leader s

නැගෙනහිර පළාතේ මාධ්‍යවේදීන්ට එරෙහිව උසාවිය යොදාගනිමින් තහංචි පැනවීම පොලිසිය විසින් තවත් උත්සන්න කර තිබේ.
 
 
අම්පාරේ සිට යාපනය දක්වා දෙමළ ජනයා විසින් සුදානම් කර තිබෙන සාමකාමී පාගමනකට එරෙහිව අධිකරණය දෙකක් විසින් පනවනු ලැබූ දෙවැනි  තහනම් නියෝගයක් ද නැගෙනහිර පළාතේ දෙමළ මාධ්‍යවේදියකුට බාර දීමට පොලීසිය උත්සාහ කර ඇත.
 
කොක්කඩිචෝලේ අධිකරණය විසින් නිකුත් කළ නියෝගය භාර දීම සදහා පෙබරවාරි 2 අගහරුවාදා සිය නිවස ඉදිරිපිටට පැමිණි පොලිස් නිලධාරීන් ආපසු හරවා යැවීමට මාධ්‍යවේදී පුණ්‍යමුර්ති ශෂිකරන් කටයුතු කර තිබුනේ තමන් ධීවර සංවිධාන නියෝජිතයකු ලෙස එම නියෝගයෙන් දක්වා තිබීම පෙන්වා දෙමිනි.
 
Media East
“මම මාධ්‍යවේදියෙක්. සටහන් කරලා දෙන්න මේ සිද්ධිය ගැන නිව්ස් එකක් ගන්න මට තහනම් කියලා,” යි ඔහු පොලිස් නිලධාරීන් හා පවසනු වීඩියෝ ගතවී තිබේ.
 
එසේ ලියා දෙන නියෝගයක් භාර ගැනීමට තමන් සුදානම් බව මාධ්‍යවේදියා කියා සිටියේ සිය වෘත්තිය අනන්‍යතාව තහවුරු කරමින් ආණ්ඩුවෙන් නිකුත් කර ඇති හැඳුනුම් පතද පොලිස් නිලධාරීන්ට පෙන්වා සිටිමිනි.
 
ඔහු හැරුනුකොට නැගෙනහිර මාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සෙල්වකුමාර් නිලාංදන් සහ බැටී නිව්ස් ප්‍රවෘත්ති ජාලයේ ප්‍රධානී ආර් සයනොලිපවන්ට එරෙහිවද පොලිසිය අධිකරණ නියෝග ලබාගෙන තිබුණි.
 
 
පොලිසිය විසින් මාධ්‍යවේදීන්ට අමතරව කතෝලික රදගුරුවරුන්, ක්‍රිස්තියානි පුජකවරුන්, අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ගේ සංගම් නායිකාවන්, දෙමළ විරුද්ධ පාක්ෂ මන්ත්‍රීවරුන්,  බහුජන ක්‍රියාධරයන්, ප්‍රජා නායකයන්, වෘත්තීය සමිති හා වෙළෙඳ සංගම් නායකයන් ඇතුළු තිහකට වැඩි පිරිසකට එරෙහිව උසාවි නියෝග ලබාගෙන තිබේ.
 
කලුවන්චිකුඩි අධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගයක් පොලිසිය විසින් පෙබරවාරි 1 සඳුදාත් මාධ්‍යවේදී පුණ්‍යමුර්ති ශෂිකරන් ට භාර දී තිබුනි.
 
අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් විසින් නැගෙනහිර සිට උතුර දක්වා සංවිධානය කර තිබූ පාද යාත්‍රාව වාර්තා කරන්නට සූදානම් වී සිටි මාධ්‍යවේදීන්ට තහංචි පැනවීම මාධ්‍ය නිදහස අහුරා ලන්නට ගන්නා ලද තවත් උත්සාහයක් බවට පළාත් බද මාධ්‍යවේදිහු බිය පළකරති.
 
දෙමළ ජනතාව විසින් සංවිධානය කරන ලද කළු පටි විරෝධයට සමගාමීව අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් නගරයෙන් පෙබරවාරි 3 දා ආරම්භ වීමට නියමිත තුන් දින පාද යාත්‍රාව යාපනය දිස්ත්‍රික්කයේ පොලිකන්ඩියෙන් නිම කරන්නට සංවිධායකයන් කටයුතු යොදා තිබුණි.
 
 
 
 
සබැඳි පුවත් :
 
 
 

 
නැගෙනහිර ජැටිය විකුනන්න ගිය හතර දෙනාගේ කල්ලිය  
 
 
 
 
ගෝඨා මලයා නෝන්ඩි කරමින් මහින්ද අයියා ගහපු ගේම...
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්