leader s

කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති (විශ්‍රාමික)  ජෙනරාල් දයා රත්නායක එම තනතුරුවලින් ඉවත්ව ඇතැයි වාර්තාවේ. 
 
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායකට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ධුරට බාරගන්න ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කර ඇතත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. එකවරම ඉල්ලා අස්වැන්නයි දැනුම් දීම නිසා ඔහු බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බව පැවසේ. 
 
ජෙනරාල් දයා රත්නායක ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ වරාය අධිකාරියේ සභාපති ධුරයට කපිතාන් නිහාල් කැප්පෙටිපොල පත්කර ඇත. ඔහු මිට ඉහතදී වරාය අධිකාරියේ 'හාබර් මාස්ටර්' ලෙස සේවය කර විශ්‍රාම ගත් අයෙකි. 
 
 මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට පැවසුයේ,  තමා ඊයේ දිනයේ ජනාධිපතිවරයා හමුවී පෞද්ගලික හේතුන් මත රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට අවශ්‍ය බව දැනුම් දුන් බවයි.
 
ජනාධිපති විසින් තමන් ලේකම් ධූරයෙන් ඉවත්කළ බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
 
###########
THE LEADER TV 
 
 
ස'ට එරෙහිව: ජූලි කැරැල්ලක් ! 
 
 
රටම බංකොලොත්: ඉන්ධන හා ඖෂධ ගෙන්වීමත් දැඩි අවදානමක?
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්