දකුණේ නිවාස යෝජනා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සදහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා, ඉන්දියාවේ
ජාතික ආරක්‍ෂක උපදේශකගේ සහගෝගය ඉල්ලා තිබේ.
 
ඉන්දියානු රජයේ ආධාර යටතේ උතුරු නැගෙනහිර හා කන්ද උඩරට ප්‍රදේශවල නිවාස යෝජනා ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, එවන් නිවාස යෝජනා ව්‍යාපෘති දකුණු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට ද සහයෝගය ලබා දෙන ලෙස ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් ගෙන් ඉල්ලා සිටි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ.
 
 ඒ සඳහා ඉන්දියානු රජයේ සහයෝගය ලබා දෙන බව ශ්‍රී අජිත් දෝවාල් පැවසුවේයැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට නොවැම්බර් 27 සිකුරාදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.
 
fgdf b
 
ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක හා ශ්‍රී ලංකාවේ  අගමැති අතර හමුව විජේරාම නිල නිවසේදී පෙරේදා  පවත්වා තිබේ.
 
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලොව බොහොමයක් රටවල් මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයට කලාපයේ සෙසු රටවල්වලට ද මුහුණ දීමට සිදුව ඇති බව ප්‍රකාශ කළ ශ්‍රී අජිත් දෝවාල් , වසංගත තත්ත්වය යටතේ වුවත් කලාපයේ රටවල ආර්ථික, සමාජීය සංවර්ධනය ඉදිරියට පවත්වාගෙන යාමට සිදුව ඇති බව පෙන්වා දී තිබේ.
 
ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුලු මෙම කලාපයේ රටවලට ද විදේශ ශ්‍රමිකයන් නිසාවෙන් විශාල ආර්ථික ශක්තියක් ලැබුණ ද, වර්තමාන කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ඔවුන්ගේ රැකියා අහිමිවීමත්, සිය රටවලට ශ්‍රමිකයන් පැමිණීමත් නිසා සෑම රටකටම ලැබුණු විදේශ විනිමය අවම වී ඇති බව අජිත් දෝවාල් පෙන්වා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සදහන්ය.
 
"කෙසේ වුවද, කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව ප්‍රකාශ කළ හෙතෙම, මෙම කලාපයේ සෙසු රටවල් ද සමඟින් ආර්ථිකය නගා සිටුවීමේ හා සංවර්ධනය කරා ගමන් කිරීමේ ක්‍රමෝපායන් සොයා ගත යුතු බව ප්‍රකාශ කළේය."
 
ඒ සඳහා, කලාපයේ සෙසු රටවල් අතර සංවාදයක් ගොඩ නැඟීමට මෙන්ම, ආර්ථික අවපාතයට විසඳුම් සොයමින් ආර්ථිකය නගා සිටුවීමේ ක්‍රමෝපායන් සොයා ගැනීමට හා ක්‍රමෝපායන් සකස් කර ගැනීමේ කතිකාවක් නිර්මාණය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට මූලිකත්වය ගන්නා ලෙස ද ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල්  යෝජනා කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට පවසන්නේ.
 
ඒ සඳහා ඉන්දියානු රජයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව පැවසූ අජිත් දෝවාල්, කොවිඩ්-19 තත්ත්වය යටතේ වුවත් ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු කලාපයේ සෙසු රටවල සංවර්ධනය යළි ගොඩනැගිය යුතු බව ද ප්‍රකාශ කර තිබේ.
 
ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල්  මෙරටට පැමිණ සිටින්නේ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවැත්වීමට නියමිත ත්‍රෛපාර්ශ්වික සමුද්‍රීය සංවාදයක්  වෙනුවෙනි.
 
ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල්  මෙරටට පැමිණ සිටින්නේ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවැත්වීමට නියමිත ත්‍රෛපාර්ශ්වික සමුද්‍රීය සංවාදයක්  වෙනුවෙනි.
 
ඉන්දියාව සහ මාලදිවයින සමඟ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ 4 වන ජාතික ආරක්ෂක උපදේශක මට්ටමේ ත්‍රෛපාක්ෂික රැස්වීම නොවැම්බර් 28  සෙනසුරාදා ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
 
එයට එක්වීම සදහා  මාලදිවයින් ආරක්ෂක ඇමතිනී මාරියා දීඩි ද ඊයේ මෙරටට පැමිණ තිබුනි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්