20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කළේ තමන් විසින් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විශ්වාසවන්තම

කැබිනට් සගයා වන අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි අවධාරණය කර සිටියි.

එම කෙටුම්පත සකස් කළ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව පවතින්නේ අධිකරණ අමාත්‍යවරයා වශයෙන් තමන් යටතේ බැවින් කැබිනට් මණ්ඩලය වෙනුවෙන් ඊට සම්බන්ධීකරණ කටයුතු පමණක් තමන් සිදුකළ බවත් ඔහු කියා සිටියි.

ජනාධිපතිවරයාගේ නීති උපදේශකයින් කිහිප දෙනෙකු විසින් කෙටුම්පත්කර ඇති අදාල 20 වන ව්‍යවස්ථා යෝජනාවලියෙන් අගමැතිවරයා 'නිකමෙකු' කර ඇතැයි 'මහින්දවාදීන්' ගෙන් බරපතල විවේචනයක් එල්ල වෙමින් තිබිය දි අධිකරණ ඇමතිවරයා ඉහත ප්‍රකාශය කර සිටියේ, ඊයේ (12) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ අධිකරණ ඇමතිවරයා මෙසේ ප්‍රතිචාර දැක්විය.

ප්‍රශ්නය - 20 වන සංශෝධනය සකස් කළේ ඔබතුමාද ?

පිළිතුර - "නෑ, මම නෙවෙයි. 20 වන සංශෝධනයෙන් වෙන්නෙ 19 වැනි සංශෝධනය ඉවත් කරලා 19ට පෙර පැවති තත්වයට යන එක විතරයි. ඒක කැබිනට් මණ්ඩලය සාමුහිකව ගත්තු සහ ලබාදීපු උපදෙස් මත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද කෙටුම්පතක් මත තමයි දැන් මේ 20 වන කෙටුම්පත තියෙන්නෙ"  

ප්‍රශ්නය - නමුත් මේකට මූලිකත්වය දරනවා කිව්වෙ ඔබතුමා තමයි. අවසානයේ ඔබතුමා නෙවෙයි මේක වෙනත් අයෙක් විසින්ද වෙනත් පිරිසක් විසින්ද සකසන්නේ ?

පිළිතුර - "නෑ. කැබිනට් මණ්ඩලය. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ 42 වන ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලයට තමයි නීති සම්පාදනය කිරීමේ බලය තියෙන්නෙ. ඔවුන් ලබාදෙන උපදෙස් අනුව ඒක කෙටුම්පත් කරනවා. කෙටුම්පත් කරන දෙපාර්තමේන්තුව මං යටතේ තියෙන හින්දා, රේඛීය අමාත්‍යාංශය මං යටතේ තියෙන හින්දා තමයි මම ඔවුන් එක්ක සම්බන්ධීකරණය කළේ කැබිනට් මණ්ඩලය වෙනුවෙන්. මගේ කිසිදෙයක් අලුතින් නෑ මේකෙ. මේකෙ තියෙන්නෙ 19ට පෙර තිබුණු 18 තත්වය"

ජී.එල්. දන්නෙත් නැති ලු !

ඒ අතර මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයා කණ්ඩායම් නායක රැස්වීමේදී සඳහන්කොට ඇත්තේ ආන්දෝලනයට තුඩු දී ඇති ප්‍රතිපාදන 20 වැනි සංශෝධනයට ඇතුලත් කළේ කවුරුන්දැයි තමා නොදන්නා බවය.

ඔහු ද එවැනි ප්‍රකාශයක් සිදුකර ඇත්තේ, අගමැති මහින්ද 'නිකමෙකු' කිරීමට මෙවැනි ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔහු වෙත ද  'මහින්දවාදීන්' ගෙන් දෝෂාරෝපණ එල්ලවෙමින් තිබිය දිය.

මේ අතර අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කරන්නේ අධිකරණ අමාත්‍යවරයා විසින් එම කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ නිසා එහි වගකීම එම අමාත්‍යවරයාට පැවරෙන බවය.

මේවනවිට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් බහුතරයකගේ  මතය වන්නේ ආණ්ඩුවේ විශේෂයෙන්ම ජනාධිපතිගේ ප්‍රතිරූපයට හානි කිරීම සදහා කොතැනින් හෝ කුමන්ත්‍රණයක් සිදු වී ඇති බවය. මාධ්‍ය ප්‍රධානින් කිහිප දෙනෙකුට ද ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

මේ අනුව, සැප්තැම්බර් 02 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු ගැසට් කරන ලද ජී .ආර්. ගේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය අධ්‍යයනය කිරීම සඳහා අගමැතිවරයා විසින් ඊයේ දිනයේ විශේෂ කමිටුවක් පත්කර ඇත.

මේ අතර විපක්‍ෂය චෝදනා කරන්නේ මෙම සංශෝධනය සකස් කලේ කවුදැයි ආණ්ඩුව පාර්ශවයෙක් කිසිවෙකු වගකීම බාර නොගන්නා බවත් එය දැන් අවජාතක එකක් වී ඇති බවත්ය.

 

අලුත් ව්‍යවස්ථාවකට ජනතාව ජනාධිපතිට බලය දුන්නා - හිමිවරු කියති

Moga Bikku GR

කෙසේවුවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සැකසීමට ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බහුතර බලයක් ලබා දී ඇතැයි මහා සංඝරත්නය පෙන්වා දෙන බවයි.

ජනතා අපේක්ෂාව පියවරින් පියවර ඉටු කරමින් ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපති යන ගමන දෙස මහත් සතුටින් බලා සිටින බව උන්වහන්සේලා පැවසූ බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ඓතිහාසික අනුරාධපුරය අටමස්ථානය වැඳ ආශිර්වාද ගත් ජනාධිපතිවරයා ඊයේ  (12)  ලංකාරාමය, මිරිසවැටිය සහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථාන වෙත ගිය අවස්ථාවේ විහාරාධිකාරී හිමිවරු මේ බව කියා තිබේ.

සබැඳි පුවත් :

අගමැති 'නිකමෙකු කරන' ජී.ආර්. ගේ 20 ගැන සොයන්න අගමැතිගෙන් කමිටුවක්!

විස්සේ 'ගේම් ප්ලෑන්' ගැන අගමැති සෙවිල්ලෙන්: පුළුල් සමාලෝචනයකට තීරණයක්! 

මහින්ද විශ්‍රාම ගැනීමේ සුදානමක නැහැ! - බැසිල්ට අගමැතිකම දෙන කතා බොරු! 

ජේ.ආර්. ට එහා ගිය ජී. ආර්. - අගමැති 'නිකමෙක්' කරයි ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්