The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
පුවත්

'ෆාදර්' චිත්‍රපටයේ කතානායක 'ගම්පහ ඔස්මන්'ට දින 90ක රැඳවුම් නියෝග - ඉතිහාස කතාව මෙන්න

T

The Leader Desk

May 16, 2026 • 3:55 PM

'ෆාදර්' චිත්‍රපටයේ කතානායක 'ගම්පහ ඔස්මන්'ට දින 90ක රැඳවුම් නියෝග - ඉතිහාස කතාව මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු සම්බන්ධයෙන් දැනට වාර්තා වී ඇති ප්‍රධාන තොරතුරු මෙසේය: චෝදනාව: සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමට තැත් කිරීම, ඊට ආධාර අනුබල දීම සහ ගිනි අවි සැපයීම.
  • රට තුළ මහත් ආන්දෝලනයක් වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමේදී විදෙස්ගතව සිටින කෙහෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ත, බටුවත්තේ චාමර ඇතුළු අපරාධකරුවන් මනා සැලසුම් සහගතව මෙම අපරාධය කර ඇති බවට අනාවරණය වී තිබිණි.
  • මෙම ඝාතනයේ මහ මොළකරුවන් වන එම අපරාධකරුවන් ඇතුළු අපරාධයට සම්බන්ධ 33 දෙනකු මේ වනවිටත් පොලිස් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරති.
  • ගණේමුල්ලේ සංජීව ඝාතනය සඳහා ගිනි අවි සපයා ඇත්තේ විදේශයේ සැඟව සිටි බටුවත්තේ චාමර බවට විමර්ශන අංශ මගින් අනාවරණය කරගෙන තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු සම්බන්ධයෙන් දැනට වාර්තා වී ඇති ප්‍රධාන තොරතුරු මෙසේය:

චෝදනාව:
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමට තැත් කිරීම, ඊට ආධාර අනුබල දීම සහ ගිනි අවි සැපයීම.

අත්අඩංගුවට ගැනීම:
කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.

නීතිමය පියවර:
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) හෝ රැඳවුම් නියෝග ප්‍රතිපාදන යටතේ දින 90ක කාලයක් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී ඇත

 

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ අධිකරණ ශාලා අංක 05 දී දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධකරුවකු වන ගනේමුල්ලේ සංජිව වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය වසරේ පෙබරවාරි මස 19 වැනිදාය. ඒ නීතිඥ වෙස් ගෙන අධිකරණයට පැමිණ සිටි තුවක්කුකරුවකු විසිනි. ගනේමුල්ලේ සංජීව විත්තිකූඩුවේ රඳවා මහේස්ත්‍රාත්වරිය නඩු විභාගය පවත්වන අවස්ථාවේම වෙඩි තැබිම සිදුව තිබිණි.


රට තුළ මහත් ආන්දෝලනයක් වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමේදී විදෙස්ගතව සිටින කෙහෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ත, බටුවත්තේ චාමර ඇතුළු අපරාධකරුවන් මනා සැලසුම් සහගතව මෙම අපරාධය කර ඇති බවට අනාවරණය වී තිබිණි.

මෙම ඝාතනයේ මහ මොළකරුවන් වන එම අපරාධකරුවන් ඇතුළු අපරාධයට සම්බන්ධ 33 දෙනකු මේ වනවිටත් පොලිස් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරති.

මෙම අපරාධයට අලුතින්ම එක්වූ නාමය ඔස්මන් ගුණසේකරය. එසේත් නැතිනම් ගම්පහ ඔස්මන් ය.

ගම්පහ ඔස්මන් වටා පොලිස් දැල එලන්නට පටන්ගත් හැටි....

ගම්පහ ඔස්මන් වටා පොලිස් දැල එලන්නට පටන් ගැනුණේ මේ ආකාරයටය.

