මෙරට LP ගෑස් අලෙවිකරණයේ යෙදෙන ලාෆ් සමාගමද කිලෝග්‍රෑම්වලින් සිලින්ඩරයේ බර දක්වනවා වෙනුවට
ලීටර් මගින් ප්‍රමානය දක්වන ලීටර් 18 ගෑස් සිලින්ඩරයක් ලබන අඟහරුවාදා (27)  දිනයේ වෙළඳපොළට හඳුන්වා දීමට යයි.
 
මෙරට LP ගෑස් වෙළඳපොලේ වැඩිම අලෙවියක් පවත්වාගෙන යන ලිට්රෝ ගෑස් සමාගම විසින් පසුගියදා ලීටර 18 කින් සමන්විත ලිට්රෝ නව ප්‍රීමියම් හයිබ්‍රිඞ් සිලින්ඩරය වෙළඳපොළට නිකුත්කිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබියදී ලාෆ් සමාගමද එවන් සිලින්ඩරයක් හඳුන්වා දී තිබීම විශේෂත්වයකි.
 
කෙසේවුවද පාරිභෝගික සේවා අධිකාරිය ද සදහන් කරන්නේ මෙම නව ගෑස් සිලින්ඩරය පාරිභෝගික අධිකාරී පනතට අනුකූල නොවන බවත් ඒවා වෙලදපලෙන් ඉවත් කර ගන්නැයි දැනුම් දුන් බවත්ය.
 
 
 
ලිට්රෝ මිලට අඩු නොකලොත් අපි කපෝති !- ලාෆ් ගෑස් සමාගම කියයි 
 
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලාෆ් ගෑස් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, ජාතික LPG සැපයුම්කරු ලෙස වසර 150කට වැඩි උරුමයක් සතු ලිට්රෝ ගෑස් ලංකා සමාගම, මේවනවිටත් මෙරට 73% කට වැඩි වෙළඳපොළ කොටසක් හිමි කර සිටින බවත්, එම සමාගම නව සිලින්ඩරයක් හඳුන්වා දෙමින් මිළ රුපියල් 100කින් අඩුකර ඇති තත්ත්වයක් තුළ තම සමාගමටද එසේ මිල අඩු කිරීමක් සිදුකිරීමට අනිවාර්යයෙන්ම සිදුවන බවත්, එසේ නොකළහොත් ලාෆ් ගෑස් වෙළඳපොලෙන් සදහටම අතුගෑවීයාමේ අවධානමක් පවතින බවත් ය. 
 
රුපියල් 1493කට අලෙවිකල ලිට්රෝ ගෑස් 12.5 Kg සිලින්ඩරයක්, ලීටර් 18 'ලිට්රෝ ප්‍රීමියම් හයිබ්‍රිඞ්' සිලින්ඩරයක් ලෙස මේවනවිට වෙළඳපොළට හඳුන්වා දී ඇත්තේ රුපියල් 1,395 ක මිලකටය. 
 
ඒ අනුව, ලාෆ් සමාගමද තම LP ගෑස් ලීටර් 18 ක සිලින්ඩරයක් රුපියල් 1,395 ක මිලකට අලෙවි කිරීමට තීරණය කර තිබේ.
 
 Gas 2021.04.17
 
 
ගෑස් බර අඩුකිරීම ගැන විවේචන !
 
මාධ්‍ය වාර්තාවලට අනුව, ලිට්‍රෝ ගෑස් සමාගම විසින්  කිලෝ ග්‍රෑම් 12.5ක් තිබිය යුතු ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නියමිත බර ලීටර් 18ක් ලෙස සටහන් කර ඇති අතර එය කිලෝ ප්‍රමාණය ගත් විට කිලෝ ග්‍රෑම් 9.18 දක්වා අඩු කිරීමකි.
 
මේවන විට බස්නාහිර පළාත තුළ 12.5kgක ගෑස් සිලින්ඩරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 1493/= ක් වන අතර ඒ අනුව ගෑස් කිලෝ එකක මිල රුපියල් 119.44කි.
 
