'ශ්‍රී ලංකාව පළමුව' නම් විදේශ අමාත්‍යංශ ලේකම්ගේ ප්‍රතිපත්තිය 'ඉන්දියාව පළමුව' වන්නේ කෙසේද යනුවෙනි.

විදේශ අමාත්‍යංශ ලේකම්වරයාගේ එම ප්‍රකාශය නොබැඳි ප්‍රතිපත්තියට පටහැනි බව සඳහන් කරන ඔහු තවදුරටත් ප්‍රශ්ණ කරන්නේ, එවැනි ප්‍රතිපත්තියක් ජනාධිපතිවරයා හෝ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත්තේ කවදාද කියාය.

ඒ අනුව එම ප්‍රතිපත්තිය මිලින්ද මොරගොඩගේ 'පාත් ෆයින්ඩර්' සංවිධානයේ ප්‍රතිපත්තිය වියහැකි බව ද ඔහු කියයි.

රජයේ උසස් නිලතලවලට, හමුදා නිලධාරීන් පත් කිරීමට විරුද්ධ වන බොහෝ පිරිස් මෙම පත්වීමට විරුද්ධ නොවූයේ කුමක් නිසාද යන්න පැහැදිළි වන බවද කල්‍යානන්ද තිරාණගම සඳහන් කරයි.



සැබෑ දේශප්‍රේමියෝ කියන කතාව !

විදේශ අමාත්‍යංශයේ ලේකම්, අද්මිරාල් ජයනාත් කොළඹගේ විසින් කරනු ලැබූ 'ඉන්දියාව පළමුව' යන ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුවට පක්ෂපාති 'දේශප්‍රේමී' බලවේගවලින් මෙසේ විවේචන එල්ල වෙද්දී, 'සැබෑ දේශප්‍රේමියෝ' පවසන්නේ, ඉන්දියාව සමග අනවශ්‍ය ගැටුමකට නොගොස් උපාය මාර්ගික පදනමකින් තුලනාත්මක විසඳුමකට පිවිසීම වැදගත් බවයි.

කොළඹ වරාය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳව විග්‍රහයක් කරමින් මහාචාර්ය රොහාන් සමරජීව 'සැබෑ දේශප්‍රේමියෝ' ලේබලය යටතේ  #trupatriotlk සමාජ ජාලා තුළින් ඊයේ  (අගෝස්තු 18) දිනයේ වීඩියෝවක් මුදාහරිමින් පවසා ඇත්තේ, මෙරට ජීවත්වන ජනයාගේ ජීවන තත්වය වර්ධනය කිරීමට කටයුතු කිරීම සැබෑ දේශප්‍රේමින්ගේ වගකීම බවයි.

සබැඳි පුවත් :

රවිනාථ විදේශ අමාත්‍යාංශයෙන් ඉවත්කලේ ඇයි?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්