රටට අවශ්‍ය ජනතාවට අනුව වෙනස්වන පක්ෂයක් ද ?  ජනතාව වෙනස්කරන පක්ෂයක් ද ?

ආණ්ඩුව අයිසින් කේක් එකක් නම් එහි අයිසින් එක ගෝඨාභය ජනාධිපති තුමාගේ වියත් මඟයි. මදය බැසිල් රාජපක්ෂගේ බල සබදතායි (power relations).

ගෝඨාභාය රාජපක්ෂ උසස් පෙළ (A/L) ඉහලින් සමත් අය සමඟ යමක් කරමින් සිටියි. ඒ අතර තුර බැසිල් රාජපක්ෂ උසස් පෙළ (A/L)  අසමත් වුවන් සමඟ බල සබධතා ගොඩ නඟමින් සිටියි.

වර්තමාන ආණ්ඩුවේ මුලික සැකස්ම නැත්නම් නියෝජනය මෙයයි.

ආණ්ඩුවේ බල සබඳතා හදුනාගැනීමට අප පහත ප්‍රශ්නය වර නඟන්නෙමු.

සිංහල බෞද්ධ තුනෙන් දේකේ ආණ්ඩුවේ නලින්ද සිල්වා මියන්මාරයේ තානාපති වී, ජී.එල්. පීරිස් අධ්‍යාපන ඇමති වන්නේ කෙසේද? යන්න එම ප්‍රශ්නයයි.

G.L       සිංහල බෞද්ධ තුනෙන් දේකේ ආණ්ඩුවේ නලින්ද සිල්වා මියන්මාරයේ තානාපති වී, ජී.එල්. පීරිස් අධ්‍යාපන ඇමති වන්නේ කෙසේද? 

 පසුගිය දසක කිහිපය තුළ ජාතිවාදයට මතවාදී නායකත්වයක් සැපයු පුද්ගලයා නලීන් ද සිල්වා වේ.  ජි,එල්. පීරිස් යනු ෆෙඩරල් වෙනුවෙන් පෙනි සිටි නියෝජිතයෙකි. ඔහු අධ්‍යාපන ඇමතිවරයා පමණක් නොව, පොහොට්ටු පක්ෂයේ සභාපතිවරයාද වෙයි.

මේ සම්බන්ධව නලීන් ද සිල්වාට පිළිතුරු සහ විවේචන පැවතිය හැකිය. ඒ කෙසේ වෙතත්, නලින්ද සිල්වාට සහ ජි.එල්.පීරිස්ට එසේ වන්නේ ඇයි ද යන්න විදාරණය කිරීමට උත්සාහ කරමු.


 බැසිල් රාජපක්ෂගේ බල ව්‍යුහය, නැතිනම් සංවිධාන ජාලය ගොඩ නැගී ඇත්තේ කවර පන්නයේ පුද්ගලයන් තුළින්ද යන්න තේරුම් ගැනීම සඳහා සරල නියදියක් ගෙන පරික්ෂාකර බලමු.

නෙළුම් මාවතේ ආයතන ව්‍යුහය :

සභාපති – ජි.එල්.පීරිස්.

ලේකම් – සාගර කාරීයවසම්.

පාලක ලේකම් – රේණුක පෙරේරා.

මාධ්‍ය ප්‍රකාශක – සංජීව එදිරිමාන්න.

සංවිධායකවරු – ජයන්ත කැටගොඩ, අමරසිංහ, කාන්චන ජයරත්න.

විද්වතුන් – ජගත් වැල්ලවත්ත, චරිත හේරත්,

ඉහතින් සඳහන් කල සියළු දෙනාම දේශපාලනිකව (මතවාදීව) උදාසීන පුද්ගලයන්ය. නමුත් මොවුන් අවිඥනිකව විනෝදවෙමින් (වේදනාවෙන් සතුටු වෙමින්) බල ව්‍යුහයක ස්ථානගත වීමට කැමැත්තක් සහ රුචිකත්වයක් දක්වන අයයි. 

මින් පැහැදිලි වන්නේ බැසිල් තෝරා ඇත්තේ බල සබඳතා පැවැත්වීමට සක්‍රීය අය (Active) නොව බල සබඳතා ජාලයක ස්ථානගත විමට කැමැත්තක් දක්වන පුද්ගලයන් බවය. 

