කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහ භූමිදානය කිරීමට ශ්‍රී ලංකා රජය විසින් ඉඩ නොදීමට විරෝධය පළකරමින් ලන්ඩනයේ දී අද (12) දහවල් 12.00 සිට පස්වරු 4.00 දක්වා උද්ඝෝෂණයක්
 
සංවිධානය කර ඇත.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු වෙනත් රටවල්ද කොරෝනා සිරුරු භූමදානය කිරීම සදහා අවසර ලබා දී තිබියදී ලංකා රජය ඊට අවසර ලබා නොදීම මෙම උද්ඝෝෂණයට හේතු වී ඇත.
 
 

131389519 10158560262239818 965591303834348568 n

එම උද්ඝෝෂණය සම්බන්ධයෙන් 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ ඊයේ පස්වරුවේ මෙවැනි සටහනක් පළකර ඇත.
 

Uvindu K

''ලංකාවෙ කොරෝනා ආසාදිත මුස්ලිම් අයගෙ මෘත දේහ භූමිදානය කිරීමට ඉඩ නොදීමට විරුද්ධව උද්ඝෝෂණයක් ලන්ඩනයේ පැවැත්වෙනව. මටත් එතන ඇවිත් "සිංහලයෙක්" හැටියට කතාවක් දෙන්න කියල ආරාධනා කරල තියෙනව. 
 
ඒත් මට යන්න වෙන්නෙ නැහැ, ඒ මම දැන් උද්ඝෝෂණ වලට සහභාගිවෙන්නෙ නැති නිසා. මාධ්‍ය සම්බන්ධ ඒවට විතරයි මම යන්නෙ. 
 
ඒත් මේ උද්ඝෝෂණයට මගේ හෘදයාංගම සුභ පැතුම් එක්කරමි. 
 
මෙතන මතක් කරන්න ඕන දේ තමා, මුස්ලිම් කෙනෙක් මැරෙන කන් ලංකාවෙ තිබ්බ චක්‍ර ලේඛය තමා වලදාන්නත් පුච්චන්නත් දෙකම කරන්න පුලුවන් කියන එක. 
 
මුස්ලිම් කෙනෙක් මැරිච්ච දවසෙ රාත්‍රියේ කාටත් නොකිය, කිසිම මහජන සාකච්ඡාවක් නැතිව ඒ චක්‍ර ලේඛය පුච්චන්න විතරයි පුලුවන් කියල වෙනස් කරපු එක.
 
 ඒ කරල බේගල් ඇද බාන්න පටන් ගත්ත එක. 
 
දැන් වෙලා තියෙන්නෙ, වලදාන්න දෙන්නත් ඕනෙ, ඒත් ඒකට විරුද්ධව ඇදබාපු බේගල් ටික අකුල ගන්න බැරිවෙලා තියෙන එක.
 
''මෙතන මතක් කරන්න ඕන දේ තමා, මුස්ලිම් කෙනෙක් මැරෙන කන් ලංකාවෙ තිබ්බ චක්‍ර ලේඛය තමා වලදාන්නත් පුච්චන්නත් දෙකම කරන්න පුලුවන් කියන එක. මුස්ලිම් කෙනෙක් මැරිච්ච දවසෙ රාත්‍රියේ කාටත් නොකිය, කිසිම මහජන සාකච්ඡාවක් නැතිව ඒ චක්‍ර ලේඛය පුච්චන්න විතරයි පුලුවන් කියල වෙනස් කරපු එක''.
 
ඥාතීන් භාරනොගත් කොවිඩ් මෘතශරීර පුළුස්සා දමයි 
 
 
මේ අතර කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘතශරීරාගාරයේ තිබූ ඥාතීන් විසින් භාරනොගත් තවත් කොවිඩ් ආසාදිත මෘත ශරීර 9ක ආදාහන කටයුතු පෙරේදා (10) පස්වරුවේ සිදුකෙරුණි.
 
ඒ අනුව, මේ දක්වා කොළඹ ප්‍රදේශයේ ඥාතීන් විසින් භාරනොගත් කොවිඩ් ආසාදිත මෘතශරීර 15ක ආදාහන කටයුතු රජයේ වියදමින් සිදුකර තිබේ.
 
කොවිඩ් ආසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කළහැකිදැයි සොයා බැලීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පෙරේදා (10) පැවැත්වුණි.
 
එම දේහයන් භූමදානය සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජලමට්ටම ඉතා ගැඹුරු වියළි භූමියක් තෝරාගන්නා ලෙස අගමැතිවරයා මෙහිදී උපදෙස් ලබාදී තිබේ.
 
සෞඛ්‍යයට බලපාන කරුණු ගැන ජාතීන් හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව මෙහිදී පෙන්වා දී ඇති අගමැතිවරයා, සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු ජනවර්ගවල සහාය ලබාදෙන්නැයි පැමිණ සිටි මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි බව අගමැති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.
 
 
මාලදිවයින මුස්ලිම් මෘතදේහ භාර ගැනීමට එකඟ වුනාලු !
 Screen Shot 2020 12 12 at 12.32.40 PM
 
 
 
මේ අතර ආණ්ඩුවට පක්ෂපාති  emanisalk වාර්තා කර ඇත්තේ, කොරෝනා රෝගය නිසා මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ භූමදාන කිරීමේ ප්‍රශ්නයට විසඳුමක් ලැබී ඇති බවයි.
 
මෙ රට කොරෝනා ‍රෝගයෙන් මියයන තැනැත්තන්ගේ මෘතදේහ භූමදාන කිරීමට තම රජය සූදානම් බව මාලදිවයින් ආණ්ඩුව ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම්දීමත් සමඟ ප්‍රශ්නය නිරාකරණය වෙමින් ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
 
රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදුවූ අදහස් හුවමාරුවකින් පසුව මුස්ලිම් මෘතදේහ භූමදානයට මාලදිවයින කැමැත්ත පළකළ බව එම පුවත් වෙබ් අඩවිය වැඩිදුරටත් කියා සිටියි.
 
යුරෝපා සංගමය හා ජගත් මානව හිමිකම් කොමිසම ද මුස්ලිම් ජනයාගේ මරණ භූමදාන ගැටලුව ගැන රජයෙන් ප්‍රශ්න කර තිබිණි.
 
 
 
සබැඳි පුවත් :
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්