ද්විත්ව පුරවැසියෙකුට මෙරට ජනාධිපති ධූරයට පත්වීමට පමණක් නොහැකි වන ලෙස විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත

සංශෝධනය විය යුතු බව එම කෙටුම්පත සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටු විසින් යෝජනා කර තිබේ.

දහනවවන සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියෙකුට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හෝ ජනාධිපති ධුරයට පත්වීමට නොහැකි බව ඇතුළත් කර තිබුණි.

නමුත් 20 වන සංශෝධනයෙන් ඒ සියලු සීමා ඉවත් කර තිබුණද ඒ සඳහා පත්කළ කමිටුවෙන් යෝජනා කර ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් එම සීමා පැනවීමටයි.

මේ අනුව ශ්‍රී ලංකා ඇමරිකා ද්විත්ව පුරවැසියන් වන බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට එමටත්, මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කිරීමටත් එරෙහිව විමල් විරවංශ, උදය ගම්මන්පිල ප්‍රමුඛ ආණ්ඩුවේ 'ජාතිකවාදීන්' ගෙනගිය විරෝධය ඔවුන් විසින් ම හකුලා ගෙන ඇත.

සැප්තැම්බර් 02 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු ගැසට් කරන ලද 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය අධ්‍යයනය කිරීම සඳහා අගමැතිවරයා විසින් 09 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කළ අතර විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ද එම කමිටුව නියෝජනය කළේය.

 

ද්විත්ව පුරවැසියන්ට මේ රටේ තීරණ ගන්න ඉඩ දෙන්න බෑ – මැදගොඩ හිමි සටන අතට ගනී

abetissa 20

මේ අතර ජනාධිපති ගෝඨාභයගේ උපදේශකයකු වන මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසන්නේ, 20 වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාව ප්‍රශ්න කරද්දී  69 ලක්ෂයක ජනවරම ගොඩනැගීමට දායක වූ ජාතික බලවේග නියෝජනය කරන තමන් වහන්සේ බලවත් සේ අපහසුතාවයට පත්වෙන බවයි.

කොළඹ පැවති උත්සව සභාවකදී උන්වහන්සේ එබව අවධාරණය කර සිටියේය.

''අර්ජුන මහේන්ද්‍රන් වැනි පිටරැටියන් මහබැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමෙන් සිදු වූ අනර්ථය තේරුම් ගත යුතු බවත්, දෙපැත්තේ අඩිය තියන් ඉන්න අයට අපේ රටේ නීති හැදීම සහ තීරණ ගැනීමට  ඉඩ නොදිය යුතු බවත්, රටේ නිලධාරීන් පවා ද්විත්ව පුරවැසියන් නොවිය යුතු බවත්, ජනතාව පවසන්නේ යැයි ද උන්වහන්සේ එහිදී පැවසුහ.

එනිසා ද්විත්ව පුරවැසිකම සම්බන්ධයෙන් ඇති සීමා තවදුරටත් දීර්ඝ කිරීම මිස එය අකුලා ගැනීම සිදු නොකළ යුතු බව උන්වහන්සේ අවධාරණය කර සිටියහ.

 

ඇටමැස්සාගේ විග්‍රහය :

මේ අතර බැසිල් විරෝධය සම්බන්ධයෙන් අදහස් දක්වමින් 'ඇටමැස්සා' ඊයේ (16) මෙසේ සටහන් කර තිබිණ.

''ද්විත්ව පුරවැසියන් ලවා පක්ෂ හදාගන්න හොඳය.

ද්විත්ව පුරවැසියන් ලවා ජන්ද සටන සංවිධානය කරගන්නත් හොඳය.

එම ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු ඒම වැළැක්වීමට කුඩුකේඩුකම් කිරීම අමුම කුහකකමකි...''

 

අගමැති කමිටුවේ සෙසු තීරණ මෙන්න :

සැප්තැම්බර් 02 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු ගැසට් කරන ලද 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය අධ්‍යයනය කිරීම සඳහා අගමැතිවරයා විසින් පත්කළ කමිටුව විසින් ඉදිරිපත් කර ඇති සෙසු යෝජනා මෙසේය.

01- ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය විගණකාධිපතිගේ විගණන බල යටතට පත් කරන අතර විගණන කොමිෂන් සභාව තවදුරටත් පවත්වාගෙන යාම.

02- ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම් පෙත්සමකදි අධිකරණය හමුවේ වග උත්තරකරු කිරීමට අවස්ථාව ලබා දීම.

03- කැබිනට් ඇමැති මණ්ඩලය 30 දක්වා සහ කැබිනට් නොවන ඇමති ධුර 40 දක්වා පැවති සීමා තවදුරටත් පවත්වාගෙන යාම.

04- ඇමති මණ්ඩල දිවුරුමේදී ඒකීයභාවය ආරක්ෂා කරන බවට පෙර තිබූ වගන්තිය කිසිදු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාම.

05- මැතිවරණ කොමිසම් සභාවේ සාමාජිකයන් ප්‍රමාණය පස් දෙනකු දක්වා ඉහළ දැමීමට සහ එහි ඝන පූර්ණය තුන්දෙනෙකු කිරීම.

 

''මට බාධා කරන්න එපා'' !- ජනපති කියයි

GR19 වැනි සංශෝධනය කෙසේ හෝ ඉවත් කරන බව ජනාධිපතිවරයා කැබිනට්ටුවේ දී පවසා තිබේ.

කෙසේ වෙතත් මෙම කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් ගේ ප්‍රධානත්වයෙන් අගමැති පත්කරන ලද කමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) රැස් වූ කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කර නොමැති අතර, ගැසට් කරන ලද විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි කිසියම් සංශෝධනයක් කිරීමට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමටත් කැබිනට් මණ්ඩලයේ එකඟතාව පළ වී ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

තමන්ට ජනතාවගෙන් වරමක් ලැබුණේ රටට වැඩ කිරීමට බැවින් වැඩ කිරීමට බාධාවක්ව පවතින 19 වැනි සංශෝධනය කෙසේ හෝ ඉවත් කරන බව ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇතැයි රජයේ 'දිනමිණ' පුවත්පත වාර්තා කරයි.

Dinamina

''තමන්ට ජනතාවගෙන් වරමක් ලැබුණේ රටට වැඩ කිරීමට බැවින් වැඩ කිරීමට බාධාවක්ව පවතින 19 වැනි සංශෝධනය කෙසේ හෝ ඉවත් කරන බව ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ. ඒ සඳහා 20 වැනි සංශෝධන කෙටුම්පත යොදාගත් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පවසා ඇති ජනාධිපතිවරයා සංශෝධනයක් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ දී සිදුකළ හැකි බව දැනුම් දී ඇත. කෙසේ නමුත් 19 වැනි සංශෝධනයේ සඳහන් වන ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාල සීමාව, ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණන වෙනස් නොකරන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.''

ඒ සඳහා 20 වැනි සංශෝධන කෙටුම්පත යොදාගත් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පවසා ඇති ජනාධිපතිවරයා සංශෝධනයක් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ දී සිදුකළ හැකි බව දැනුම් දී ඇත.

 කෙසේ නමුත් 19 වැනි සංශෝධනයේ සඳහන් වන ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාල සීමාව, ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණන වෙනස් නොකරන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

 මෙම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර අද දිනට දින දාහතරක් සම්පූර්ණ වන නිසා අද සිට ඕනෑම දිනයක පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමේ අවස්ථාව හිමිවෙයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්