ඊයේ (20)  මධ්‍යම රාත්‍රීයේ සිට තෙල් මිල ඉහළ දමා තිබේ. ඒ අනුව සියලුම තෙල් මිල ඉහළගොස් ඇත්තේ පහත පරිදිය.


ඒ අනුව,

#  ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 177ක් දක්වා ඉහළ යනු ඇත. 

 
මීට පෙර රුපියල් 157ක්ව පැවති එහි මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 20කිනි.
 

# ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23කින් ඉහළ දමා ඇත. 

එහි නව මිල වන්නේ රුපියල් 207ක්. මීට පෙර එම පෙට්‍රල් මිල පැවතියේ ලීටරයක් රුපියල් 184ක් ලෙසටයි.
 

# නව මිල වැඩි කිරීමත් සමග ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111 සිට 121 දක්වා ඉහළ ගොස් තිබේ.  එහි මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 10කිනි.
 

# සුපර් ඩීසල් ලීටරයක නව මිල වන්නේ 159කි.

 රුපියල් 144ක්ව පැවති එහි මිල රුපියල් 15කින් ඉහළ දැමීමටයි තීරණය කර ඇත.
 

#. මේ අතර මෙම මිල ගණන් වැඩි කිරීමට සාපේක්ෂව භූමිතෙල් මිල ද ඉහළ නංවා ඇත. ඒ රුපියල් 10කිනි. 

 ඒ අනුව රුපියල් 77ක් ව පැවති භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 87කි.



මහ බැංකුවෙන් යෝජනාවක් ?


පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල ගණන් ඉහළ නංවා ඉන්ධන ඉල්ලුම පාලනයට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යවරයා වෙත මිට ඉහතදී ලිපියකින් දැනුම් දී තිබිණ.

මෙම දැනුම්දීම කර ඇත්තේ පවතින ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ඉන්ධන ඉල්ලුම අඩු කිරීමේ අරමුණින් බව සඳහන් විය.

දෙසැම්බර් 10 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ.

ඛනිජ තෙල් ගෙන්වීම සඳහා විදේශ විනිමය වැඩි වශයෙන් වැයකිරීම හේතුවෙන් රට තවදුරටත් විශාල අර්බුදයකට මුහුණපාන බව එමගින් පෙන්වාදී ඇති අතර ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 35කින්, ඩීසල් ලීටරයක් රුපියල් 24කින් හා භූමිතෙල් ලීටරයක් රුපියල් 11කින් ඉහළ නංවන ලෙස ඉල්ලා ඇති බව වාර්තා විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ, කැඳවුම්කරු, ආනන්ද පාලිත මෙසේ සඳහන් කළේය.



"මහ බැංකුවෙන් දැනුම්දීලා තියෙනවා ලු ලිඛිතව මුදල් ඇමතිට ඉන්ධන පරිභෝජනය අඩු කරන්න පෙට්‍රල් ලීටරයක් රු 35කින්, ඩීසල් ලීටරයක් රු 24කිනුත්, භූමිතෙල් ලීටරයක් රු 11කින් වැඩිකරන්න. මං අහන්න කැමතියි මේ මහ බැංකුවේ නිලධාරීන්ගෙන් මේගොල්ලෝ ලංකාවේ ද ඉන්නේ. දැන් ආණ්ඩුවට කියන්න බෑ ඇමතිවරයාට ඇවිත් කියන්න බෑ දැන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩියි කියලා. දැන් ලෝක වෙළෙඳපොළේ බැරලයක් ඩොලර් 15කින් අඩුයි. දැන් මොකද්ද කියන්නේ, ඉන්ධන පරිභෝජනය සීමා කරන්න ඩොලර් ආරක්ෂා කරන්න රුපියල්වලින් වැඩිකරන්න කියලා."



ලෝක වෙළෙඳපොළේ ඉන්නධ මිල යළිත් පහළට !

 

මෙලෙස මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට යෝජනා වී ඇත්තේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල යළිත් පහළ බසිමින් පවතින වාතාවරණයක බව වෙළෙඳපොළ දත්ත නිරීක්ෂණය කළ විට පෙනීයයි.

ඉකුත් ඔක්තෝබර් 20 වැනිදා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 85.82 ක්ව පැවති අතර අද වන විට එම මිල ඩොලර් 71.24 දක්වා සියයට 17කින් පහළ බැස තිබේ.

ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුකර ඇති ඉල්ලීම් පිළිබඳව පළවන මෙම වාර්තා සම්බන්ධයෙන් "අද දෙරණ" කළ විමසීමකදී ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබුනේ, තමන් එම පුවත තහවුරු නොකරන බවත් එසේම එය ප්‍රතික්ෂේප නොකරන බවත් ය.


ඉන්ධන හිඟයක් නැහැ..


මතුව ඇති මෙම අර්බුදයත් සමඟ මෙරට ඉන්ධන සංචිතය ප්‍රමාණවත්ව ඇත්තේ තවත් දින 10 ක කාලයකට පමණක් බවට පැතිර යන ප්‍රචාරය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ගෙන් විමසු අවස්ථවේදී ඔහු ප්‍රකාශ කළේ ලබන වසරේ ජනවාරි 18 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට තෙල් තොග ලැබීම සහතික වී ඇති බවය.

ඊට අදාළ ණයවර ලිපි විවෘත කිරීමේ ගැටලුවක් මතුව ඇතත් සෑම සතියකම ඉන්ධන නෞකා හතරක් හෝ පහක් මෙරටට පැමිණීමට නියමිත බැවින් ඉන්ධන හිඟයක් පිළිබඳ බියක් ඇතිකර ගත යුතු නැතැයිද බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය.


16 වෙනිදා ගන්න තිබු තීන්දුවක් !



රජය විසින් ඉන්දන මිල ඉහල දැමීමට තීන්දුකර තිබුනේ දෙසැම්බර් 16 වෙනිදා මධ්‍යම රාත්‍රීයේ සිටයි.

ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා වූ විශේෂ සාකච්ජාවක් එදින රාත්‍රී 8.00ට වැඩබලන මුදල් අමාත්‍ය ජී.එල්. පීරිස් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුන ඊට අදාල පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය වී ඉන්දන පිරවුම්හල් අසල වාහන තදබදයක් ඇතිවීමත් සමග එම රැස්වීම අවලංගු කරමින් එදින රාත්‍රී ඉන්දන මිල ඉහල නොදමන බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සිය ෆේස්බුක් ගිණුම හරහා දැනුම් දුන්නේය.



සබැඳි පුවත් :
 
 

Leader Whats app

 

අගමැතිකමට අබ සරණයි අප්පච්චිට ආතතිය !

 
 
 
සර් හැරෙන කොට බැසිල් කලාත් ඉවරයි ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 


 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්