වත්මන් ආණ්ඩුව කොළඹ වරාය නගරය වෙනුවෙන් රටේ නීතිය බරපත ලෙස නොසලකා හරිමින්
සියලු ආගම්වලට පහර ගැසීමක් සිදු කරන බවට බෞද්ධ සංවිධානයක් චෝදනා කරයි.
 
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිපියක් බාර දෙමින් අප්‍රේල් 19 සදුදා ජාතික විද්වත් සංඝ සභාව අවධාරණය කර ඇත්තේ, වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතේ වගන්ති තුනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම වන  ව්‍යවස්ථාවට පටහැනි බවයි.
 
 ghhd ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති ඕමල්පේ සෝභිත හිමි 
 
 
ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති ඕමල්පේ සෝභිත ස්ථවිරයන් සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ 2021 අප්‍රේල් අට  වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොළඹ වරාය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතහි 52,53 සහ 73 වගන්ති 1978 අණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ නම වන ව්‍යවස්ථාවට පටහැනි අතර විශේෂයෙන් 1815යේ උඩරට ගිවිසුමේ  පස්වන වගන්තියත් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  හය වන ව්‍යවස්ථා මගින් ඇති කළ සංස්කෘතිය, අනන්‍යතාවය, ආරක්ෂාව, ජනතාවගේ ආගමික නිදහස, තිරිසාර සංවර්ධනය අහිමි කරවන බවයි.
 
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතේ ඉහතින් දක්වන ලද වගන්ති තුන මගින් බුද්ධාගම සහ බුද්ධ ශාසනය මගින් ශ්‍රි ලංකාවේ ජනතාව ආරක්ෂා කර ඇති ධාර්මික හා තිරසාර සංවර්ධන සහ සභ්‍යත්ව දිවි පැවැත්ම බිඳ දමා පංචශීල ප්‍රතිපත්තියෙන් බැහැර වු සමාජ ක්‍රමයක් ඇති කෙරෙන අතර එයට අවස්ථාව සැළස්වීම නොකළ යුතු බවයි ජාතික විද්වත් සංඝ සභාව පවසන්නේ.
 
"කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම් පතේ 52,53 සහ73 වගන්ති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව මගින් දක්වා ඇති බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි වන බවත්, සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරිමේ රජයේ වගකිම අහිමි කරවයි."
 
 
 
බුද්ධාගමට ප්‍රමුඛත්වය පිරිනැමීම උල්ලංඝනය වෙලා !
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම වන ව්‍යවස්ථාවේ දක්වා ඇති බුද්ධාගමට ප්‍රමුඛත්වය පිරිනැමීම ඉහත පනත මගින් උල්ලංඝනය කරන හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව අනුව එකී විධිවිධාන එනම් පනත් කෙටුම්පතේ ඉහත සදහන් වගන්ති තුන  නීතියක් වන්නේ ජනමත විචාරණයකින් ජනතාව අනුමත කිරීමෙන් පසුව බවත් ඕමල්පේ සෝභිත හිමියන් සදහන් කරයි.
 
"එක රටක්- නීති දෙකක්" යන්න වරාය නගර පනතේ තේමාව බවට චෝදනා කරන ජාතික විද්වත් සංඝ සභාව තව දුරටත් පෙන්වා දෙන්නේ,  රටේ එක් කොටසකට සුරාබදු, ඔට්ටු ඇල්ලීම, කැසිනෝ සඳහා නීතියක් ඇති අතර රටේ තවත් පැත්තක එනම් වරාය නගරයේ ඒ සඳහා නීතියක් නොමැති බවයි.
 
රටේ එක් කොටසක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම වන ව්‍යවස්ථාවේ බලපෑම ඇති අතර, වරාය නගර කොටසේ ඒ බලපෑම නැති බව එමගින් පැහැදිලි වන්නේයැයි ජාතික විද්වත් සංඝ සභාව වැඩි දුරටත් අවධාරණය කරයි.
 
"මෙය 9 වන ව්‍යවස්ථාවේ බලපෑම එකී වරාය නගර කළාපයට අහිමි කිරීමකි."
 
සුරා බදු (විශේෂ විධි විධාන) පනත, රේගු ආරක්‍ෂණ පනත, ඔට්ටු ඇල්ලීම හා සූදු බදු පනත, විනෝද බදු පනත, විදේශ විනිමය පනත, කැසිනෝ ව්‍යාපාර නියාමන පනත, වැනි පනත් වරාය නගරය තුළ ක්‍රියාත්මක කිරීමෙන් නිදහස් කිරීම යනු ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතියට පමණක් නොව සියලු ආගම්වලට පහර ගැසීමක් වන අතර ආගමික හර පද්ධතිය බිඳ දැමීමක් බවත් ජාතික විද්වත් සංඝ සභාව වැඩි දුරටත් අවධාරණය කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර කොළඹ වරාය නගරය ආර්ථික කොම්සන් සභාව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනිමේ දි 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් ක්‍රියා කිරිමට කටයුතු කරන ලෙස ජාතික විද්වත් සංඝ සභාව නීතිපති දෙපාර්තමේන්තුව වෙතත් පිටපත් යොමු කරමින් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වෙත බාර දුන් ලිපියේ වැඩි දුරටත් සදහන් කර තිබේ.
 
කොළඹ වරාය නගරය වෙනුවෙන් වත්මන් ආණ්ඩුව රටේ නීතිය බරපත ලෙස නොසලකා හරින බවට ජනපති සහ අගමැති රාජපක්ෂ සොහොයුරන් වෙත ලිපියක් යොමු කරමින් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය මීට ඉහතදී සිය විරෝධය පළ කර තිබුනි.
 
  
වරාය නගර පනතට එරෙහිව පෙරටුගාමීන් විරෝධතාවයක:
 
මේ අතර ගෝලීය ප්‍රාග්ධනයට, අධිරාජ්‍යවාදී බලපොරයට ජනතාව බිලිදෙන වරාය නගර කොමිෂන් පනත පරදවමු යන මැයෙන්  අලුත්කඩේ අධිකරණය ඉදිරිපිටදී අද (19) උදෑසන පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් විරෝධතාවක් දියත් කර තිබුනි.

 

port city protest 6

port city protest 1

port city protest 2

port city protest 3

port city protest 4

port city protest 5

 

සබැඳි පුවත් :
 
 
 
 
 
 
 

 


 

THE LEADER TV 
 
 
 

අලුත් අවුරුද්දේ වඳුරු කතාව

 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්