leader s

 ඉන්දීය හමුදා ප්‍රහාරයකින් තිස් හතර වසරකට පෙර ඝාතනය කරණු ලැබූ හැට දෙනකුට වැඩි නිරායුද ජන සමූහයක් අනුස්මරණය කොට යාපනය රෝහලේ සමරුවක් පවත්වා තිබේ.
 මරා දමනු ලැබූ දෙමළ හැට අට දෙනාට ඇතුලත් වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 21 දෙනාගේ  සේයාරූ ඉදිරිපිට වර්තමාන රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඔක්තෝබර් 21 බ්‍රහස්පතින්දා පුෂ්පදීප උපහාරයක්  පවත්වන ලදී.
 
 ඝාතනයට ලක් වු නිරායුද වැසියන්ගේ පවුල් වල සාමාජිකයන් කිහිපදෙනෙකුද හැඩු කදුලින් යුතුව එම අවස්ථාවට එක්ව තිබේ.
 
 සිද්ධිය සියැසින් දුටුවන් ලබාදී ඇති තොරතුරු අනුව 1987 ඔක්තෝබර් 21 දා උදේ යාපනය මහ රෝහල ෂෙල් ප්‍රහාර වලට ගොදුරු වීමෙන් අනතුරුව අත් බෝම්බ ගසා වෙඩි තැබූ ඉන්දීය සාම සාධක බලකායේ සෙබළුන් රෝහලට කඩා වැදී තිබේ.
 
 යටත් වීමට උත්සාහ කළ රෝහල් සේවකයන්ට වෙඩි තැබූ ඉන්දීය භටයන් විසින් රෝහලෙන් පිටව යන ලෙස අණ කරනු ලැබූ දස දෙනකුගේ සිරුරු පසුදා හමුවූ බව වාර්තා වුනි.
 
 සාම සාධනය සඳහා යැයි රජයේ ආරාධනයෙන් පැමිණ උතුරේ වාඩිලා සිටි ඉන්දීය භටයන් විසින් සිදුකරන ලද  සමූහ ඝාතන මාලාවක් ඔක්තෝබර් මාසයට යෙදී තිබේ.
 
 1987 ඔක්තෝම්බර් 12 වැනිදා මධ්‍යම රාත්‍රියේදී ඉන්දීය සාම සාධක හමුදාව සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර වු ගැටුමකින් අනතුරුව ඝාතනයට ලක්වු දෙමළ වැසියන් සිහිකරමින් ඔක්තෝබර් 12 වැනිදා හවස් යාමයේ යාපනය කොකුවිල් ප්‍රදේශයේදී සමරුවක් පැවැත්වීමට යාපනය නල්ලූර් ප්‍රාදේශීය සභා නියෝජිතයන් පිරිසක් කටයුතු කර තිබුනි.
 
 
wwes

 කොකුවිල්හි ස්ථාපිත කර තිබෙන ස්මාරකය අබියසදී සැමරුම සංවිධානය කර තිබිණ. 

 
 
රෝහල් ප්‍රහාරය ඇතුළු ඉන්දීය සමූහ ඝාතන සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් හෝ හානියට පත් වුවන්ට වන්දි ගෙවීමක් හෝ ගෙවී ගිය තිස් හතර  වසර තුලදී පෝක් සමුද්‍ර සන්ධිය දෙපස කිසිදු ආණ්ඩුවකින් සිදුවී නැත.
 
 ඉන්දීය මැදිහත් වීමෙන් බලය බෙදා හැරීමට විරුද්ධව දියත් කළ සන්නද්ධ අරගලයකින් පරාජය වූ ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුකලෙක එයින් එක් ශ්‍රී ලාංකික ආණ්ඩුවක අමාත්‍ය පදවි ද උසුලන ලදී.
 
 
 
සබැඳි පුවත් :
 
 
 


THE LEADER TV 
 
අංඥකොරෝස් වෙන්න ළගයි අයින් කරලා දාන්න. | ස, ගේ දැනගැනීම පිණිසයි 
 
 
ලොන්තපෝල් ඩීල් ලාන් | මොණරවිලගේ ලියමන
 
 
 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්