පස් මසක් ඉක්ම ගියද, මඩකලපුවේ රාජ්‍ය ඇමැතිවරයෙකුගේ ආරක්ෂකයන් විසින් මරාදැමුනු තරුණයකුගේ මරණයට යුක්තිය ඉටු කිරීමට පොලීසිය අසමත් වී ඇතැයි චෝදනා එල්ල වී තිබේ.
රාජපක්‍ෂ ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයකු වන සතාසිවම් ව්‍යාලේන්ද්‍රන්ගේ නිවෙස ඉදිරිපිට දී වෙඩිතබා මරා දැමුණු එම තරුණයාගේ දෙමාපියන් කියා සිටියේ මරණ පරීක්ෂණයේ  වාර්තාව පවා තවමත් ලබා නොදී තැනින් තැනට යවා පොලිසිය වගකීම පැහැර හරින බවයි.
 
“ඉතින් අපි කාට කියන්නදැ,” යි ඝාතනය කෙරුණු මහාලිංගම් බාලසුන්දරම්ගේ පියා මව සහ පියා හැඬු කඳුලින් යුතුව මාධ්‍යවේදීන්ට පැවසීය.
 
''අපි අපේ පුතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ගන්න මඩකලපුව පොලිසියට ගියාම එරාවුර් පොලිසියෙන් අහන්න කියනවා, පොලිසිය අපිට එහෙ මෙහෙ යන්න කියලා බල්ලෝ වගේ අපිව රස්තියාදු කරනවා.''
 
පස් මසක් පුරා විභාග වන මෙම ඝාතනයේ තවත් එක් නඩු වාරයක්  මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් ඉදිරියේ ඊයේ (02) කැඳවා තිබිණි. 
 
 
 
 ටිපර් රියදුරෙකු වන මහාලිංගම් බාලසුන්දරම් ඉකුත් ජුනි 21 වැනිදා  ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී  වෙඩි තබා මරා දමා තිබුනේ ඇමැති ආරක්‍ෂකයකු ලෙස සිටී පොලිස් කොස්තාපල් වරයෙකි.
 
වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසු වූ ඇමැති ආරක්‍ෂක සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයා තවත් දින 14 ක් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නඩුව විභාගය ලබන 15 වැනිදා දක්වා නැවත වතාවක් කල් තැබීය.
 
 
සබැඳි පුවත් :

THE LEADER TV 
 
විපක්ෂනායක වෙන්න දඟලන දැඟලිල්ලක් ! 
 
 
 
ගම සමග ගුටි කෙළිය ! | මොණරවිලගේ ලියමන | The Leader TV
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්