ගණේමුල්ලේ සංජීව ඝාතනය සඳහා ගිනි අවි සපයා ඇත්තේ විදේශයේ සැඟව සිටි බටුවත්තේ චාමර බවට විමර්ශන අංශ මගින් අනාවරණය කරගෙන තිබිණි. ඒ මෙම ඝාතනයේ ප්‍රධානම සැකකාරියක වූ ඉෂාරා සෙව්වන්දි නැමැත්තියගෙන් හා සෙසු සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් මගිනි.

අසර්බයිජානයේ සිය අනියම් පෙම්වතිය සමගින් සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් බටුවත්තේ චාමර පසුගියදා (10 වැනිදා) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් මෙරටට රැගෙන එන් ලැබීය.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72 ක රැඳවුම් නියෝග මත බටුවත්තේ චාමර නැමැත්තාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇති අතර විමර්ශන නිලධාරින් දිගින් දිගටම ප්‍රශ්න කර තිබුණේ ගනේමුල්ලේ සංජීව ඝාතනයට යොදාගත් ගිනි අවිය සැපයූ ආකාරය ගැනය.

ප්‍රශ්න කිරීම්වලදී මෙම ගිනි අවිය ගම්පහ ඔස්මන් විසින් ලබාදුන් බව බටුවත්තේ චාමර විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත.


කෙහෙල්බද්දර පද්මේ ඔස්මන් සමගින් අමනාපව සිටියත් ඔස්මන් සමග තමන් සම්බන්ධතා පැවැත්වූ බවද ගනේමුල්ලේ සංජීව නැමැත්තා මීට පෙර ඔස්මන්ව ඝාතනය කරලීමට උත්සහ දැරූ හෙයින් ඔස්මන් ද ගනේමුල්ලේ සංජීව හා තදබල වෛරයකින් පසුවූ බවද කෙහෙල්බද්දර පද්මේගේ පාර්ශ්වය ගනේමුල්ලේ සංජීව ඝාතන උත්සහායක් දියත් කරන බව දැනගත් විට ගිනිඅවිය ලබාදුන් බවත් චාමර නැමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් හෙළිවී ඇත.


මේ අනුව ක්‍රියාත්මක වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගම්පහ ශ්‍රී බෝධි පාරේ පිහිටි ඔස්මන්ගේ නිවසට ගොස් ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ අනුව ඔහුගේ නිවසේ තිබී රිපීටර් වර්ගයේ ගිනි අවියක්, පතොරම් 10 ක්, පතොරම් ගැබ් දෙකක්ද සොයාගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය මොහුගෙන්ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72 ක රැඳවුම් නියෝගයක් ලබාගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය.


ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් 69 හැවිරිදි වැවිලිකරුවකු හා ව්‍යාපාරිකයෙකි. එසේම ගම්පහ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම වෙනුවෙන් තදබල ප්‍රතිපත්තියකින් කටයුතු කර ජනාදරයට පාත්‍ර වූ අයෙකි. ඔහුගේ ඉතිහාසය සුවිශේෂීය. 1991 නොවැම්බර් 25 වැනිදා අත්තනගල්ල අධිකරණ භූමිය තුළ සිදුවූ සුවිශේෂී දෙයක් සිදුවිය.


මෙදින උදෑසන 10.30 ට පමණ අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා විසින් එක්තරා ප්‍රධාන නඩුවක් කැඳවනු ලැබීය. නමුදු එම අවස්ථාවේදී විත්තියේ ප්‍රධාන නීතීඥවරයා අධිකරණ ශාලාව තුළ නොසිටි බැවින්, නඩුව දහවල් කාලය වනතුරු කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය. එම නඩුවේ ප්‍රධාන සැකකරු වූ වීරඟුල පොලිසියේ ස්ථානාධිපති ධම්මික ප්‍රසන්න චන්ද්‍රසේන සහ ඔහුගේ මාමණ්ඩිය වූ ගම්පහ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක මයිකල් විජේසේකර උසාවි ශාලාවෙන් පිටතට පැමිණ, එළිමහනේ කතා කරමින් සිටියහ.

