ජනාධිපතිවරණයක් කැඳවීමට පෙර ව්‍යවස්ථා සංශෝධයක් සිදුකර සිදුවූ අතපසුවීම් නිවැරදි කරගැනීමට ඉදිරි මාස කිහිපය වුවද ප්‍රමාණවත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
යාපනයේ මුත්තවේලි නගර සභා ක්‍රීඩාංගණයේ ඊයේ (30) පස්වරුවේ පැවති ජන හමුවක් අමතමින් එබව පැවසු ජනාධිපතිවරයා, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ සමානාත්මතාවය සමග රට සංවර්ධනය කරා ගෙන යාමට රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව අවධාරණය කර සිටියේය.
පසුගිය වසර හතර හමාරෙන්, වසර හතරක්ම කෝටි ගණන් මුදල් වැය කරමින් මැති ඇමතිවරු සහ ආණ්ඩුක්‍රම විශාරදයින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම අධ්‍යයනය කිරීමට විදේශ සංචාරවල නිතරවුව ද ඉන් රටට ලැබුණු ප්‍රතිඵලයක් නොමැති බව එහිදී පැවසූ ජනාධිපතිවරයා, ඔවුන් සිදු කළේ උතුරේ ජනතාව රැවටීම සහ දකුණේ ජනතාව අතර වෛරය පැතිරවීම පමණක් බව ද කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරණයක් ගැන කතා කළ ද මෙම වරද නිවැරදි කර ගැනීමට තවමත් පවතින ආණ්ඩුවට කාලය තිඛෙන බවයි.
2020 බලයට පත්වන ආණ්ඩුවකට රට කරගෙන යාමට නම් එම වගකීම පවතින ආණ්ඩුව විසින් ඉටුකළයුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා, එම වගකීම ඉටුකිරීමට එක්වන ලෙස තමා ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට ද ආරාධනා කරන බව පැවසීය.
පාර්ලිමේන්තුව මෙම ගැටලූව විසඳිය යුතු අතර ඊට තම උපරිම සහය ලබාදෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
''නායකයන් තිදෙනෙකුට රටක් කරගෙන යා නොහැකියි''
මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ 19 වන සංශෝධනය හරහා අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ බලය තිඛෙන නායකයන් තුන්දෙනෙක් නිර්මාණය කර තිඛෙන බවයි.
ජනාධිපතිවරයාගේ බලයෙන් කොටසක් ගෙන කොටසක් ඉතිරි කර තිඛෙන අතර, අගමැතිවරයාට බලය වැඩි කර, කථානායකවරයාට තවත් බලය දී තිඛෙන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
නායකයන් තුන්දෙනෙකුට රටක් කරගෙන යා නොහැකි අතර රට අවුලට පත්වන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ තමා උතුරට මෙන්ම රටටම ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ සාමය ලබාදී තිඛෙන බවයි.
කවුරුන් කුමන විවේචන සිදු කළ ද ආණ්ඩුවේ තුවක්කුවක් දේශපාලන හේතුන් මත කිසිවෙකුට එල්ල නොවූ එකම යුගය තම පාලන කාලය බව සිහිපත් කළ ජනාධිපතිවරයා, තමන් ඉදිරියට ද එම නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සාමය සහ සමානාත්මතාවය ස`දහා කැපවී සිටින බව සඳහන් කළේය.
රනිල්, මෛත්‍රී ගෙන් කළ ඉල්ලීම !
මේ අතර එක්සත් ජාතික පෙරමුණ විසින් ඉරිරිපත් කළ යුතු අපේක්ෂකයා සම්බන්ධයෙන් බරපතල අවුලක පැටලී සිටින අගමැති රනිල් වික්‍රමසිංහ, අගෝස්තු 26 දා ඇමති රවී කරුණානායක සමග ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට සහය ඉල්ලා තිබිණ.
මේ අවස්ථාවේදී එවැනි යෝජනාවකට විපක්ෂ නායකවරයාගේ ද සහය ලබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අගමැතිවරයා ඉඟි පළකර ඇත.
එසේම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ජනතා විමුක්ති පෙරමුණෙන් ද ඉල්ලීමක් කර තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, රනිල් වික්‍රමසිංහට ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමේ සංශෝධනයක් අවශ්‍ය නම් ආණ්ඩුව පාර්ශවයෙන් ගෙනෙන ලෙසත් ඊට සිය පක්ෂයේ සහය ලබා දිය හැකි බවත්ය.
'මේ අවස්ථාවේදී සුදුසු නෑ’ - මනෝ ගනේෂන්
කෙසේවුවද ආණ්ඩුව නියෝජනය කරන දෙමළ ප්‍රගතශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් පවසන්නේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සුදුසු අවස්ථාව මෙය නොවන බවත් ඒ පිළිබද මීළඟ
මැතිවරණයෙන් පසු සාකච්ඡා කර තීරණය කිරීම සුදුසු බවත් ය.
වත්මන් තත්වය හමුවේ විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පැවතිය යුතුය යන්න දෙමළ ප්‍රගතශීලී සන්ධානයේ ස්ථාවරය බවද අමාත්‍යවරයා පැවසීය.
විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ උත්සහාය පිළිබඳ දෙමළ ප්‍රගතශීලී සන්ධානයේ ස්ථාවරය ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් මනෝ ගනේෂන් මේ බව කියා සිටියේය.
විධායක ජනාධිපතිධූර ක්‍රමය අහෝසි කිරීමට අදාල කෙටුම්පතක් මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් ඊට තුනෙන් දෙකක බහුතර කැමැත්තක් කිසිවිටක නොලැබෙන බවද හෙතෙම පැවසිය.
බරපතළ අපරාධයක් - දයාරතන හිමි
මේ අතර රාජපක්ෂ හිතවාදී අක්මීමන දයාරතන හිමි පවසන්නේ, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම බරපතළ අපරාධයක් බවයි.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම මඟින් පළාත් සභාවල බලතල ශක්තිමත් වන බවයි.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අක්මීමන දයාරතන හිමි මේ බව අවධාරණය කර සිටියහ.
සබැඳි පුවත් :
රනිල්ගේ යෝජනාවට අනුර බෑ කියයි!






