2024 වර්ෂය සඳහා ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 255ක් වෙන් කිරීමට සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් තවත්

රුපියල් බිලියන 210ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පැවසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකල හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මේ බව සඳහන් කළේ, 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ඊයේ (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

 ශ්‍රි ලංකාවේ ඉගෙනගන්නා ක්‍රමය මෙන්ම උගන්වන ක්‍රමය යන ද්විත්වයම වෙනස් විය යුතු බව පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, විශ්විද්‍යාල ජාත්‍යන්තරීකරණය කිරීමේ ව්‍යාපෘතියට අනුව ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති විදේශයන්හි සේවය කරන ආචාර්ය මහාචාර්යවරුන්ට මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල වල ඉගැන්වීමට හා පර්යේෂණ කිරීමට ආරාධනා කර තිබෙන බව ද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මෙසේද සඳහන් කළේය.

''ලලිත කලා, මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා විෂයන් පිලිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට විශ්ලේෂණයක් කිරීම මේ වනවිටත් අප ආරම්භ කර තිබෙනවා. මෙම වසර අවසන්වීමට පෙර එම ඉක්කය වෙත ගමන් කිරීමට කටයුතු කරනවා. මෙම වැඩපිළිවෙලෙහි අරමුණ වන්නේ ඒකීය උපාධි වෙනුවට ප්‍රායෝගික දැනුම ලබාදෙමින් කලා උපාධිදාරීන් බල සම්පන්න කිරීමයි.

විසි එක්වන සියවසේ තුන්වන කාර්තුවේ සිටින අප උසස් අධ්‍යාපන ජාතික කොමිසමක් හෝ අධිකාරියක් ආරම්භ කිරීමට ද කටයුතු කරනවා. එමඟින් අප බලාපොරොත්තු වන්නේ විවිධ තැන්වල සිරවී ඇති පරිපාලන කටයුතු එක් තැනකට රැගෙන ඒමයි.

 ඒ වගේම පුරවැසියා බලගැන්වීම සඳහා 2025 වසරේ සිට, රජයේ විශ්වවිද්‍යාලයක උපාධි ලබන ඕනෑම සිසුවෙකුට රජය ආයෝජනය කරන මුළු මුදලම සෘජුවම ශිෂ්‍යත්වයක් ලෙස ලබා දීමට ද අප පියවර ගන්නවා. එමඟින් ඕනෑම සිසුවෙකුට තමන්ට කැමති විශ්වවිද්‍යාලයක් තෝරාගැනීමේ හැකියාව ද ලැබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම යටතේ, මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ තීරණාත්මක වෙනසක් ඇති වෙන බවට අපට විශ්වාසයි.

ඒ වගේම ලබන වසර අවසන් වන විට සියළුම සරසවි සඳහා උපකුලපතිවරයාට අමතරව නියෝජ්‍ය උපකුලපතිවරුන් පත් කිරීමට නියමිතයි. විශ්වවිද්‍යාලවල පරිපාලන ක්‍රියාවලිය ශක්තිමක් කිරීම එහි අරමුණ වනවා. එමෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකල හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
 

WhatsApp Image 2023 11 03 at 7.11.22 PM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්