ඔවුන් දෙදෙනා විනාඩි 10ක් පමණ කතා කරන්නට ඇත. නිල්පාට කබායක් සහ කළු කලිසමක් හැඳ පැමිණි නාඳුනන පුද්ගලයෙක්, කිසිවකුත් නොසිතූ මොහොතක මයිකල් විජේසේකර දෙසට වෙඩි තැබීමට පටන් ගත්තේය. මයිකල් විජේසේකර කෙසෙල් කඳක් බිම හෙළන්නා සේ අත්තනගල්ල උසාවි භූමිය මත ඇද වැටී අවසන් හුස්ම හෙළුවේය.

තම මාමණ්ඩිය බිම වැටෙනවාත් සමගම, පොලිස් ස්ථානාධිපති ධම්මික, ආරක්ෂාව පතා උසාවි ශාලාව දෙසට දිව යන්නට වූහ. නමුත් වෙඩික්කරු පසුබැස්සේ නැත. තමන්ගේ ඉලක්ක දෙකම සපුරා ගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වෙඩික්කරුවා ධම්මික පසුපස හඹා ගියේය. අවසානයේදී උසාවි ගොඩනැගිල්ල ඇතුළත, විත්ති කූඩුව ආසන්නයේදීම ධම්මිකව කොටු කරගත් වෙඩික්කරු ඔහුට නොනවත්වා වෙඩි තැබීය. ධම්මික බිම වැටී මියගියද වෙඩික්කරු මළසිරුරටද තවත් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළේය.

මෙම බිහිසුණු දර්ශනය දෙස භීතියෙන් සහ මවිතයෙන් බලා සිටි මහේස්ත්‍රාත්වරයාව දුටු වෙඩික්කරු, ඉතා සංසුන්ව තම හිස නමා මහේස්ත්‍රාත්වරයාට ආචාර කළේය. ඉන්පසු තමා සිදුකළ වරදට සමාව ඉල්ලා සිටින බව හැඟවූ ඔහු, කිසිදු කලබලයකින් තොරව උසාවි භූමියෙන් පිටව පලා ගියේය.


අත්තනගල්ල උසාවිය තුළ සිදු වූ මෙම ද්විත්ව ඝාතනයට හේතුව සෙවීමේදී 1991 පෙබරවාරි 27 වැනිදා දක්වා ආපසු හැරී බැලීමට සිදුවේ. ඒ වන විට ජනතා විමුක්ති පෙරමුණ (JVP) රජයට එරෙහිව දියත් කළ සන්නද්ධ අරගලය අවසාන භාගයට පැමිණ තිබූ අතර රාජ්‍ය මර්දනය ද දරුණු ලෙස ක්‍රියාත්මක වූ යුගයකි. ගම්පහ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක මයිකල් විජේසේකර යනු එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ ප්‍රබල ආධාරකරුවෙකි.

මයිකල්ගේ දේශපාලන රැකවරණය මධ්‍යයේ ඔහුගේ බෑණා වූ වීරඟුල පොලිසියේ ස්ථානාධිපති ධම්මික ප්‍රසන්න චන්ද්‍රසේන සහ තවත් පොලිස් නිලධාරීන් පිරිසක් එකතු වී, ප්‍රදේශයේ රජයට විරුද්ධ යැයි සැකකෙරෙන තරුණ තරුණියන් දඩයම් කිරීමේ මෙහෙයුමක නිරත වෙමින් සිටියෝය.

dfsdf
1991 පෙබරවාරි 27 වැනිදා මධ්‍යම රාත්‍රියේ, ධම්මික ඇතුළු පොලිස් කණ්ඩායම විසින් ජවිපෙ සාමාජිකයන් යැයි සැකපිට තරුණයන් 12 දෙනකු සහ එක් තරුණියක අත්අඩංගුවට ගෙන යක්කල ප්‍රදේශයේ පිහිටි “වවුල් කැලේ”නම් ස්ථානයට රැගෙන යන ලදී. එහිදී සිදුවූයේ මිනිස් ඉතිහාසයේ අසා නැති අතිශය සාහසික සහ අමානුෂික අපරාධයකි.


