The Leader News
BREAKING
Top Ad
පුවත්

ලංවීමෙන් යන සේවකයන්ට කෝටි 850ක වන්දි

T

The Leader Desk

May 15, 2026 • 3:52 AM

ලංවීමෙන් යන සේවකයන්ට කෝටි 850ක වන්දි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම වන්දි ප්‍රදානය කිරීමේ නිල උත්සවය දෙහිවල පිහිටි ඊඩීඑල් ශ්‍රවණාගාරයේදී අද (15) පෙරවරු 10.00 සිට පැවැත්වේ.
  • ”අභිමානවත් සේවයක - සුරක්ෂිත නිමාව” තේමාව යටතේ පැවැත්වෙන මෙම වැඩසටහනේදී සේවක සේවිකාවන් 1,898 කට මූල්‍ය වන්දි ප්‍රමාණයක් ප්‍රදානය කිරීමට නියමිතය.
  • වන්දි ගණනය කිරීමේ සහ ගෙවීමේ ක්‍රමවේදය : 1- භාණ්ඩාගාර දායකත්වය: විදුලිබල මණ්ඩලය සමාගම් 6 කට වෙන් කිරීමෙන් පසු පිහිටුවූ නව සමාගම් අතරින්, සේවකයන් අනුයුක්ත කළ ආයතන අනුව වන්දි මුදලින් 50% ක් හෝ 100% ක් කෙලින්ම මහා භාණ්ඩාගාරය මඟින් පියවනු ලබයි.
  • අවම සහ උපරිම සීමාවන්: ගැසට් නිවේදනයට අනුව ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන ස්ථිර සේවකයෙකුට හිමිවන වන්දි මුදල අවම රුපියල් ලක්ෂ 9 ක් වන අතර උපරිම සීමාව රුපියල් ලක්ෂ 50 කට (මිලියන 5) යටත් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එම වන්දි ප්‍රදානය කිරීමේ නිල උත්සවය දෙහිවල පිහිටි ඊඩීඑල් ශ්‍රවණාගාරයේදී අද (15) පෙරවරු 10.00 සිට පැවැත්වේ.

”අභිමානවත් සේවයක - සුරක්ෂිත නිමාව” තේමාව යටතේ පැවැත්වෙන මෙම වැඩසටහනේදී සේවක සේවිකාවන් 1,898 කට මූල්‍ය වන්දි ප්‍රමාණයක් ප්‍රදානය කිරීමට නියමිතය.

බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

වන්දි ගණනය කිරීමේ සහ ගෙවීමේ ක්‍රමවේදය :

1- භාණ්ඩාගාර දායකත්වය:
විදුලිබල මණ්ඩලය සමාගම් 6 කට වෙන් කිරීමෙන් පසු පිහිටුවූ නව සමාගම් අතරින්, සේවකයන් අනුයුක්ත කළ ආයතන අනුව වන්දි මුදලින් 50% ක් හෝ 100% ක් කෙලින්ම මහා භාණ්ඩාගාරය මඟින් පියවනු ලබයි.

2- අවම සහ උපරිම සීමාවන්:
ගැසට් නිවේදනයට අනුව ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන ස්ථිර සේවකයෙකුට හිමිවන වන්දි මුදල අවම රුපියල් ලක්ෂ 9 ක් වන අතර උපරිම සීමාව රුපියල් ලක්ෂ 50 කට (මිලියන 5) යටත් වේ.

3- ගණනය කිරීමේ සූත්‍රය:
 වසර 10 කට වඩා සේවා කාලයක් හිමි සේවකයන්ට ගතවූ සෑම සේවා වර්ෂයකටම මාස 2 ක වැටුප බැගින් ද, ඉදිරියට ඉතිරිව තිබූ සේවා කාලය වෙනුවෙන් වසරකට මාස 1.5 ක වැටුප බැගින් ද ගණනය කර වන්දි පිරිනැමේ.

මෙම වන්දි මුදල් ලබාගන්නා කිසිදු සේවකයෙකුට ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු පිහිටුවන ලද කිසිදු ලංවිම අනුප්‍රාප්තික සමාගමක නැවත රැකියා ලබා ගැනීමට අවස්ථාවක් හිමි නොවේ

(මුලාශ්‍රය | lankadeepa)
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...