'පාත්ෆයින්ඩර්' ආයතනයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට නම් කිරීම

සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් පාර්ශවයන් ගෙන් බරපතල විරෝධයක් එල්ලවෙමින් තිබේ.

මොරගොඩ ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමේදී ඔහුට කැබිනට් බලතල ලබාදීමට නියමිත බවටද රජයට සමීප පුවත්පත් අද වාර්තා කර තිබේ.

රාජ්‍ය තාන්ත්‍රික නිළධාරියෙකුට මෙවැනි විශේෂ බලතල ලබාදීමට තීරණය කර තිබෙන්නේ පළමු වන වරටය.

එකිනෙකට වෙනස් ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළ ආණ්ඩු දෙකක් නියෝජනය කළ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩට මෙවැනි තීරණාත්මක තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය විමල් විරවංශගේ 'ජාතික සංවිධානය' විසින් මෙහෙයවන සමාජ මාධ්‍ය වෙතින් දැඩි විරෝධයක් එල්ල කරමින් සිටිති.

එම සංවිධානය විසින් මෙහෙයවන Lanka Lead News ඊට අදාල පුවත වාර්තා කර ඇත්තේ, ''69 ලක්ෂයේ ජනවරමට කකුල් මාට්ටු දැමීමට මිලින්ද මොරගොඩ ගත් උත්සාහය ඵලදරයි'' යන ශීර්ෂයෙන් යුතුවය.

Moragoda leadnews

”පාත් ෆයින්ඩර් ” නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා වන මිලින්ද මොරගොඩ, ඇමරිකානු ඒජන්තයෙකු ලෙස බරපතල චෝදනාවට ලක් ව සිටින අයකු බවද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

මිලින්ද මොරගොඩ ඉන්දියාව සහ ඇමරිකාවේ උපායමාර්ගික උවමනාවන් ඉතා හොඳින් ඉමටුකළ හැකි පුද්ගලයෙකු බවට ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිවරයෙකු විසින් ලබාදුන් සහතිකයක් 'විකිලික්ස්' මඟින් මිට ඉහත දී අනාවරණය කර තිබු බවද එම වෙබ් අඩවිය පෙන්වා දෙයි.

මිලින්ද මොරගොඩට අමතරව චෙන්නායිහි නියෝජ්‍ය මහ කොමසාරිස් ධුරයට ආචාර්ය වී.කේ. විල්සන් පත් කිරීමටද රජය තීරණය කර ඇත. ඔහු මෙයට පෙර ස්වීඩනයේ තානාපති ධුරය හා චෙන්නායි නියෝජ්‍ය මහ කොමසාරිස් ධුරය දැරීය.

 

‘‘පාත් ෆයින්ඩර්‘‘ එන්නෙ හොඳකට නොවෙයි ? අවදියෙන් හිටපල්ලා.

මෙවර ආර්ථික අර්බුදය හමුවේ රට ගොඩනැගීමට රටේ බෝහෝ පුරවැසියන් සද් භාවයෙන් පෙරට පැමිණෙන මොහොතේ මේ රට ආගදයට ඇද දැමූ කේවට්ටයින් 'පාත් ෆයින්ඩර්' එන්. ජී. ඕ. හරහා ආණ්ඩුවට පස්සා දොරින් රිංගීමේ උත්සාහයක සිටීම පිළිබදව රටම අවදියෙන් සිටිය යුතු යයි කරු අරුණ කාන්ත බණ්ඩාර පවසයි.

'පාත් ෆයින්ඩර්' උපදේකයින් මේ රටේ පැවති කර්මාන්ත පද්ධතියම විනාශ කල බවත් ණය උගුලක සිර කල බවත් පවසන ඔහු, පසුගිය වසර 40 ක කාලයක ක්‍රියාත්මක වුයේ ඔවුන්ගේ අසාර්ථක වැඩ පිළිවෙල බවත් කියා සිටියි.

නිදහසින් පසු, ගෙවුම් ශේෂ අර්බූදය, ණය අර්බුදය, වෙළඳ පරතර අර්බුදය, රාජ්‍යය ආදායම් සහ අයවැය අර්බුදය, ආහාර නිශ්පාදනය, ප්‍රවාහනය සැලසුම්කරණය, බලශක්ති උත්පාදනය ,කාර්මීකරණය දුර්වල වීම , අපනයනය නිශ්පාදනය විවිධාංගීකරණය නොවීම ඇතුලු කිසිදු ආර්ථික ගැටළුවකින් ගොඩඒමට නොහැකි වූයේ  'ෆයින්ඩර් මොඩලයේ' කේවට්ට උපදේකයින් සමග වැඩ කිරීම නිසා බව ප්‍රකාශ කරන ඔහු අවදියෙන් සිටීමට පුරවැසියන්ට බල කරයි.

සබැඳි පුවත් :

පාත්ෆයින්ඩර් මොරගොඩ ඉන්දියානු මහ කොමසාරිස් ධුරයට! -කැබිනට් බලතලත් දීලා ලු!

කියවන්න :

මිලින්ද මොරගොඩට ඉන්දියාවේ තානාපති පදවිය දෙන ලෙස ඇමරිකානු ඒජන්තයින්ගෙන් බලපෑම්!

පරණ වයින් අලුත් බෝතලයකට දැමීමේ මිලින්ද මොරගොඩ මෙහෙයුම: කොරෝනාවෙන් පසු රට ගොඩගන්න කියා දෙන අය 2002 දී රට කළ හැටි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්