''මින් පැහැදිලි වන්නේ බැසිල් තෝරා ඇත්තේ බල සබඳතා පැවැත්වීමට සක්‍රීය අය (Active) නොව බල සබඳතා ජාලයක ස්ථානගත විමට කැමැත්තක් දක්වන පුද්ගලයන් බවය. ''

මෙය සමස්ථ පොහොට්ටු පක්ෂයේම ව්‍යුහයයි, ඉහළ සිට පහළටත්, නෙලුම් මාවතේ සිට අලි-මිනිස් ගැටුම පවතින ගමටත්, ඉස්සන් වගාවට කඩොලාන ඉවත්කරන ගමටත්, ගමට යාම සඳහා කැලය මැදින් පාර කපන් යන ගමටත් මෙම බලය ව්‍යාප්ථ වී ඇත. 

සරලව කිවහොත් A/L අසමත් අවිදිමත් ආර්ථිකයෙන්  (informal economy) යැපෙන ජනතාව තම බල සබඳතා තුළට ඇතුළත් කර ගැනීමට බැසිල් රාජපක්ෂ ක්‍රියාත්මක වී ඇත. 

බැසිල්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමානයට වලංගු නැති පංචමහා බලවේගය වෙනුවට අළුත් බලවේග සංවිධානය කර ඇත. 

අත්දැකීම මත පදනම්ව බල සබඳතා ගොඩනඟන ‘බැසිල්’ , නලින්ද සිල්වා වෙනුවට ජි.එල්. පීරිස් තොරා ගෙන ඇත. 

නලින්ද සිල්වා කියන පරිදි බැසිල් මිනිසුන් තොරන්නේ ෆෙඩරල් හෝ විජාතික මතාවාදී මගුලක් නිසා නොව එය බැසිල් මිනිසුන් තේරිමට දන්නා එකම ක්‍රමය හා බැසිල් මිනිසුන්ට ආසකරන ක්‍රමය එය වීම නිසාය.

''නලින්ද සිල්වා කියන පරිදි බැසිල් මිනිසුන් තොරන්නේ ෆෙඩරල් හෝ විජාතික මතාවාදී මගුලක් නිසා නොව එය බැසිල් මිනිසුන් තේරිමට දන්නා එකම ක්‍රමය හා බැසිල් මිනිසුන්ට ආසකරන ක්‍රමය එය වීම නිසාය.''

Viyathmaga 10.04      ගෝඨාභය 'වියත්මඟ' සමඟ එකතුවී මිනිසුන් සිස්ටම් වලට දැමිමට උත්සාහ කරමින් සිටියි. 

 ඉහත විධි-ක්‍රමයට සකසන ලද මිනිස් කුළුනේ දැන් ඉහලින්ම සිටින්නේ ගොඨාභය රාජපක්ෂය. ගෝඨාභය රාජපක්ෂ වියත්මඟ සමඟ එකතුවී මිනිසුන් සිස්ටම් (System) වලට දැමිමට උත්සාහ කරමින් සිටියි. 

ගෝඨාභය නොදන්නවා වුණාට සිස්ටම් දැම්මොත් පොහොට්ටුවේ බල ව්‍යුහය බිද වැටෙන බව බැසිල් ඉතාමත් හොදින් දනියි. ඔහු සැදු මිනිස් කුළුන බිඳ වැටි ගෝඨාභයද බිමට පත බැවෙන බව ඔහු හොදටම දනියි.

විධිමත් ආර්ථිකයේ සිටින 20% සිස්ටම් එකට ඇතුල් වුණාට,  සිස්ටම් එකට දැම්මම අවිධිමත් ආර්ථිකයේ සිටින 80% ජිවත් වෙන්නේ කෙසේද යන්න ගැටළුවක්.

සිස්ටම් දැම්මොතින් පොහොට්ටුවේ ප්‍රාදේශීය බල සබඳතා බිද වැටේ. එනම් පොහොට්ටුවේ බල ව්‍යුහය බිද වැටේ.

ගෝඨාභය විසින් සිස්ටම් දමා, මේ රට සුරපුරයක් කරන බව කවරෙකු හෝ සිතා සිටිනවනම්, ඒ අයට ඉදිරි වසර 4 තුළද ඒසේ සිතා සිටිය හැකිය. කිසිවක් වෙනස් නොවනු ඇත.

''ගෝඨාභය නොදන්නවා වුණාට සිස්ටම් දැම්මොත් පොහොට්ටුවේ බල ව්‍යුහය බිද වැටෙන බව බැසිල් ඉතාමත් හොදින් දනියි. ඔහු සැදු මිනිස් කුළුන බිඳ වැටි ගෝඨාභයද බිමට පත බැවෙන බව ඔහු හොදටම දනියි.''


Mahinda basil. 2020.04.30jpg               “ගොඨාභය නම් වැඩක් කරන්න හදන්නේ, ඒත් මහින්ද ඉඩ දෙන්නේ නැහැ” 

 අදවන විට හැම තැනම, නිතරම ඇහෙන්න ලැබෙන වැකිය වන්නේ “ගොඨාභය නම් වැඩක් කරන්න හදන්නේ, ඒත් මහින්ද ඉඩ දෙන්නේ නැහැ”  එම වැකියේ යටි අර්ථය වන්නේ මහින්ද සහ බැසිල් තම බල සබඳතා කුමක්ද යන්න පිළිබඳව සවිඥනික බවයි.

