leader s

කොළඹ 'පෝට් සිටි' ආර්ථික කොමිසමෙහි ව්‍යූහය, බලතල හා කාර්ය පටිපාටිය දෙස බලන කල එය සමාන වන්නේ ෆෙඩරල් පන්නයේ පාලන ව්‍යුහයකට බව ජ්‍යෙෂ්ඨ නිතීඥ ශිරාල් ලක්තිලක අද (20) දින ශ්‍රේෂ්ඨාධිකරනය
ඉදිරියේ කරුනු දක්වමින් අවධාරණය කර සිටියේය.
 
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ පෙත්සම් සලකා බැලීම අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ දෙවැනි දිනටත් අද (20) ආරම්භ විය.
 
අගවිනිසුරු ජයන්ත ජයසුරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මෘර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලේ .
 
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව 19 ක් ගොනුකර තිබූ මෙම පෙත්සම් සලකා බැලීම ඊයේ ඇරඹිණ.
 
 
 
ඒකීය රාජ්‍යක් බවට ඇති අනුලංඝනීය පිලිගැනීම උල්ංඝනයවීමක් 
 
43 වන සේනාංකයේ බන්දුල චන්ද්‍රසේකර විසින් ගොනුකර තිබු පෙත්සම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශිරාල් ලක්තිලක ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ සිය මතය තවදුරටත් පැහැදිලි කරමින් මෙසේ සඳහන් කළේය.
 
''ජාත්‍යන්තර උදාහරනයක් මගින් කියන්නේ නම් එය සමානවන්නේ අමරිකා එක්සත් ජනපදය හා පෝටෝරිකෝව අතර පවතින ෆෙඩරසි පන්නයේ නෛතික ව්‍යූහයකටය. ඒ අනුව මෙම කොමිසමේ පැවැත්ම මගින් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යක් බවට ඇති අනුලංඝනීය පිලිගැනීම උල්ංඝනය කරයි. 
 
එසේම පාර්ලිමේන්තුව සතුව නීති සැදීම සඳහා වන උත්තරීතර බලය පහැර ගෙන තිබේ. 
 
තවද අපගේ ව්‍යවස්ථාවේ සඳහන් කරන අපේ පාලන ක්‍රමය නිදහස් ස්වාධින, ස්වෛරී සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බවට ඇති පිලිගැනීම පරාජය කොට තිබේ. 
 
ලෝකයේ මෙන්ම අප රටේ ද විදේශ ආයෝජන ආරක්ෂා කරගැනීම සඳහා නෛතික ව්‍යුහයන් අතීතයේ හඳුන්වා දී තිබුනද මෙවැනි බලතල සහිත ව්‍යුහයක් හඳුන්වාදීම පිලිබඳව කිසිදු පුර්වාදර්ශයක් අපට සොයාගත නොහැකිවන්නේය. 
 
 
 
මෙමගින් යෝජනා කරන්නේ මංකොල්ලකාරී හොර ධනවතුන් කන්ඩායමකට සදාචාර විරෝධීව හා කිසිදු නීතියේ පාලනයකට, පාර්ලිමේන්තුවේ පාලනයකට හෝ විගනකාධිපතිවරයාගේ පාලනයෙන් තොරව කිසිදු නෛතික වගකීමකින් හෝ පෙරලා බදු ගෙවීමෙන් තොරව ලාබ ලබාගෙන එම ලාබය තමන්ගේ පුද්ගලික ගිනුමකට බැර කරගැනීමටය. රටටද පුරවැසින්ටද මෙමගින් අත්වන වාසිය සොච්චමකි. 
 
එම නිසා ආරම්භයේදී ඉදිරිපත් කල තාක්ෂනික පදනම් මත මෙම කෙටුම් පත සාකච්ඡාවට නොගෙනම අධිකරනය විසින් මුලසිටම ශුන්‍ය කෙටුම්පතක් ලෙස සලකා ප්‍රතික්ෂේප කලයුතුව තිබේ. 
 
 එසේ නොමැති නම් ජනමතවිචාරනයකින් රටේ ජනතාවගේ අනුමැතිය ලබා ගැනීමට යොමුකල යුතුය.''
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 

 
 
THE LEADER TV 
 
 
 

අලුත් අවුරුද්දේ වඳුරු කතාව

 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්