leader s

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නොවැම්බර් 10 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් පසුගියදා දෙහිවල ප්‍රදේශයේ දී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගනු ලැබු අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (27) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.
 
මෙසේ රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ, පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින  අවතැන් වූවන් 12,500 දෙනෙකුට පසුගිය ජනාධිපතිවරණයේ දී තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උතුරු පළාතට යාමට ඒමට ප්‍රවාහන  පහසුකම් ලබාදීමට, පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ යටතේ ඇති 'අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය' මගින් පුත්තලම ශ්‍රී  ලංගම ඩිපෝවට මුදල් ගෙවීම නීති විරෝධී හා රාජ්‍ය මුදල් අවභාවිතයක් බවට චෝදනා කරමිනි.
 
මෙම අවතැන් වූ පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ  කිරීමට තමන්ගෙ ගම් බිම් සඳහා යාමට අවශ්‍ය  ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලෙස අවතැන්වූවන් ගේ සංවිධානය එවකට අගමති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලීමක් කර ඇත.
 
ඒ අනුව එම ඉල්ලීම ඉටුකර දෙන ලෙස නැවත පදිංචි කිරීමේ විෂයභාර අමාත්‍යංශයේ ලේකම් වෙත අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අධ්‍යක්ෂක විසින් ලිඛිතව දන්වා තිබිණ.
 
මෙයට අමතරව එම ගෙවීම සිදු කිරීම සඳහා විෂයභාර අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර ගෙන් ඉල්ලීමක් කොට එයටද නිසි අනුමැතිය ලබාගෙන ඇත.
 
'අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය' මගින් පුත්තලම ඩිපෝවට ගෙවන ලද මුදල නීත්‍යානුකූලව හා උපදෙස් වලට අනුකූලව කර ඇති බව රිෂාඩ් බද්දුර්දින් මිට ඉහත දී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකර තිබු පෙත්සමක පැහැදිලිව සඳහන් කර තිබිණ.  
 
ලබාගත් මුදල නැවත ගෙවලා !
මෙම මුදල අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති කළමනාකරණ කාර්යාලයෙන් ගෙවීමට සිදුව ඇත්තේ,  ඉහත සඳහන් අවතැන් වුවන්ගේ සංගමයට එම මුදල හදිසියේ ඡන්දදායකයන්ගෙන් එකතු කරගැනීමට නොහැකිව තිබු බැවිනි.
 
එනමුදු 2019 නොවැම්බර් මස 22 දින එම අවතැන් වූවන්ගේ සංගමය විසින් පුත්තලම ලංගම ඩිපෝවට ගෙවන ලද  මුදල අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ කළමනාකරණ ඒකකයට නැවතත් ගෙවා ඇත.
 
එසේ සියලු කටයුතු නිත්‍යානුකුලව හා විනිවිදභාවයකින් යුතු සිදුකර තිබිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා රිෂාඩ් බදුර්දීන් මිට ඉහත දී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබිණ.
 
දශක තුනක් අවතැන්ව සිටින මුස්ලිම් ජනයා :
 
 expulsion expropriation of muslims in the north
 1990දී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් උතුරේ මුස්ලිම් ජනතාව සිය ගම්බිම්වලින් මෙසේ පලවා හරින ලදි.
 
 
දශක ගණනාවක් පුරා අවතැන්ව සිටින දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්ණය තවමත් දැවෙන ප්‍රශ්ණයකි.
 
1990 දී උතුරුකරයෙන් මුස්ලිම් ජනතාව පළවා හැර මේවනවිට දශක 03කට ආසන්නය.
 
1995 සිටම යාපනය ශ්‍රී ලංකා රජයේ හමුදා යටතෙහි තිබි ඇති මුත් මෙම මුස්ලිම් ජනයා යළි පදිංචි කිරීමට රාජපක්ෂ ආණ්ඩු හෝ යහපාලන ආණ්ඩු අසමත් විය.
 
එහෙයින් වත්මන් ගෝඨාභය ආණ්ඩුව විසින් හෝ සිදුකල යුත්තේ, අවතැන්වූවන්ට ඡන්දය ලබාදීමට CTB බස්රථ ලබාදීම ගැන විමර්ශන කරන මුවාවෙන් මුස්ලිම් දේශපාලන නායකයින් දඩයම් කිරීම නොව, දශක කිහිපයක් තිස්සේ අවතැන්ව සිටින දෙමල හා මුස්ලිම් ජනයාගේ ගැටලුවට සාධාරණ විසඳුමක් ලබාදීමය.
 
 

 
සබැඳි පුවත් :
 
 
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්