theleaderlk 01

අධිකරණ මගින් දෙමළ මහවිරු සැමරුම් තහනම් නියෝග ලබා දීමේදී දෙයාකාරයක තීරණ ලබා දී ඇති බව උතුරු නැගෙනහිර බහුජන සංවිධාන ක්‍රියාධරයන් විසින් පෙන්වා දී තිබේ.



මුලතිව්, මඩකළපුව දිස්ත්‍රික්වල උසාවි මගින් මහවිරු සැමරුම් සඳහා තහංචි පනවද්දී යාපනයේ උසාවි රැසකින් තහනම් කිරීමේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කෙරිණි.

කයිට්ස්, චාවාකච්චේරි, වඩුක්කොඩෙයි, චුන්නාක්කම්, කෝපායි, තෙල්ලිප්පලෙයි, ඉලවාලෙයි, මානිපායි සහ කන්කසන්තුරෙයි අධිකරණ වලින් පොලිසිය ඉල්ලා තිබුනේ නොවැම්බර් 21 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වෙන මහවිරු සැමරුම් තහනම් කරන ලෙසයි.

චාවකච්චේරි සහ කොඩිකාමම් පොලිස් ස්ථානාධිපතිවරු විසින් පුද්ගලයන් 13 දෙනෙකුට එරෙහිව මහවිරු සමරුම් තහනම් ඉල්ලා තිබිණි.

චාවකච්චේරි මහේස්ත්‍රාත් අන්තොනිපිල්ලේ  ජූඩ්සන් තහනම් නියෝග ලබා දීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, මෙම 13 දෙනාගෙන් බොහෝ දෙනා දැනට පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් වන ලංකාවේ නිතිය සම්පාදනයේ යෙදෙන පාර්ලිමේන්තුවේ සාමාජිකයන් නිසා ඔවුන් රටේ පවතින නීතිය ගැන දැනුවත් නිසා නීතියට පටහැනිව කටයුතු කරන්නේ යැයි අනුමාන කරමින් තහනම් නියෝග ලබා දිය නොහැකි බවය. එහෙත් නම් සඳහන් අය නීතිය අභිබවා යමින් කිසියම් දෙයක යෙදී සිටින්නේ නම් ඔවුන් අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමේ බලය පොලිසියට ඇති බව ද මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.


මල්ලාකම් මහේස්ත්‍රාත් වරයාද සිය අධිකරණ බල ප්‍රදේශයේ පොලිසි අටක් එක්ව පුද්ගලයන් 52 ට එරෙහිව ඉල්ලා තිබු මහවිරු තහනම් නියෝග නිෂ්ප්‍රභා කරමින් කියා සිටියේ ද නිතිය කඩනවා යැයි අනුමාන කරමින් වාරණ නියෝග ලබා දිය නොහැකි බවය.

 පුද්ගලයන් හත් දෙනකුට එරෙහිව මහවිරු තහනම් නියෝග ලබා ගැනීමට පේදුරු තුඩුව හා වැල්වැටිතුරේ පොලිසි ඒකාබද්ධව ඉදිරිපත් කළ ඉල්ලීම පේදුරුතුඩුව අධිකරණය විසින් ඊයේ දිනයේදී ප්‍රතික්ෂේප කෙරිණි.

අදාළ පුද්ගලයන් හත් දෙනා ලංකාවේ නීතියට පටහැනිව යමක් කරන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමේ බලය ඇතැයි පැවසූ මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ එම හත්දෙනා ගැන වාර්තාවක් ලබන 29 වැනිදා ඉදිරිපත් කරන ලෙසයි.

 මේ අතර මහවිරු සැමරුම් සතිය තහනම් කරන ඉල්ලා පොලිසිය කළ ඉල්ලීමක් කයිට්ස් අධිකරණය මගින් ද  නිෂ්ප්‍රභ කර තිබිණි.

 මහවිරු තහනම් නියෝග ලබා ගැනීමට ඒ ඒ  පොලිසි විසින් ඉදිරිපත් කළ චුදිතයන් වෙනුවෙන් කේ.ඒ. ශ්‍රීකාන්තා,  විශ්වලිංගම් මනිවන්නන්, කනගරත්නම් සුගාෂ්, පී.කුගනේශ්වරන්, විශ්වලිංගම් තිරුකුමාරන්, රාජනී නඩරාසා සහ සදීශ්වරන් යන නීතිවේදීන්  පෙනී සිටි බව පලාත්බද මාධ්‍යවේදීහු වාර්තා කරති.

 

 

 

 


 

THE  LEADER  TV
 

ඇගෙන් වැඩ මොළේ වැඩ නෑ! | මොණරවිලගේ ලියමන
 

 
 
ඇමති නොනලටත් මහින්ද බයිට්!

.