මෙහිදී තරුණයන් 12 දෙනාගේ ඇඳුම් ගලවා නිරුවත් කළ ස්ථානාධිපති ධම්මික, ඔවුන්ට ජීවත් වීමට අවශ්‍ය නම් අත්අඩංගුවට ගත් තරුණියව දූෂණය කළ යුතු බවට නියෝග කළේය. පොලිස් නිලධාරීන් ගිනි අවි අමෝරාගෙන සිටි එම බිහිසුණු රාත්‍රියේ, අසරණ තරුණිය තමන්ගේ ජීවිතය සහ ගෞරවය ඉල්ලා හඬා වැටෙද්දී, ඇයව සමූහ දූෂණයට ලක් කිරීමට පොලිසිය විසින් තරුණයන්ට බල කරන ලදී.

මෙම සාහසික ක්‍රියාවෙන් පසුව, ධම්මික ඇතුළු කණ්ඩායම තරුණයන්ගේ ඇස් බැඳ, දිව යන ලෙස පැවසීය. අහිංසක තරුණයන් බලාපොරොත්තු සහගතව දිව යන්නට පටන් ගත් සැණින් පොලිස් නිලධාරීන් පිටුපසින් T-56 අවිවලින් නොනවත්වා වෙඩි තැබූහ.

එම සමූහ ඝාතනයෙන් සියලු දෙනාම මියගිය බව පොලිසිය සිතුවද, එක් තරුණයකු පමණක් වෙඩි පහරින් බේරී, මහා ඝන අන්ධකාරය මැද පැන යාමට සමත් විය. පොලිසිය ඔහුව සෙවීමේ මෙහෙයුම් දියත් කරද්දී, ඔහු අසල තිබූ විශාල කජු ගසකට නැගී සැඟවුණේය.

තමන් සමග සිටි මිතුරන් 11 දෙනා සහ තරුණියට වෙඩි තබා, පසුව ඔවුන්ව පණපිටින් ටයර් දමා පුළුස්සන අන්දම කජු ගස මත සිටි ඔහු සිය දෑසින්ම දුටුවේය. මෙලෙස හාස්කමකින් දිවි බේරාගත් තරුණයා රතු ගාමිණි නම් විය. ඔහු එම ස්ථානයෙන් රහසේම පලාගොස්, මෙම මහා ඝාතන සිද්ධියේ සම්පූර්ණ තොරතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකා, හිටපු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය වෙත සැල කළේය.

මෙම තොරතුරෙන් කම්පනයට පත් සිරිමාවෝ මැතිනිය, එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ආරක්ෂක ඇමතිවරයාව සිටි රංජන් විජේරත්නගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළාය. මැතිනිය ස්ථාවරව ප්‍රකාශ කර සිටියේ තමන් සන්තකයේ සිද්ධිය ඇසින් දුටු ප්‍රධාන සාක්ෂිකරුවකු සිටින බැවින්, ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාරදීමට සූදානම් බවත්, වහාම මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසත්ය.