ලිට්රෝ සමාගම නවතම ක්‍රමවේදය අනුව ලීටර 18ක ගෑස් සිලින්ඩරයක මිල වන්නේ රුපියල් 1395/= කි. ( කිලෝ 9.18 කි ) ඒ අනුව ගෑස් කිලෝ එකක මිල වන්නේ 151.96කි.
 
ඒ අනුව ඉතාමක් සූක්ෂම ලෙස ජනතාවට වංචා කරමින් ගෑස් කිලෝ එකකින් රුපියල් 32ක් පාරිභෝගිකයාට සිදු කරනු ලබන බවටත් ගෑස් සිලින්ඩරයකින් පාරිභෝගිකයාගෙන් ගසා කන මුදල රුපියල් 406.50 ක් බවත් සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
 
දැනට තිබෙන සිලින්ටර් 12.5 කිලෝ ධාරිතාවය සහ මේ ලීටර් 18 ධාරිතාවය වෙනස ගණන් බැලුවහොත් මිල වැඩි වීම හඳුනා ගත හැකි බවත්, භාණ්ඩ මිල වැඩි වීම සම්බන්ධයෙන් ජනතාවගෙන් නැගීඑන විරෝධතාවයට විකල්පයක් ලෙස මේ උප්පරවැට්ටිය හඳුන්වා දී ඇති බවත් සමාජ මාධ්‍යවලින් විවේචන එල්ලවෙමින් තිබේ.
 
ගෑස් සමාගම් මෙරට පාරිභෝගිකයින් ගොනාට අන්දවමින් හා වලංගු නීති උල්ලංඝණය කරමින් කටයුතු කරනු ලබන් බව එවැනි විවේචන වල සඳහන් වේ.
 
 ghdfdf
·
“ගෑස් අඩුකරනව“ කිව්ව මිසක් “ගෑස් සිලින්ඩරේක මිල අඩුකරනව“ කියලා කවුරුත් කිව්වද?
 
 

 
 
"සිලින්ඩරේ ගෑස් අඩු කරල ගෑස් මිළ වැඩි කරලා.
ආණ්ඩුව කියනවා අපි දන්නෙ නැහැ කියල"
ආණ්ඩුව හිතනවා ඇති මේ රටේ ඉන්නේ බත් කන හරක් කියල.
රාජ්‍ය පාලනයට ⁣හොරුන් පත් කරගෙන හොරුන්ට යටත්ව ජීවත් වන අමන ජනතාවක් ඉන්න අවාසනාවන්ත රටක් මේක. 
රටේ සිංහල දෙමල මුස්ලිම් සබුද්ධික ජනතාව මෙය වෙනස් කිරීමට පෙරමුණ ගත යුතුයි.
 
 
ජනතාව දැනුවත් නොකිරීම බලවත් වරදක් 
 
මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී අදාල ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු පැවසුයේ, ලෝක වෙළඳපොලේ දවසින් දවස LP ගෑස් මිළ ඉහලයන තත්වයක් තුළ යන්තමින් හෝ පාඩුව පියවාගැනීමට මෙවැනි අතරමැදි පියවරක් හෝ නොගතහොත මෙරට ගෑස් සමාගම් දෙකම වැසීයාම නියතයක් බවයි.  රජය විසින් මේ ගැන ජනතාව දැනුවත් නොකිරීම බලවත් වරදක් බව ඔහු කියා සිටියේය. 
 
 ''ඔව් ඇත්තටම අලුත් සිලින්ඩරවල බර අඩුකරලා තියන එක ඇත්ත. දැනටමත් එක සිලින්ඩරයක් වෙනුවෙන් ගෑස් සමාගම් දෙකම රුපියල් 748 කට පාඩුවක් ලබනවා. අලුත් සිලින්ඩරය හඳුන්වාදීම නිසා රුපියල් 220 කින් විතර පාඩුව අඩුකරගන්න පුළුවන්. එහෙම කලත් එක සිලින්ඩරයකින් රුපියල් 500 ක ආලභයක් තියනවා. එත් පාරිභෝගිකයාට ලාභයි.  
 
