ආණඩුව හා විපක්ෂය ජනාධිපතිවරණයකට වහ වහා සුදානම් වෙද්දී පළාත් සභා මැතිවරණයක් වහාම කැඳවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට යයි.
පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් තිබේදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට අදාළ ලිපිය අද (06) හෝ හෙට නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු පැවසිය.
පළාත් සභා සමාලෝචන වාර්තාවේ නීතිමය තත්වය හා පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයාට බලයක් තිබේද යන කාරණය සම්බන්ධයෙන් මෙසේ අධිකරණයේ මතය විමසීමට යයි.
ජනාධිපතිවරණය පැවැත්විමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට වූ යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ පසුගියදා සම්මත කරගෙන තිබිණ.
කෙසේවුවද එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසන්නේ, පළාත් සභා මැතිවරණ ක්‍රමයට අදාළව පත්කළ සීමා නීර්ණය කමිටුව විසින් සකස් කොට, පාර්ලිමේන්තුව සම්මත නොකළ වාර්තාව ගැසට් කොට එය නීත්‍යානුකූල බවට පත් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නොමැති බවයි.
සබැඳි පුවත් :
හදිසි පළාත් සභා ඡන්දයක් : ජනාධිපති, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට යයි !
'පළාත් සභා සීමා නීර්ණය ගැසට් කරන්න ජනපතිට බලයක් නැහැ'