leader s

සිලින්ඩරය ශක්තිමත් වුවද ගෑස් සංයුතිය වෙනස් වුවහොත් ගෑස් පිටතට පැමිණිය හැකි බව ස්වභාවික වායු සහ ඛනිජ තෙල් ගවේෂණ ඉංජිනේරු නිමල් ද සිල්වා පවසයි.


එහෙයින්, ගෑස් සිලින්ඩරයක් මිලදී ගත් පසු එය නිවස තුළට ගැනීමට පෙර කාන්දුවක් සිදුවන්නේ දැයි පරීක්‍ෂා කර බැලීම සුදුසු බව ඔහු කියා සිටියි.

සිලින්ඩරයෙන්ම ගෑස් කාන්දු සිදුවන්නේ නම් වරද ඇත්තේ වෑල්වයේ බවත්, වෑල්වයෙන් ගෑස් කාන්දුවීමය හේතුව සිලින්ඩරයේ අභ්‍යන්තර පීඩනය බවත් කී ඉංජිනේරුවරයා පීඩනය වෙනස් වන්නේ සංයුතිය වෙනස් වුවහොත් පමණක් යැයි ද සඳහන් කළේය.

ගෑස් සිලින්ඩරයේ වෑල්වය මතට සබන් පෙන ස්වල්පයක් යෙදීමෙන් කාන්දුවක් වන්නේ ද යන්න නිරීක්‍ෂණය කළ හැකි බව කී නිමල් ද සිල්වා, රෙගියුලේටරය කලකින් මාරු කර නැත්නම් මාරු කරගැනීම මෙන්ම නිසි ප්‍රමිතියකින් යුත් රෙගියුලේටරයක් යෙදීමත්, ගෑස් සිලින්ඩරය සම්බන්ධ කරන නලය හොඳින් පරීක්‍ෂා කර භාවිතා කිරීමත් වැදගත් බව සඳහන් කළේය.

මෙම කරුණු නොසලකා හැරියොත් ජීවිත හානියක් පවා විය හැකි බව හෙතෙම කීවේය.



මෑත කාලයේදී දිගින් දිගටම සිදුවූ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේ ද පැවසීය.


image 916b5ca83f

"දැන් පාරිභෝගිකයන්නට පුළුවන් ගෑස් සිලින්ඩරයක් ගෙනාවොත් සබන් ටිකක් දාලා බලන්න. මේක ලීක් වෙනවාද කියන එක. ඒකෙ ලීක් එකක් තිබුණොත් ගේ ඇතුළට ගන්න එපා. ආපසු ගිහින් බාරදෙන්න ගත්ත තැනට. නැත්නම් ඒ ගත්ත තැනට කෝල් කරලා කියන්න. ඊළඟට රෙගියුලේටරයත් මාරු කරන්න. හැබැයි හොඳ එකක් ගන්න. ඊට පස්සේ බටෙත් හොඳට පරීක්ෂා කරලා බලන්න. මොකද මේක අපි ප්‍රතික්ෂේප කළොත් ජීවිත හානියක් වෙන්නත් පුළුවන්." - ස්වභාවික වායු සහ ඛනිජ තෙල් ගවේෂණ ඉංජිනේරු නිමල් ද සිල්වා



“ගෑස් ගැන පිළිගත හැකි ප්‍රකාශයක් ඕනෑ” - ඇමති විදුර




මේ අතර රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසන්නේ, මහජනතාව මුහුණ දී ඇති ප්‍රශ්ණවලදී රජයේ වගකීම සහ වගවීම පිළිබඳ බරපතල ප්‍රශ්ණයක් ඇති බවයි.

ගෘහස්ථ ගෑස් පාරිභෝගිකයන් තුළ මේදිනවල පවතින බිය පිළිබඳ ඊයේ මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් හටගෙන ඇති ආන්දෝලනාත්මක තත්වය විසඳීමට විෂයභාර අමාත්‍යවරයා විසින් ජනතාවට පිළිගත හැකි ප්‍රකාශයක් කළ යුතු බවත් මෙතෙක් එවැනි ප්‍රකාශයක් නොකිරීම මෙම තත්වයට හේතුව බවත් විදුර වික්‍රමනායක අමාත්‍යවරයා සඳහන් කළේය.


පිපිරීම්වලට හේතුව සොයා පරීක්ෂණ:


මේ අතර ආන්දෝලනයට තුඩු දී ඇති ගෑස් සිලින්ඩරවල පිපිරීම්වලට හේතුව සොයා මේ වනවිට අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වෙයි.

මෙලෙස මෑත කාලයේ ගෑස් කාන්දු නිසා සිදුවන පිපිරීම් ගැන අසන්නට ලැබෙන්නේ ගෑස් සිලින්ඩරවල වායු සංයුතියේ වෙනස්කම් සිදුකර ඇති නිසා බවට ද විවිධ මත පළවෙයි.

ඔවුන් පවසන්නේ ප්‍රොපේන් 30% ක් පමණ සහ බ්‍යුටේන් 70% ක් වශයෙන් පැවති ශ්‍රී ලංකාවේ LP ගෑස් සිලින්ඩරයක සංයුතිය ප්‍රොපේන් 50% ක් සහ බ්‍යුටේන් 50% ක් ලෙස වෙනස් කර ඇති බවය.

කෙසේවෙතත් වායු සංයුතියේ කිසිදු වෙනස්කමක් සිදුකර නොමැති බව ලිට්‍රො සහ ලාෆ්ස් යන ගෑස් සමාගම් දෙකම අවධාරණය කරති.


සබැඳි පුවත් :
ගෑස් සිලින්ඩර් පිපිරීම : 'වැලිකන්දේ තරුණිය මිය ගියේ ගිනිතබාගෙන' - පොලිසිය

 

THE  LEADER  TV



අපමණ ගලියක් ගොඩ අදී ! | මොණරවිලගේ ලියමන

 

සර් ප්‍රජා අයිතිය අහෝසි කරන ගේම මෙහෙමෙ ගහන්න‍‍


 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්