පසුගිය කාලයේ අවිධිමත් ආකාරයට ප්‍රකාශයට පත්කළ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ භාණ්ඩ සඳහා වූ ගැසට් නිවේදන සියල්ල අවිධිමත් ආකාරයට ම අහෝසි කිරීමට රජය කටයුතු කර ඇත.

ඒ අනුව, 
 
 
 
# සීනි තොග සහ උපරිම මිළ ගැසට් නිවේදනයත් අහෝසියි.
 
# සහල් සඳහා ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන පහම අහෝසියි.
 
#  2020 වර්ශයේ මුල සිටම ආහාර ද්‍රව්‍යවල මිළ පාලනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් සියල්ල අහෝසියි.
 
 
ඒ අනුව 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පණත යටතේ උපරිම මිළ සහ තොග මිළ පාලනයට නතු කරමින් නිකුත් කර තිබූ සියලුම ගැසට් නිවේදන 2021 පෙබරවාරි මස 08 දිනැති අංක 2214/16 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මඟින් අවලංගු කර ඇත.
 
WhatsApp Image 2021 02 10 at 6.13.03 PM
 
මේ  අනුව වියලි මිරිස් (කුඩු නොකළ හෝ නොඇඹරූ ) සහ අර්තාපල් (ආනයන) සඳහා වූ ගැසට් පත්‍රයද, ගැසට් අංක 66 හි සඳහන් වූ කීරි සම්බා යන අයිතමයන්ගේ උපරිම සිල්ලර මිළ නැතහොත් මිළ පාලනයන්ද  ඉවත් කළ බව ප්‍රකාශයට පත් කර ඇත.
 
තවද මෙතෙක් ප්‍රකාශයට පත් නොවුණත් සීනි උපරිම සහ තොග මිළ පාලනය ද ඉවත් කර ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාරයේ සභාපති රංජිත් විතානගේ මාධ්‍යයට පවසා සිටියේ නිසි ක්‍රමවේදයක් නොමැතිව 2020 ඔක්තෝබර් මස 13 දින ප්‍රකාශයට පත් කරන ලද සීනි සඳහා වූ උපරිම මිළ ගැසට් නිවේදනය ද අවලංගු කර ඇති බවයි.
 
 
 
මිල පාලනය සදහා වූ ගැසට් නිවේදන සියල්ල අවලංගු කරන බව සනාථ කරමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ දිනයේදී මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ, " තම අමාත්‍යංශය භාණ්ඩ 27ක මිළ අඩුකළේ පාලන මිලට අදාළ ගැසට් නිවේදන අහෝසි කිරීමේ තීරණය මත බවයි"
 
 
 
භාණ්ඩ වර්ග 27 ක් අවම මිළක් යටතේ ඉදිරි මාස තුනක කාලයක් සඳහා මිලදී ගැනීමට සතොස ආයතනය  ආනයනය කරුවන් සමඟ ගිවිසුම් ගතවීම මේ වනවිටත් වෙළඳපොල ක්ෂේත්‍රයේ මහත් විවාදයට භාජනය වී ඇත.
 
 භාණ්ඩ 27 ට අයත්වන සීනි, සහල්, පරිප්පු වැනි භාණ්ඩ සඳහා මීට ප්‍රථම ගැසට් කරන ලද මිළ ගණන්වලට  වඩා වැඩි මිළක් ගෙවන බවට බොහෝ සංවිධාන පැමිණිලි කර තිබේ.
 
 
 
 
කෙසේ වුව ද අවසානයේ වෙළඳ ප්‍රජාව රජය විසින් ලබා දුන් තීරුබදු සහනයන්ගෙන් උපරිමය ලබා ගෙන ඇති අතර ඔවුන්ට බාධාවකින් තොරව ලාභ සහිතව භාණ්ඩ නිදහසේ අලෙවි කිරීමට දැන් අවකාශ සැලසී තිබේ.
 
 
සතොස,Q ෂොප් සහ සමුපකාර සමිති  හරහා භාණ්ඩ 27 ක් සඳහා ඉදිරි මාස 3 තුල  ස්ථාවර මිළක් නියම කර තිබුණත් 80% ක් වන සාමාන්‍ය ජනතාව භාණ්ඩ මිළදී ගන්නා තොග, සිල්ලර සහ සුපිරි වෙළඳසැල්  සඳහා මෙම මිළ තීරණය වලංගු නොවේ.
 
මේ අතර දිගින් දිගටම පාඩු ලැබූ සතොස ආයතනයට කාරක පිරිවැය නැතහොත් භාණ්ඩ මිළදී ගැනීම සඳහා රජය විසින්  රුපියල් බිලියන 2.2 ක මුදලක් ලබා දී ඇත. 
 
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ සතොස ආයතනය සීනි මෙට්‍රින් ටොන් 15000 ක් විවෘත වෙළඳපළෙන් මිළදී ගත් බව පිටකොටුව සීනි ආනයනිකයින් ප්‍රකාශ කරති.
 
මෙම ගිවිසගත් මිළ ගණන් යටතේ උපරිම මිළක් තීරණය කර ඇති භාණ්ඩ බෙදාහැරීම පිළිබඳ පාරිභෝගික අයිතීන් පිළිබඳ සංවිධාන නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටින බව ද ප්‍රකාශ කර ඇත.
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව?
 

 
 
උතුරේ තරුණයන්ගේ වකුගඩු විකුනන දොස්තරගේ රංගන
 

 

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්