ඒ අනුව, රතු ගාමිණී නොබියව දුන් සාක්ෂි පදනම් කරගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වවුල් කැලේ ඝාතන සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළේය. ඒ සිද්ධිය එදා සිට ඉතිහාසගත වූයේ වවුල්කැලේ ඝාතන සිද්ධිය ලෙසටය.

xcdgsg

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මෙම මිනිස් සංහාරයේ සුලමුල අනාවරණය කරගෙන වීරඟුල පොලිසියේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා වීරඟුල පොලිසිය බලා පිටත් විය. තමන්ව අත්අඩංගුවට ගැනීමට පැමිණෙන බව දැනගත් වහාම, ස්ථානාධිපති ධම්මික සහ සෙසු නිලධාරීන් සිය නිල ඇඳුම් සහ පොලිස් ස්ථානය ද අතහැර රහසේම පලා ගියහ. එය ලංකා පොලිස් ඉතිහාසයේ පොලිස් ස්ථානයක් දමා නිලධාරීන් පලාගිය ප්‍රථම අවස්ථාවය.


සීඅයිඩී නිලධාරීන් පොලිස් ස්ථානය පරීක්ෂා කිරීමේදී, එහි රහසිගත සිරකුටියක දමා සිටි ලෙස්ලි විජේසේකර නැමැති අයකු සොයාගැනීමට හැකි විය. ඔහු අන් කිසිවෙකු නොව, ධම්මිකගේ මාමණ්ඩිය වූ මයිකල් විජේසේකරගේම සහෝදරයාය. පවුලේ දේපළ සහ පෞද්ගලික ආරවුලක් මත ධම්මික විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇඟිලි කඩා, නියපොතු ගලවා, දස වධ දී ඝාතනය කිරීමට සූදානම් කර තිබිණි. දෛවයේ වාසනාවකට CID වැටලීම නිසා ලෙස්ලි විජේසේකරට තමන්ගේ ජීවිතය බේරාගැනීමට හැකි විය.

ධම්මික ඇතුළු පිරිසට වැඩි කලක් සැඟව සිටීමට නොහැකි වූ අතර, CID නිලධාරීන් විසින් ධම්මික ඇතුළු පස්දෙනකු වවුල් කැලේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලදී. මොවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙමින් නඩු විභාග පැවැත්වෙන අතරතුර ධම්මික විසින් සිදුකරන ලද තවත් මහා පරිමාණ පැහැරගැනීමක් පිළිබඳ තොරතුරු අනාවරණය විය.

ඒ 1989 නොවැම්බර් 01 වැනි දින, අත්තනගල්ල පාලම උඩදී 13 ශ්‍රී 500 දරන මෝටර් රථයෙන් ගමන් කරමින් සිටි ‘‘මිල්රෝයි ගුණසේකර, නිහාල් මෙන්ඩිස්, නෙලුවේ ගුණසේකර, ජාලිය ගුණවර්ධන’’ සහ තවත් එක් අයකු ඇතුළු පස්දෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියයි.


පොලිස් සිරකුටියෙන් බේරාගත් ලෙස්ලි විජේසේකරගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු වැදගත් තොරතුරක් අනාවරණය කළේය. තමන්ව ඝාතනය කිරීමට පෙර ඉහත කී මිල්රෝයි ගුණසේකර ඇතුළු පස් දෙනා තමන් සිටි සිරකුටිය වෙත ධම්මික විසින් රැගෙන ආ බවත්, පසුව ඔවුන්ව රහසිගත ස්ථානයකට ගෙන ගොස් ඝාතනය කළ බවත් ලෙස්ලි සාක්ෂි දෙමින් කියා සිටියේය.


1989 නොවැම්බර් 01 වැනිදා සවස, ධම්මික විසින් පුද්ගලයන් පස්දෙනෙකු පැහැරගත් දිනම, එම '13 ශ්‍රී 500' දරන මෝටර් රථය ගම්පහ රේල් ගේට්ටුව ආසන්නයේ නතර කර තිබෙන අයුරු සහ එතුළ වීරඟුල පොලිස් ස්ථානාධිපති ධම්මික සිටිනු එක්තරා තරුණයකු දැක තිබිණි. ඔහු මේ පිළිබඳව සිය මිතුරාට පවසා ඇත.

