වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින ලංකා සතොස සහ සතොස ආයතනයන්හී සභාපතිවරයා ලෙස කටයුතු කළ තමා සතොස ආයතනයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව නුෂාඩ් පෙරේරා පවසයි.

කාර්යබහුලත්වය අධිකවීමෙන් තමා එම තීරණය ගත් බවද ලිපියක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත.
 
තමා ලක් සතොස සුපිරි වෙළෙඳසැල් ජාලය ක්‍රියාත්මක ආයතනයේ සභාපතිවරයා මෙන්ම සතොස (ලොරි සහ ගබඩාවන් (CWE)) ක්‍රියාත්මක ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ බව එම ලිපියේ සඳහන් වේ.
 
ඒ අනුව තමා සතොස (CWE) ආයතනයෙන් ඉල්ලා අස්වූයේ පසුගිය නොවැම්බර් මස බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
 
 WhatsApp Image 2020 12 26 at 12.25.03 PM

                           නුෂාඩ් පෙරේරා සතොස ආයතනයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය

 
 
WhatsApp Image 2020 12 26 at 11.58.48 AM
 
 
 
''තවමත් ලංකා සතොස සභාපති මම'' 
 
 
මේ අතර ඊයේ (25) වෙළඳ අමාත්‍යංශ ආරංචිමාර්ග වලින් වාර්තාවූයේ, සතොස ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා එම ධුරයෙන් ඉවත්කර ඇති බවය.
 
විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් මෙම ඉවත් කිරීම සිදුකර ඇති බවද එහිදී අනාවරණය වී තිබුණි.
 
ඒ අනුව සතොස සභාපති ධුරයේ වැඩබැලීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රාණි ජයවර්ධන පත්කර ඇති බවද වැඩිදුරටත් වාර්තා විය.
 
 නුෂාඩ් පෙරේරා සිය ලිපියෙන් කියා සිටින්නේ, තමා තවමත් දිවයිනපුරා අලෙවිහල් 416ක් පවත්වාගෙන යන ලක් සතොස සභාපති බවයි.
 
 නුෂාඩ් පෙරේරා සිය ලිපියෙන් කියා සිටින්නේ, තමා තවමත් දිවයිනපුරා අලෙවිහල් 416ක් පවත්වාගෙන යන ලක් සතොස සභාපති බවයි.
 
 
කෙසේවුවද වෙළඳ අමාත්‍යංශ ආරංචිමාර්ග පවසන්නේ 'ලක් සතොස' සභාපති ලෙස සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් ආනන්ද පීරිස් සඳුදා දිනයේදී පත්කිරීමට නියමිත බවයි.
 
සතොස ආයතනයේ සභාපති ලෙස බන්ධනාගාර මුලස්ථානයේ අතිරේක කොමසාරිස් ජෙනරාල්වරයා වශයෙන් කටයුතු කළ නීතිඥ වෙනුර ගුණවර්ධන පත්කිරීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන තීරණය කර ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි. ඒ ජනාධිපතිවරයාගේ උපදෙස් මතය. 
 
රජය බලාපොරොත්තු වූ ඉලක්ක කරා යෑමට සතොස අපොහොසත් වීම මෙසේ සභාපති ඉවත් කිරීමට හේතුව බව වෙළෙඳ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 
 
 

Bandula 2020.08.12

 

''ඔබ විශිෂ්ට වෘත්තිකයෙක්'' - වරුණි අමුණුගම ප්‍රනාන්දු 
 
 
මේ අතර 'අද දෙරණ' අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික වරුණි අමුණුගම ප්‍රනාන්දු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මෙසේ පවසයි.
 
''අපේ රට වෙනස් කිරීම සඳහා ඔබ වැනි විශිෂ්ට වෘත්තිකයෙකු කරන කාර්යභාරය ගැන ආඩම්බර වේ.
 
බොහෝ දෙනෙක් කිසිඳු ආරාධනාවකින් තොරව තම අදහස් ප්‍රකාශ කරමින් සිටින මොහොතක වෙනසක් ඇති කිරීම සදහා ජනාධිපතිවරයා සමග එකතු වී බලවත් උත්සාහයක යෙදෙන ඔබට ස්තුතියි.''
 
 
WhatsApp Image 2020 12 26 at 11.49.30 AM 
සබැඳි පුවත් 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්