ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට එල්ල වන චෝදනා ඔප්පු කර ගත හැකි ප්‍රබල සාක්ෂි

ජනාධිපතිවරයා විසින් ම ඉදිරිපත් කර ඇති බව බෞද්ධ සංවිධානයක් අනතුරු අඟවා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතම ලිපියක් යොමු කරමින් හෙළ බොදු සවිය සංවිධානය පෙන්වා දී ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරයකු  ඉලක්ක කරමින් ජනාධිපති වරයා විසින් කරන ලද තර්ජනාත්මක ප්‍රකාශය, ශ්‍රී ලංකාවේ  ත්‍රිවිධ හමුදාව හා සේනාධිනායකයා යුද අපරාධ සිදු කළ බවට එල්ල වන  චෝදනා ඔප්පු කර ගත හැකි  ප්‍රබල සාක්ෂියක් බවයි.
 
 පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රි වරයෙකු වු හරින් ප්‍රනාන්දු විසින් ජනාධිපතිගේ මුල් නම සඳහන් කරමින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයකට කෝපාන්විත ප්‍රතිචාරයක් දක්වමින් ජනාධිපතිවරයා, අම්පාරේ පැවති උත්සවයකදී පසුගියදා පවසා තිබුනේ ආරක්‍ෂක ලේකම් ලෙස තමන් කටයුතු කරන සමයේ  පිත්තල හන්දියේදී  බෝම්බ ප්‍රහාරයක් එල්ල කර එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක  ප්‍රභාකරන් වැඩ ඇරඹු පසු ඔහුට ප්‍රතිචාර දැක්වු ආකාරයට කටයුතු කිරීමේ හැකියාව තවදුරටත් තමන් සතු බවයි.
 
 "හැබැයි ඉතින් මමත් ඒක ඉවර කලේ අන්තිමට අර බල්ලෙක් වගේ හතරගාතෙන් දාලා නන්දිකඩාල් කලපුවේ උස්සාගෙන ආවා. ඒ තත්වයට ගේන්නත් පුළුවන්. ඉතින් ඕන දෙයකට සුදානම්, පුළුවන් චරිතයක්"
 
 එවැනි ආකාරයෙන් දේශපාලනඥයන් වෙනුවෙන්ද කටයුතු කළ හැකි බවට  ගෝඨාභය රාජපක්ෂ  කළ ප්‍රකාශය රටේ ජනාධිපති වරයා වශයෙන් “නැති ප්‍රශ්න කැඳවා ගැනීමක්” බවයි හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංස හිමියන් පවසන්නේ.
 

 
 
අයි.ටී දන්නා ජනාධිපති:
 
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය විදේශීය භාෂාවන්ට පරිවර්තනය වූවහොත් ඇතිවිය හැකි අනතුර ද බුදුගල ජිනවංස හිමියන්  පෙන්වා දී තිබේ.
 
 "මෙම ප්‍රකාශය මානව හිමිකම් කොමිෂමට අප රටේ ත්‍රිවිධ හමුදාව හා සේනාධිනායකයා යුද අපරාධ සිදු කලා යයි කියන චෝදනාවට ප්‍රබල සාක්ෂියකි. අපේ ජනාධිපති තුමා අයි.ටි තාක්ෂණය හදාරපු කෙනෙකි. මෙවැනි දේ අද ඕනෑම භාෂාවකට පරිවර්ථනය කළ හැකි බව දනියි. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසට ජනාධිපති තුමා කළ කතාව ඉදිරිපත් කළ හොත් නැති ප්‍රශ්න කැදවා ගැනීමකි. දෙමළ ඩයස්පොරාවට තවත් වස්තු බිජයක් වන්නා සේම එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් යුද අපරාධ කළා යැයි ත්‍රිවිධ හමුදාවට එල්ල කළ චෝදනාව ඔප්පු කරගත හැකි සාක්ෂියකි."
 
දුර දක්නා නුවනක් ඇති කිසිදු පාලකයකු විසින් එවැනි ප්‍රකාශ  නොකළ යුතු බව පෙන්වා දෙන හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති හිමියන් ජනාධිපතිවරයාට අනුසාසනා කර ඇත්තේ ඔහුට උපදෙස් දෙන හා උත්සවලට කතා ලියා දෙන, උපදේශකයන් වහාම ඉවත් කර, ඊට සුදුසු පුද්ගලයන්  පත් කර ගන්නා ලෙසයි.
 
 නොඑසේනම් 69 නව ලක්ෂයක් ජන්දය දුන් ජනතාව තව දුරටත් අපහසු තාවයට පත් වීමේ අනතුර බුදුගල  ජිනවංස හිමියන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.
 
 
හරීන්ගෙන් පොලිස්පතිට පැමිණිළි
 
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ  විසින් තමනට මරණ තර්ජන එල්ල කර ඇති බැවින් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස  ඉල්ලා  සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු  මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පොලිස්පතිවරයාට පැමිනිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.
 