එම මිතුරා යතුරුපැදි මෙරටට ගෙන්වීමේ අරමුණින් ජපානයේ පදිංචිව සිටි අයෙකි. ඔහු තවදුරටත් මේ පිළිබඳව සොයා බැලීමේදී එදින වීරඟුල පොලිස් ස්ථානාධිපති ධම්මික විසින් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස ඝාතනය කර තිබුණේ තමන්ගේම සෙහොයුරා වූ මිල්රෝයි ගුණසේකර සහ ඔහුගේ හිතවතුන් බව දැනගත්තේය.

ඔහු වහාම ක්‍රියාත්මක විය. ඔහු තමන්ගේ මිතුරෙකු වූ “ටෙලෙස්පෝ මහින්ද සමරසිංහ” යන අයගේ ගුවන් ගමන් බලපත්‍රයක් (Passport) ව්‍යාජ ලෙස භාවිතා කරමින් රහසින්ම ලංකාවට පැමිණියේය. ඉන්පසු සිය සහෝදරයා ඇතුළු පිරිස ඝාතනය කළ වීරඟුල පොලිසියේ ස්ථානාධිපති ධම්මික සහ ඔහුගේ මාමණ්ඩිය වූ මයිකල් විජේසේකර යන දෙදෙනා ලුහුබැඳ ගොස්, 1991 නොවැම්බර් 25 වැනිදා අත්තනගල්ල උසාවි භූමියේදී වෙඩි තබා ඝාතනය කළේය.‍

මෙම ලේ වැකි පළිගැනීම සිදුකළ වෙඩික්කරු අන් කිසිවෙකු නොව, පසුව ලංකාවම හඳුනාගත් ‘‘ඔස්මන් මැඩොන්සා ගුණසේකර’’ හෙවත් “ගම්පහ ඔස්මන්” ය.


අත්තනගල්ල උසාවියේදී ද්විත්ව ඝාතනය සිදුකිරීමෙන් පසු, ඔස්මන් නැවතත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය භාවිතා කරමින් ජපානය වෙත පලා ගියේය. 1993 වසරේදී ජපානයේදී ඇතිවූ වීසා බලපත්‍ර ගැටලුවක් හේතුවෙන් ජපාන පොලිසිය විසින් ඔස්මන්ව අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු පිළිබඳ තොරතුරු ලංකා පොලිසියට ලැබීමෙන් පසු, 1993 අගෝස්තු 10 වැනි දින ඔස්මන් ගුණසේකරව නැවත ලංකාවට පිටුවහල් කරනු ලැබීය. ඔහුව මෙරටට රැගෙන එන විටත් වෙනත් වරදකට ඔස්මන් හට මරණ දඬුවම නියම කර තිබිණි.


කෙසේ වෙතත්, අත්තනගල්ල උසාවියේදී ධම්මික සහ මයිකල් ඝාතනය කිරීමේ නඩුව මහාධිකරණයේ විභාග වෙද්දී ඔස්මන්ට විරුද්ධව සාක්ෂි දීමට අධිකරණයට කිසිදු සාක්ෂිකරුවකු පැමිණියේ නැත. ඊට ප්‍රධානතම හේතුව වූයේ ධම්මික සහ මයිකල් යන දෙදෙනා ප්‍රදේශයේ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් නිකරුණේ දඩයම් කර තිබීම නිසා ජනතාව තුළ ඔවුන් කෙරෙහි තිබූ දැඩි වෛරයයි. අවසානයේදී, තමන් විසින් තරුණ තරුණියන් 261 දෙනෙකුගේ ජීවිත විනාශ කළ බව ධම්මික විසින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගෙන තිබූ බවද හෙළි විය.


කිසිදු සාක්ෂියක් නොමැති වීම හේතුවෙන්, 2002 වර්ෂයේදී මහාධිකරණය විසින් ඔස්මන් ගුණසේකරව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලදී. එතැන් පටන් ඔහු “ගම්පහ ඔස්මන්” ලෙස සමාජය තුළ ප්‍රසිද්ධ විය.


