leader s

ජනාධිපති විසින් උ.කුලපතිවරුන් පත් කිරීම අහෝසි කළ යුතුයි. එය දේශපාලනයට ඉඩ තැබීමකි.

සබරගමුව වි.විද්‍යාලයට උ.කුලපතිවරයෙකු ජනාධිපතිගේ තේරීම මත පසුගිය සතියේදී පත් කිරීමට වි.විද්‍යාල ආචාර්යවරුන් විරුද්ධවීම සාධාරණ විරෝධයකි.

උප කුලපතිවරුන් පත් කිරීමට විභාග පැවැත්වීමත් විහිළුවකි. එය වැඩිම ඡන්ද ගත් තිදෙනෙකුගෙන් ජනාධිපති පත් කිරීමට විභාගයක් පවත්වන්නාක් වැනි යැයි  මට එකවර සිතින.

විභාගයකින් වැඩිම ලකුණු ගත් පමණට වි.විද්‍යාලයක් පමණක් නොව ජාතික පාසලක් පාලනය කළ හැකියැයි සහතිකයක් නැත. විභාග ඉහළින් සමත්වන අය නියත වශයෙන් පරිපාලනයට හා කලමනාකරණයට දක්ෂයින් නොවන නිසාය.

එනිසා උ.කුලපතිවරයෙකු පත් කිරීමේ වඩා ප්‍රායෝගික හා දියුණු ක්‍රමයක් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංවිධාන යෝජනා කළ යුතුය.


kusal perera
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023 නොවැ.03
(උපුටා ගැනීම :කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන්


නියෝජ්‍ය උපකුලපතිවරුත් පත් කරන්න යනවා ලු..


මේ අතර උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසන්නේ, ලබන වසර අවසන් වන විට සියළුම සරසවි සඳහා උපකුලපතිවරයාට අමතරව නියෝජ්‍ය උපකුලපතිවරුන් පත් කිරීමට නියමිත බවයි.

විශ්වවිද්‍යාලවල පරිපාලන ක්‍රියාවලිය ශක්තිමක් කිරීම එහි අරමුණ බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු එබව කියා සිටියේ, 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ඊයේ (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.


සබැඳි පුවත් :
අධ්‍යාපනයට බිලියන 465ක් වෙන් කරයි

WhatsApp Image 2023 11 03 at 7.11.22 PM

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්