 නැතිනම් පොහොට්ටුවේ බල ව්‍යුහය පවතින්නේ අවිධිමත් ආර්තිකය නියෝජනය කිරීම තුළ බවයි. 

මේ පිලිබඳව අවබෝධයක් නැති ගෝඨාභය සිස්ටෙම් දැමීමට උත්සහ කළද, බැසිල් තම බල ව්‍යුහය බිඳ වැටෙන්නට ඉඩ නොහරිනු ඇත.

 අපගේ මතය නම්, ආර්ථික ගැටළුව විසදන්නේ නැතිව සිස්ටම් දැමිමට යාමෙන් අවිධිමත් ආර්ථිකය තුළ ජීවත්වන බහුතරයක් පිරිස අලුත් ගැටළුවකට මුහුණ දෙන්නට නියමිත බවයි. 

ඒසේම පවතින රාජ්‍ය ව්‍යුහය මේ අකාරයෙන්ම තබාගෙන ආර්ථිකය ගොඩ දැමිය නොහැකිය. රාජ්‍ය ව්‍යුහය වෙනස් කිරීම සඳහා අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි.

''ඒසේම පවතින රාජ්‍ය ව්‍යුහය මේ අකාරයෙන්ම තබාගෙන ආර්ථිකය ගොඩ දැමිය නොහැකිය. රාජ්‍ය ව්‍යුහය වෙනස් කිරීම සඳහා අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි.''

ජනතාව චොකා මල්ලිට කැමති ඇයි ?

Premalal 04                චොකා මල්ලී නොහොත් ප්‍රේමලාල් ජයසේකර 
 චොකා මල්ලී හරහා රාජ්‍ය ව්‍යුහය සහ අධ්‍යාපන ක්‍රමය හදුනා ගැනීමට උත්සාහ කරමු.

 මහ අධිකරනයකින් මරණ දණ්ඩනය නියම කිරීමෙන් පසුවත්, චොකා මල්ලී නොහොත් ප්‍රේමලාල් ජයසේකර රත්නපුර දිස්ත්‍රිකයෙන් දෙවන තැනට මනාප ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරි පත් වෙයි. ජනතාව චොකා මල්ලිට කැමති ඇයි ?

 යම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට, බැංකු ණයක් ලබාගැනීමට, නිවසක් සදාගැනීමට ඉඩම් කට්ටියක් අනුමත කරගැනීමට යාමේදී හෝ ගේ හදාගැනිමට ගහක්  කපා ගැනීමට වැනි යම් කාරනයකට රාජ්‍ය ආයතනයකට යන ඔබට මුහුණ මුහුණ දීමට සිදුවන්නේ කුමණ අත්දැකීමක්ද ?

 ආදායම් බදු දෙපාර්ථමේන්තුව, රේගුව වැනි මොනයම් හෝ ආයතනයකට යන ඔබට, රාජ්‍ය ව්‍යුහය සලකන  ආකාරය ගැන ඔබේ අදහස කුමක් ද ?

 මේ සෑම අවස්ථාවකදීම ඔබට දෙවියන්ගේ පිහිටයි, නැතිනම් චොකා මල්ලිලාගේ පිහිටයි. 

දෙවියන් ලඟට ගිහින් එම කාර්යය ඉටු නොවන බැවින්, ඔබ චොකා මල්ලි මඟින් එම කාර්යය කර ගනී. 

චොකා මල්ලිට විසදීමට නොහැකි මට්ටමේ වැඩක් නම් ඔබ ජොන්ස්ටන්ලා වෙතට යයි. අන්න ඒ ආකාරයෙන් ඔබ චොකා මල්ලීලා හා බැදේ. 

සාමාන්‍ය ක්‍රමයට වැඩක් නොකරන් මහේශක්‍ය රාජ්‍ය නිලධාරින් චොකා මල්ලි පන්නයේ ඇමතුමට අවනත වේ.  මිනී මරන ලද චොකා මල්ලිට, වෙනදාටත් වඩා රාජ්‍ය නිලධාරීන් අවනත බව ජනතාව දනී. 