භීෂණ යුගයෙන් පසු ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් කාලයෙන් කාලයට විවිධ සංවිධානාත්මක පාතාල කණ්ඩායම් බිහි වුවත් නගර සීමාව තුළ සාමාන්‍ය ජනතාව පීඩාවට පත්කරන මත්ද්‍රව්‍ය ජාවාරමට සහ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නා කල්ලිවලට හිස එසවීමට නොදී දැඩි බලපෑමක් එල්ල කළ සුවිශේෂී චරිතය වූයේ ඔස්මන් ගුණසේකරයි.

ඔස්මන් ගුණසේකර සහ පාතාලයේ ප්‍රබල චරිතයක් වූ කෙහෙල්බද්දර පද්මේගේ පියා වූ නෙවිල් පෙරේරා අතර පැවතියේ දිගුකාලීන සමීප හිතවත්කමකි. කෙසේ වෙතත් නෙවිල් පෙරේරාගේ පුත්‍රයා වන කෙහෙල්බද්දර පද්මේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීමත් සමග ඔස්මන් මේ පිළිබඳව දැඩි කනස්සල්ලට හා කෝපයට පත්විය. ගම්පහ නගරය මත්ද්‍රව්‍යවලින් තොර කලාපයක් ලෙස තබාගැනීමට වෙහෙසුණු ඔස්මන්, ‘‘උඹේ පුතා ආයෙත් ඔය වැඩේ කරනවනම් මං ආයෙ උඹලගේ ගෙදර එන්නේ නෑ" යැයි කියමින් එතැන් පටන් සිය සමීප මිතුරා වූ නෙවිල්ගේ නිවසට යාම පවා ඔස්මන් සම්පූර්ණයෙන්ම නතර කළේය.

2017 වසරේදී පැවති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර කෙහෙල්බද්දර ආසන්නයේදී එවකට ගනේමුල්ල සංජීවගේ සහ පස් පොඩ්ඩාගේ සමීපතමයකු ඝාතනයට ලක්විය. මෙම ඝාතනයේ චෝදනාව එල්ල වූයේ කෙහෙල්බද්දර පද්මේගේ පියා වූ නෙවිල් පෙරේරා වෙතය. ඊට පළිගැනීමක් ලෙස, දින තුනකට පසු නෙවිල් පෙරේරා ඔහුගේ නිවස තුළදීම සාහසික ලෙස ඝාතනයට ලක් විය. මෙතැන් පටන් කෙහෙල්බද්දර පද්මේ සහ ගනේමුල්ල සංජීව කල්ලිය අතර දරුණු ලේ වැකි ගැටුමක් නිර්මාණය විය.

නෙවිල් පෙරේරා සහ ඔස්මන් අතර තිබූ පැරණි හිතවත්කම නිසා ගනේමුල්ල සංජීව ගම්පහ මාකෙවිටදී ඔස්මන් ගුණසේකර ඝාතනය කිරීමට ප්‍රථම වරට සැලසුම් කළේය.

ලක්ෂ පනහක කොන්ත්‍රාත්තුවක් දී රෝහිත හෙවත් පස් පොඩ්ඩාගේ මෙහෙයවීමෙන්, පත්තඩුවන කළු අජිත් වෙත ඔස්මන් ඝාතන සැලසුම භාරවිය. ඒ අනුව, ගම්පහ මාකෙවිට බුදුපිළිමය අසලදී නවීන ජීප් රථයකින් ගමන් කරමින් සිටි ඔස්මන් ගුණසේකර ඉලක්ක කර T-56 ගිනි අවිවලින් දරුණු වෙඩි ප්‍රහාරයක් එල්ල කෙරිණ. ජීප් රථයට බරපතළ හානි සිදු වූ අතර ඔහුගේ හිතවතෙකු තුවාල ලැබීය. නමුදු ඔස්මන් හාස්කමකින් මෙන් කිසිදු තුවාලයකින් තොරව ජීවිතය බේරාගැනීමට සමත්විය.

