විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කැබිනට් මණ්ඩල සාමාජිකයින්ගේ අදහස් වලට ඇහුම්කන් නොදී තමා ඉදිරිපත් කර ඇති විසිවැනි සංශෝධනය කෙටුම්පත සම්මත කළ යුතු බවට  ජනාධිපති ගෝඨාභය

රාජපක්ෂ ආවේගශීලීව කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කර ඇතැයි 'අනිද්දා' සති අන්ත පුවත්පත සිය ප්‍රධාන සිරස්තලයෙන් යුතුව වාර්තා කර ඇත.

විසිවෙනි සංශෝධනයේ ඇති කරුණු පිළිබඳ පැන නැගුණු විරෝධතා සැලකිල්ලට ගෙන අගමැති මහින්ද රාජපක්ෂ විසින් අමාත්‍ය ජී. එල්. පිරිස්ගෙ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව සකස් කළ වාර්තාව සැප්තැම්බර් 17දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් එදින එම වාර්තාව ඉදිරිපත් කර නොතිබිණි.

 ඒ පිළිබඳව විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර ඇතුළු ආණ්ඩු පක්ෂයේ නායකයන් පිරිසක් කරුණු විමසූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ඉහත අදහස් දැක්වීම සිදු කර ඇත.

20 බැරිනම් 19 ම තියාගන්න කියලා 

 තමා ඉදිරිපත් කර ඇති 20 වන සංශෝධන කෙටුම්පත වෙනස් කිරීමට තමා දැඩිව විරෝධය දක්වන බවත්, පවතින කෙටුම්පත සම්මත කළ නොහැකි නම් 19 වැනි සංශෝධනය යටතේ ම කටයුතු කරන ලෙසත් කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

තමන්ට විශාල ජනතාවක් ලැබී තිබෙන බවත් මෙම යෝජනාව ගෙන එන්නේ එම ජනවරම අනුව බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

20 වැනි සංශෝධනය සකස් කරන කෙනෙක් නැතැයි පැවති සංවාදයට කැබිනට් මණ්ඩල රැස්වීමේ දී පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා ඇත්තේ එහි වගකීම් තමන් බාර ගන්නා බවයි.

ව්‍යවස්ථාව පිළිබඳව වෙනත් යෝජනා තිබේ නම් ඒවා නව ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡාවට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයාවරයා ඒ මොහොතේ වැඩිදුරටත් කියා තිබේ.

මහින්ද කමිටු යෝජනා කුණු කූඩයට !

 ආණ්ඩුවේ නායකයෙකු ප්‍රකාශ කළේ, අගමැති අගමැතිවරයාගේ කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකිරීමට හේතු වී ඇත්තේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීමට පෙර ජනාධිපතිවරයා එය ඉදිරිපත් කිරීම පිළිබඳව විරෝධය පළ කර සිටීම නිසා බවයි.

විගණන කොමිෂන් සභාව අහෝසි නොකිරීම, ද්විත්ව පුරවැසියන්ට ජනාධිපති ධුරයට පත්විය නොහැකි නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත්වීමට ඉඩකඩ ලබාදීම,  ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට අවස්ථාව ලබාදීම, අමාත්‍ය මන්ඩලයේ සීමාවක් පවත්වාගෙන යෑම, ඒකීයභාවය ආරක්ෂා කර ගැනීම පිළිබඳව දිවුරුම එලෙසම තබා ගැනීම, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික සංඛ්‍යාව 3 සිට 5 දක්වා වැඩි කිරීම, ජනාධිපති හා අගමැති කාර්යාල විගණනයට යටත් කිරීම ඇතුළු යෝජනා අගමැතිවරයාගේ කමිටු  වාර්තාවේ තිබී ඇත. 


සබැඳි පුවත් :

ජනපති දැඩි ස්ථාවරයක -20 එලෙසින්ම මැතිසබයට! බැසිල්ට අගමැතිවීමට 'පුරවැසිභාවය' බාධාවක් නැහැ!! 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්