 "ඔහු තම රාජකාරියේ දිගටම අසමත් වන තාක් කල්, මගේ ජීවිතයට කුමන අවදානමක් තිබුණත්, ඔහු අකමැති වුවත් සත්‍ය නොකඩවා පැවසීමෙන් මම මගේ යුතුකම හා වගකීම ඉටු කරමි. එබැවින් මම මේ කාරණය ඔබගේ හදිසි අවධානයට යොමු කළ යුතුය. ආරක්ෂක අංශවල සේනාධිනායකයා සහ ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද තර්ජනයේ බරපතල ස්වභාවය සැලකිල්ලට ගෙන, ඔහු මට හානියක් කිරීමට හැකියාවක් ඇති බව ඇඟවූ විට ඔහු ගැන තවදුරටත් සැක කිරීමට මට හේතුවක් නැත.එය නිෂ්චිතය! මම ඔහුගේ මුල් නම සඳහන් කළ පමණින් ජනාධිපතිවරයා මෙතරම් කලබලයට පත්වීම ගැන විමතියට පත් වෙමි."
 
 මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්වී හරියටම වසර 12 කට පසු ජනාධිපතිවරයා තමා වෙත තර්ජනය කිරීම සම්බන්දයෙන් විමතිය දනවන මන්ත්‍රීවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබනේ සිය ජීවිතයට එල්ල වී ඇති මෙම බරපතල තර්ජනයට එරෙහිව ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙසයි.
 
 "සමගි ජන බලවේගයට සහාය දුන් මිලියන 2.8 ක ඡන්දදායකයන් වෙනුවෙන් නිදහසේ කථා කිරීමට (භාෂණයට) මට ඇති අයිතිය රැකදෙන ලෙසත් මම කාරුණිකව ඉල්ලා සිටිමි."
 
 
හරීන්ගේ ජීවිතයේ වගකීම:
 
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකළ ප්‍රකාශය තරයේ හෙළාදකින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා තිබුනේ මහජන නියෝජිතයකු වශයෙන් හරීන් ප්‍රනාන්දු  පාර්ලිමේන්තුව තුළදී කළ කතාවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තර්ජනාත්මකව සිදු කළ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක් බවයි.
 
 සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයකු සහ සහෝදර මන්ත්‍රීවරයකු වන හරීන් ප්‍රනාන්දු ට එල්ල වී ඇති ජීවිත තර්ජනය හමුවේ ඔහුගේ  ආරක්ෂාව වෙනුවෙන් තමන් සහ පක්ෂය සම්පූර්ණයෙන්ම කැපවන අතර මන්ත්‍රීවරයාට  "අබමල් රේණුවක පමණින්" හෝ හානියක් සිදුවුවහොත් එහි වගකීම ජනාධිපතිවරයා සහ රජය බාරගත යුතු බවත් විපක්ෂ නායකයා අවධාරණය කර තිබුනි.
 
ඔහු ඒ බව පවසා තිබුනේ ජනවාරි 10 ඉරිදා පෙරවරුවේ පැවති සමගි ජන බලවේගයේ පාක්ෂිකයන්ගේ හමුවක් අමතමිනි.
 

 
අනුරගෙනුත් ප්‍රතිචාර
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමනට චරිත දෙකක් ඇති බවට පැවසීමෙන් පෙනී යන්නේ  ඔහු දෙබිඩ්ඩෙක් බව යැයි ජනතා විමුක්ති පෙරමුණේ  නායක අනුර දිසානායක ගම්පහ දී පැවති රැස්වීමක් අමතමින් සදහන් කර තිබුනි.
 
 "මම නන්දසේන ගෝඨාභය තමයි. ඒක හොඳ නමක්. හැබැයි ඉතින් නන්දසේන ගෝඨාභයගේ මෙම චරිත දෙක ම තිබෙනවා." ජනාධිපතිවරයා පවසා තිබුනි.
 
 ජනාධිපතිවරයා මේ තරම් කිපී ඇත්තේ ඔහුගේ සම්පූර්ණ නම කීමෙන් නිසා බව පෙන්වා දෙන ජවිපෙ මන්ත්‍රීවරයා එහිදී පවසා තිබුනේ, සමාජය බිය වද්දමින් සිදු කරන චන්ඩි දේශපාලනය තවදුරටත් ලංකාවේ දේශපාලනයට වලංගු නැතැයි ජනාධිපතිවරයාට මතක් කරන බවයි.
 

 
 
සබැඳි පුවත් :
 
 
 
 

 


 

The Leader TV පුවත් විශේෂාංගය 
 
 
 අද මෙතන - හෙට අතන - හිමි රතන - ආණ්ඩුවට!
 
 
 
 
ගජ මිතුරාගේ ණය පියවන්න සිගරට් මිල වැඩිකිරීමේ සුදානමක් ? (වීඩියෝ)  
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්