leader s

ඇමරිකාව සමග අත්සන් කළ යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා පැමිණෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට අද (28) ආරාධනය කර තිබේ. 
ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සවස 5.30 ට මෙම රැස්වීම අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි. 
 
යුගදනවි ගිවිසුම පිළිබදව සාකච්ජා කිරීම සදහා අවස්ථාවක් ලබා දෙන ලෙසට අමාත්‍ය විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් 11 දෙනෙකු ජනාධිපතිවරයා ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුනද ජනාධිපතිවරයා එම ඉල්ලීම කිසිඳු ලෙසකින් මායිම් කර නොතිබිණ.
 
පක්ෂ නායකයින්ගේ ලිපියට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයාලිඛිතව දැනුම් දී තිබුනේ, ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා හා මුදල් ඇමැතිවරයා සමග සාකච්ජා කරන ලෙසයි. 
 
ජනාධිපතිවරයා තම අදහස්වලට ඇහුම්කන් නොදීම සම්බන්ධයෙන් දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින්, පසුගිය 23දා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ කාර්යාලයේ රැස්වී, තවදුරටත් ජනාධිපතිවරයා පසුපස යාමෙන් පලක් නැති බවටත්, අභ්‍යන්තර සාකච්ඡාවකට අවස්ථාවක් නොදෙන්නේ නම් ජනතාව අතරට ගොස් කරුණු පැහැදිලි කිරීමටත් ඒකමතික තීන්දුවකට එළඹ තිබිණ.
 
අනතුරුව ආණ්ඩුවට පක්ෂපාති වෘත්තීය සමිති නායකයින් කැඳවා යුගදනවි ගිවිසුමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට තීන්දු කර තිබිණ. 
 
එහිදී ගත් තීන්දුවකට අනුව හෙට (29) සවස 3.00ට ඇතුල් කෝට්ටේ සෝලිස් ශාලාවේදී ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත. 
 
ජනාධිපතිවරයා අද දිනයේම ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් හමුවීමට තීරණය කර ඇත්තේ මෙවන් පසුබිමකය.  
 
 
 
සබැඳි පුවත්
 
 
 
 
 
 
 
THE LEADER TV 
ඥාණසාරගේ එක රටක් එක නීතියක්.! | මොණරවිලගේ ලියමන

හාමුදුරුවෝ කරන්නේ කාගේ කොන්ත්‍රාත් එකක්ද ? 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්