''සාමාන්‍ය ක්‍රමයට වැඩක් නොකරන් මහේශක්‍ය රාජ්‍ය නිලධාරින් චොකා මල්ලි පන්නයේ ඇමතුමට අවනත වේ.  මිනී මරන ලද චොකා මල්ලිට, වෙනදාටත් වඩා රාජ්‍ය නිලධාරීන් අවනත බව ජනතාව දනී. ''

මේ අනුව, ජනතාව තොරගන්නේ රාජ්‍ය ව්‍යුහය මට්ටු කළ හැකි නායකයන්වයි. ඒ අනුව චොකා මල්ලීල බිහිවේ. 

චොකා මල්ලිලා එකතු කර, බැසිල් පොහොට්ටුවේ බල ව්‍යුහය සකසයි.

චොකා මල්ලීලට බලය ගොඩනගන්නේ, පවතින රාජ්‍ය ව්‍යුහය නිසාය. නැතිනම් ඉහළ රාජ්‍ය නිලධාරීන් නිසාය. 

තවද උසස් පෙළ සමතුන්, උසස් පෙළ අසමතුන්ට සලකන ක්‍රමයේ ප්‍රතිපලයක් ලෙසද චොකා මල්ලිලා බිහිවේ.

 වර්තමාන රාජ්‍ය ව්‍යුහය නියෝජනය කරන ඉහළ රාජ්‍ය නිලධාරින් කවුද ? මේ රටේ උන්නතිකාමි පවුල් වලින් A/L සමත්වන අය, මේ අය උපාධියෙන් පසු තරඟ විභාගයක් ලියා ඉහළ රාජ්‍ය නිලධාරින් බවට පත්වේ. 

මේ අය තනතුරුවලට පත්වූ මොහොතේ සිට තම අනන්‍යතා අර්බුදය වෙනුවෙන් හා අමතර අර්තික මාර්ගයක් (දෙවන ආර්තික මාර්ගය) වෙනුවෙන් වැඩකරනාව මිස රාජ්‍ය වෙනුවෙන් වැඩ කරන්නේ නැත.

 ගෝඨාභය රට ගොඩ නගනවානම්, කළ යුත්තේ ආර්ථිකය ගොඩනැගීමයි. ආර්ථිකය ගොඩනැගීමට නම් රාජ්‍ය ව්‍යුහය වෙනස් කළ යුතුයි. රාජ්‍ය ව්‍යුහය වෙනස් කිරීමට නම් බය නැතිව අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි. 
 

නමුත් ඒ සඳහා මේ ආණ්ඩුව සූදානම් ද ?

'' ගෝඨාභය රට ගොඩ නගනවානම්, කළ යුත්තේ ආර්ථිකය ගොඩනැගීමයි. ආර්ථිකය ගොඩනැගීමට නම් රාජ්‍ය ව්‍යුහය වෙනස් කළ යුතුයි. රාජ්‍ය ව්‍යුහය වෙනස් කිරීමට නම් බය නැතිව අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි. නමුත් ඒ සඳහා මේ ආණ්ඩුව සූදානම් ද ?''

 බැසිල්ගේ විධි ක්‍රමයට අනුව පොහොට්ටුවේ සභාපති තේරු විදියටම, අධ්‍යාපන ඇමතිකම ජී,එල්.පීරිස්ට දී ඇත. එහි අර්ථය නම් අධ්‍යාපනයට කිසිදු වෙනසක් නොකරන බවයි.  

‘ගොඨාභයට වැඩක් කරන්න ඕන, නමුත් මහින්ද ඉඩ දෙන්නේ නෑ” යන වැකියේ මතුපිට අර්ථයට යටින් කියවෙන්නේ ගොඨාභය හොදයි මහින්ද, බැසිල් නරකයි යන්නට වඩා පොහොට්ටුවේ බල සබඳතා කවර වර්ගයේ ඒවා ද යන්න පිළිබද අදහසකි. 

බැසිල් කිසි විටක තම බල සබඳතා විනාශකර ගැනීමට අධ්‍යාපනය ක්‍රමය වෙනස් නොකරන බවයි. 

මෙම විධි ක්‍රමයට බලය ගොඩනැගීමට අපෙක්ෂා කරන කිසිදු දේශපාලන පක්ෂයක් අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට ඉදිරිපත් නොවෙයි. 

ජවිපෙ ද බලය ගොඩනැගීමට උත්සාහ කරන්නේද මේ ක්‍රමය තුළම විරුද්දාකල්ප ගොඩනගමින් මිස නව ප්‍රවේශයකින් නොව. 

 රටේ ජවිපෙ ද ඇතුළු සියළු පක්ෂ ජනතාවට අනුව වෙනස් වෙමින් සිටියි.

 ඔබට අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍යනම්, ඔබ තොරාගත යුත්තේ ජනතාවට අනුව වෙනස් වන පක්ෂ නොව, ජනතාව වෙනස් කරන් පක්ෂයකි.

(AP - 3mana.com)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්