'' අද මේ රටේ ගෑස් සමාගම් දුවන්නේ පාඩු පිට. මේ වෙලාවේ ගෑස් මිල වැඩිකරන්න රජය කැමති නැහැ. ඉතින් මිලට හරියන විදියට යම් යම් උපක්‍රම අනුගමනය කරන්න වෙනවා
 
ලෝක වෙළඳපොලේ දිගින් දිගටම ගෑස් මිල ඉහල යද්දී ඊට සාපේක්ෂව මෙරට ගෑස් මිල ඉහල දැමීමට රජය විසින් ඉඩ නොදෙන තත්ත්වයක් තුළ, ගෑස් ගෙන්වා බෙදාහරින ලිට්රෝ හා ලාෆ් යන මෙරට සමාගම් දෙකම කඩා වැටීමේ බරපතල අර්බුදයකට මුහුණ දී සිටින බව ඔහු අවධාරණය කර සිටියේය.
 
 
 
ලෝක වෙළඳපොල මිල ගණන් දවසින් දවස ඉහලට ...
 
large R2BUVIdzdASiBqm8dE q1kejgJopdN8Ng91kwHwhDzk
 
 
ඉකුත් වසරේ මේ කාලය වනවිට ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල පැවතුණේ ඩොලර් 304ක් ලෙසයි. මේ වන විට එය ඩොලර් 605 දක්වා ඉහල ගොස් ඇත. 
 
 කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු ගෑස් මිල අඩු කළ අතර ඉන් පසු කිසිදු මිල සංශෝධනයක් සිදු නොවිය.
 
එහෙත් මේ  වන විට තම ව්‍යාපාර දිගින් දිගටම පාඩු ලබමින් ඇති බව ගෑස් සමාගම් පවසයි. දිගින් දිගටම ඩොලරයේ අගය ඉහල යාමද මෙම පාඩුව තවත් වැඩි වීමට හේතුවක් වී ඇත. 
 
ගෑස් සමාගම් මීට පෙර සඳහන් කළේ අලාභයක් නොමැතිව සිය ව්‍යාපාර පවත්වාගෙන යාමට නම් කිලෝ ග්‍රෑම් 12 දශම 05, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 350කින් ඉහල දැමිය යුතු බවයි. 
 
රජය මේ සම්බන්ධයෙන් අවධානය යොමු නොකළහොත්  ගෑස් මෙරටට ගෙන්වීම සඳහා LC විවෘත කිරීමට හෝ නොහැකි තත්ත්වයක් උදාවී මෙරට ගෑස් හිඟයක් මතුවීමේ අවධානමක් මතුවනු ඇතැයි එම සමාගමේ නිලධාරියකු පැවසිය.
 
  පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ලෙස පත්කර ඇති ඩි.එම්.එස්. දිසානායක විශ්‍රාමික හමුදා ජෙනරාල්වරයාට ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් අංශු මාත්‍රයක හෝ දැනීමක් අවබෝධයක් නොමැති වීම බරපතල කාරණයක් බවද ඔහු කියා සිටියේය.  
 
 
 
ගෑස් මිල වැඩි කරන්නේ නැහැ - රාජ්‍ය අමාත්‍ය අලගියවන්න
 

 
 
 
මෙලෙස ගෑස් සමාගම් සඳහා ලබාදිය හැකි සහන සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මෙහිදී අදහස් පළ කළේය. 
 

 
 
 
 සබැඳි පුවත් :
 
 
 
 

 


THE LEADER TV 
 
 
ආණ්ඩු විරෝධීන් බියවැද්දීමට ‘සමාජ මාධ්‍යයන්ට තහංචි‘ - ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක්! 
 

 
වැඩ බැරි සභාපතිවරුන් ඉවතට…එතකොට "ස",  වැඩ බැරි ඇමතිවරු ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්