ජනතාව ආර්ථික වශයෙන් බරපතල පීඩාවකට පත්ව සිටින මොහොතක ඉන්දන මිල ඉහල දැමු මුදල් අමාත්‍යවරයාට වහාම සිය ඇමති ධුරයෙන් ඉල්ලා

අස්වෙන්නැයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වලින් යෝජනාවක් ඉදිරිපත් වීමට නියමිතව ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග වලින් 'ද ලීඩර්' වෙත  වාර්තාවේ.

 ඊට අදාල මාධ්‍ය නිවේදනය මේවනවිටත් කෙටුම්පත් කරමින් සිටින බවත්, ලෝක වෙළඳපොලේ ඉන්දන මිල ගණන් පහත යද්දී මෙසේ මෙරට ඉන්දන මිල වැඩිකිරීම හවුල්කාර පක්ෂවල දෝෂ දර්ශනයට ලක්ව ඇති බවත් ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉතා ඉහල අගයකින් ඉන්ධන මිල ඉහළ දැමු අතර ඒ අනුව ලංකා IOC සමාගමත් අද (21) දිනයේ සිට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

IMG 20211221 WA0045

දෙසැම්බර් 10 ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉල්ලීම :


පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල ගණන් ඉහළ නංවා ඉන්ධන ඉල්ලුම පාලනයට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යවරයා වෙත මිට ඉහතදී ලිපියකින් දැනුම් දී තිබු බව ආණ්ඩුවට පක්ෂපාති මාධ්‍ය වාර්තා කර තිබිණ.

මෙම දැනුම්දීම කර ඇත්තේ පවතින ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ඉන්ධන ඉල්ලුම අඩු කිරීමේ අරමුණින් බව ද එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

දෙසැම්බර් 10 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් එවැනි ඉල්ලීමක් කර ