leader s

පසුගිය 01දා වව්නියාවේ දී පැවති උත්සවයක දී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් සිදුකළ කථාවක් සමහරු විසින් සංස්කරණය කර ප්‍රචාරයක් ලබා දී වැරදි චිත්‍රයක් මවා

ඇති බව ඇවන්ගාඩ් සමාගම් සමුහයේ (Avant Garde) සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති පවසයි. 

සිය FB පිටුවට විශේෂ වීඩියෝපටයක් මුදාහරිමින් ඇවන්ගාඩ් ප්‍රධානියා එබව සඳහන් කර තිබේ.

'බදියුදීන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් කළ කතාවේ නියම ඇත්ත' යන ශීර්ෂයෙන් යුතුව පළකර ඇති එම වීඩියෝව පහත පළවේ.


ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වවුනියාවේ පැවති උත්සවයේ දී සිදුකල ප්‍රකාශය ඇතුලත් වීඩියෝවක් Newsfirst.lk හි පළකර තිබු අතර එය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිල FB පිටුවේද 'ශෙයා' කර තිබිණ.

Newsfirst.lk වීඩියෝව මෙන්න 


එම වීඩියෝවට වෙනත් සමාජ මාධ්‍ය හරහාද පුළුල් ප්‍රචාරයක් ලැබී තිබු අතර අනතුරුව ආණ්ඩුවට පක්ෂපාති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාට විරෝධය පළකර තිබිණ. 

එම තත්වය තුල ඊයේ (05) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ගැන ගුණ ගැයීමට තමාට  කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.



 

කියවන්න :
පාස්කු බෝම්බය, බදුර්දීන්ගේ මල්ලි, චමල් රාජපක්ෂ, කමල් ගුණරත්න, කොරෝනා දෙවැනි රැල්ල හා 20. -ඇටමැස්සා (36)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්