theleaderlk 01

ජාත්‍යන්තර ආයතනයක් විසින් ශ්‍රී ලංකාව ඉතා ඉහල ණය අවදානමක් ඇති රටක් දක්වා පහත හෙළිමෙන් පසු භාණ්ඩාගාර බිල්පත් අලෙවියට එය අහිතකර ලෙස බලපා ඇති අයුරු හිටපු ආණ්ඩුකාරවරයකු විසින් හෙළි කර

තිබේ.

එම අනාවරණය කර ඇත්තේ එළැඹෙන ඔක්තෝබර් 4 වැනිදාට මහබැංකුව විසින් නිකුත් කිරීමට නියමිත  ඇමරිකානු ඩොලර් බිලියනයක බැදුම්කර අලෙවිය අවදානම් සහගත බවට අනතුරු ඇඟවීමකින් දින කීපයක් ගතවීමත් සමගය.

ප්‍රධාන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන 'මූඩි' ගේ අලුත්ම ශ්‍රේණිගත  කිරීමට අනුව ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ ස්ථාන දෙකක් පහතට දැමීමෙන් පසුව පැවති පළමු භාණ්ඩාගාර බිල්පත් අලවියේදී  97% ක් අලෙවි කර ගැනීමට මහ බැංකුවට හැකි නොවූ බවයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසන්නේ.

 2020 සැප්තෑම්බර් 29 වන දා, රු. බිලියන 40 ක භාණ්ඩාගාර බිල්පත් අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබූ නමුත් ගැණුම්කරුවන් විසින් මිලදී ගෙන ඇත්තේ රු. මිලියන 895 ක් භාණ්ඩාගාර බිල්පත් පමණක් යැයි  කීර්ති තෙන්නකෝන් ඔක්තෝබර් 2 සිකුරාදා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

'' 2020 සැප්තෑම්බර් 29 වන දා, රු. බිලියන 40 ක භාණ්ඩාගාර බිල්පත් අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබූ නමුත් ගැණුම්කරුවන් විසින් මිලදී ගෙන ඇත්තේ රු. මිලියන 895 ක් භාණ්ඩාගාර බිල්පත් පමණක් යැයි  කීර්ති තෙන්නකෝන් ඔක්තෝබර් 2 සිකුරාදා නිකුත් කළ නිවේදනයක දැක්වේ.''

ණයට ගෙන පාඩුවට ආයෝජන කිරීම:


මූඩි‘ස්  ආයතනය සහ ෆිච් රේටින්ග්ස් ආයතන ලංකාව ණය අවදානම වැඩිම රාජ්‍යයන් අතරට ස්ථාන දෙකකින් පහත දැමීම වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇති වූ තත්වයක් බව කීර්ති තෙන්නකෝන්ගේ අදහසයි.

 "අධික වශයෙන් ණය ලබා ගෙන එලදායී නොවන ආයෝජන සිදු කිරීම තුලින් රට දැවැන්ත ණය අර්බුදයක් කරා ගමන් කරමින් සිටී"

 බදු ආදායම් එක් රැස් කර ගත නොහැකිවීම, බීටීටී සහන ලබාදීම, සුරාබදු ආදායම් පහත වැටීම, උපයන විට ගෙවීමේ සීමා වෙනස් කිරීම මගින් රටේ බදු ආදායම් අහිමිවූ අතර, දේශීය හා විදේශීය ආයතනවලින් ණය ලබා ගැනීමට රජය පෙළෙඹී සිටින හිටපු මැතිවරණ නිරීක්ෂකයා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය. 

 පසුගිය සතිය පුරා, මාස 3, 6  සහ 12 බැගින් වූ භාණ්ඩාගාර බිල්පත් මගින් දේශීය ණය ලබා ගැනීමේ උත්සාහය 97% කින් අසාර්ථක වී ඇති බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.Kirthi 2020.10.03



"මාස තුනක් සඳහා වන භාණ්ඩාගාර බිල්පත් රු. බිලියන තුනක් වෙළඳපොලට නිකුත් කර තිබූ අතර ඒ සඳහා කිසිදු ගැණුම්කරුවෙකු ඉදිරිපත් වී නැත. මාස 6 කින් කල් පිරෙන රු. බිලියන 16 ක් භාණ්ඩාගාර බිල්පත් වලින් අලෙවි වී ඇත්තේ රු. මිලියන 407 ක් පමණී.  වසරකින් කල් පිරීම සඳහා තවත් රු. බිලියන 16 ක භාණ්ඩාගාර බිල්පත් අලෙවියට ඉදිරිපත් කොට තිබූ නමුත්, එයින අලෙවි වී ඇත්තේ රු. මිලියන 488 ක් පමණී." කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.


ආණ්ඩුවට දුකයි


රටේ ආර්ථිකය ණය ලබාගත නොහැකි මට්ටමට පිරිහී ඇති බව පිළිගැනීමට සුදානම් නැතත්, ආණ්ඩුව මේ වනවිට විදේශ විනිමය වැයවන ආනයන කිහිපයක්ම තහනම් කිරීම ආරම්භ කර ඇත.

 මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා සඳහන් කර තිබුනේ මූඩි විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහත දැමීම ගැන කනගාටුවට පත්වන බවයි.

 කෝවිඩ් 19 වසංගතයත් සමග ශ්‍රී ලංකාව වේගයෙන් ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් පවතින බවත් අයවැය හිඟය ක්‍රමානුකූලව පියවා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.

 එසේම අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 7.4ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකි වූ බවත් ඇඟළුම් අපනයන කොවිඩ් තත්ත්වයට පෙර පැවැති තත්ත්වයට පැමිණ ඇති බවත් මුදල් අමාත්‍යාංශය සිය නිවේදනයෙන් කියා සිටී.


සබැඳි පුවත් :

කෝවිඩ් පිටට මූඩි: ඩොලර් බිලියනයක බැදුම්කර නිකුතුවට පොල්ලක්!

Sri Lanka's bonds hammered by default worries

Sri Lanka sovereign rating downgraded two notches to Caa1 by Moody’s - ECONOMYNEXT

සිතාගේ 'කුඩ' කතාව 'ප්ලන්ට්' කළේ 'මූඩීස්' වාර්තාව යට ගහන්න ද?

'මූඩීස් වාර්තාව නිසා ලංකාවට ආයෝජකයන් එන එකක් නෑ' - ප්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා

Moody ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තවත් පහළට ඇද දමයි:  'වැරදි වැඩක්' - රජය කියයි : 'තත්වය බරපතලයි'- විපක්ෂනායක 


නවතම පුවත්