පියාගේ ඝාතනයෙන් පසු ඩුබායි රාජ්‍යයට පලාගිය කෙහෙල්බද්දර පද්මේ, එරට සිට මත්ද්‍රව්‍ය හා කප්පම් ජාලය මෙහෙයවීමට පටන් ගත්තේය. පසුව මහාධිකරණය තුළදී ගනේමුල්ල සංජීව ඝාතනය කර එහි වගකීම භාරගනිමින් පද්මේ කරළියට පැමිණියේය. ඩුබායි සිට ක්‍රියාත්මක වූ පද්මේටද ගම්පහ බලය සම්පූර්ණයෙන්ම සියතට ගැනීමට තිබූ එකම සහ ප්‍රධානතම බාධකය වූයේ ඔස්මන් ගුණසේකරය. ඔහු ඝාතනයට බබා නිශාන්ත සහ පොල් ශාන්ත යන අපරාධකරුවන් සම්බන්ධ කරගනිමින් අවස්ථා 10කට වඩා සැලසුම් සකස් කළද, ඒ සෑම අවස්ථාවක්ම ව්‍යර්ථ විය. මෑතකදී, එනම් 2024 වසරේ ගම්පහ නගරයේ පැවති අලුත් අවුරුදු උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස ඔස්මන් සහභාගී වීමට නියමිතව තිබිණි. ඔහු පොල්තෙල් පහන දල්වන මොහොතේම ස්නයිපර් පන්නයේ දිගුදුර ප්‍රහාරයකින් හෝ T-56 අවියකින් වෙඩි තබා ඔහු ඝාතනය කිරීමට පද්මේ සැලසුම් කර තිබිණි.

එහෙත් පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට ලැබුණු අතිශය රහසිගත තොරතුරක් මත, උත්සවය ආරම්භ වීමට මොහොතකට පෙර ඝාතකයන් නවීන ආයුධ ද සමගින් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට පත් වූ වෙඩික්කරු හෙළි කළේ කෙහෙල්බද්දර පද්මේ තමන්ට දුන් අණයි.

"කීයක් මැරුණත් කමක් නෑ. ඔස්මන් මැරෙන්නම ඕනෙ!" යැයි පද්මේ පැවසූ බවටද සැකකරුවන් පාපොච්ඡාරණය කර තිබිණි.

jxlksdf|  'වවුල් කැලේ' මහා ඝාතනය සහ ගම්පහ ඔස්මන්ගේ ජීවිත කතාව අළලා අධ්‍යක්ෂ චමින්ද ජයසූරිය විසින් "Father" නමින් සිනමා නිර්මාණයක් පසුගියදා එළිදැක්විය.
ගම්පහ ඔස්මන්ගේ මෙම සලකුණු තැබූ ජීවිත කතාව, වවුල් කැලේ මහා ඝාතනය සහ අත්තනගල්ල උසාවියේ පළිගැනීම ඇසුරින් මෙරට සිනමාව තුළ "Father" නමින් සිනමා නිර්මාණයක් ද බිහි විය.

ගම්පහ නගරය මත්ද්‍රව්‍යවලින් සහ පාතාල ප්‍රචණ්ඩත්වයෙන් තොර කලාපයක් ලෙස පවත්වාගෙන යාම වෙනුවෙන් ඔස්මන් ගුණසේකර අත්අඩංගුවට පත්වෙන අවස්ථාව දක්වාම සුවිශේෂී කාර්යයක් ඉෂ්ට කළේය. වයස්ගත වුවද විවිධ පාතාල කල්ලි තමන්ව ඝාතනය කිරීමට දිගින් දිගටම දරුණු ලෙස උත්සාහ කළද, සිය ස්ථාවරය වෙනස් නොකළේය.


(මුලාශ්‍රය | aruna)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...