The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
පුවත්

වාහන ආනයන රේගු බද්දට තවත් 50%ක අධිභාර බද්දක් !

T

The Leader Desk

May 16, 2026 • 10:36 AM

වාහන ආනයන රේගු බද්දට තවත් 50%ක අධිභාර බද්දක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනය අනුව අද (16) සිට මාස තුනක කාලසීමාවක් සඳහා මෙම සියයට 50ක අධිභාරය අය කිරීමට නියමිතය.
  • මුදල් අමාත්‍යාංශය විසින් මෙම 50% අධිභාරය පසුගිය අප්‍රේල් මස 01 වනදා සිට ඉවත් කිරීමට මීට පෙර තීරණය කර තිබූ අතර කෙසේවෙතත් එය අද සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
  • නිදහස් කිරීම්: 2026 මැයි 15 හෝ ඊට පෙර බැංකු හරහා වලංගු ලෙස ණයවර ලිපි (Letters of Credit - LCs) විවෘත කර ඇති වාහන ආනයනයන් සඳහා මෙම නව 50%ක අධිභාර බද්ද බලනොපානු ඇත.
  • මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාව හමුවේ ඇති වී තිබෙන ගෝලීය තත්ත්වයන් සහ විදේශ විනිමය රුපියල මත එල්ල වී ඇති පීඩනය කළමනාකරණය කරගැනීම සඳහා, වාහන ආනයනය කිරීම තවදුරටත් සීමා කරමින් විදේශ විනිමය සංචිත රැකගැනීම මෙහි මූලික අරමුණ බව පැවසේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනය අනුව අද (16) සිට මාස තුනක කාලසීමාවක් සඳහා මෙම සියයට 50ක අධිභාරය අය කිරීමට නියමිතය.

මුදල් අමාත්‍යාංශය විසින් මෙම 50% අධිභාරය පසුගිය අප්‍රේල් මස 01 වනදා සිට ඉවත් කිරීමට මීට පෙර තීරණය කර තිබූ අතර කෙසේවෙතත් එය අද සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

බද්ද අදාළ වන සහ නොවන ක්‍රමවේද

අදාළ වන වාහන:
පුද්ගල ප්‍රවාහන මෝටර් රථ, ජීප් රථ, වෑන් රථ, බස් රථ, භාණ්ඩ ප්‍රවාහන වාහන, ගිලන් රථ, මෝටර් නිවාස (Motorhomes) මෙන්ම හයිබ්‍රිඩ් (Hybrid) සහ පූර්ණ විදුලි (Electric) වාහන සඳහා ද මෙම අධිභාරය පොදුවේ අදාළ වේ.

නිදහස් කිරීම්:
2026 මැයි 15 හෝ ඊට පෙර බැංකු හරහා වලංගු ලෙස ණයවර ලිපි (Letters of Credit - LCs) විවෘත කර ඇති වාහන ආනයනයන් සඳහා මෙම නව 50%ක අධිභාර බද්ද බලනොපානු ඇත.

මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාව හමුවේ ඇති වී තිබෙන ගෝලීය තත්ත්වයන් සහ විදේශ විනිමය රුපියල මත එල්ල වී ඇති පීඩනය කළමනාකරණය කරගැනීම සඳහා, වාහන ආනයනය කිරීම තවදුරටත් සීමා කරමින් විදේශ විනිමය සංචිත රැකගැනීම මෙහි මූලික අරමුණ බව පැවසේ.


බදු ගණනය වන ආකාරය

මෙම 50%ක බද්ද පැනවෙන්නේ වාහනයේ සම්පූර්ණ වටිනාකම මත නොව, ශ්‍රී ලංකා රේගුව මඟින් දැනට අය කරනු ලබන මූලික රේගු ආනයන බදු මුදල (Customs Import Duty) මතයි.

උදාහරණයක් ලෙස, මෝටර් රථයක් සඳහා පවතින රේගු ආනයන බද්ද 30%ක් නම්, මෙම නව තීරණයත් සමඟ එම බදු මුදල මත තවත් 50%ක අතිරේක බද්දක් (එනම් තවත් 15%ක බද්දක් එකතු වී මුළු රේගු බද්ද 45%ක් දක්වා) ඉහළ යනු ඇත.

මේ හේතුවෙන් ඉදිරියේදී මෙරටට ගෙන්වන වාහනවල මිල යම් ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන් පවසති.


එම ගැසට් නිවේදනය මෙතනින්
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වාහන ආනයන රේගු බද්දට තවත් 50%ක අධිභාර බද්දක් ! | The Leader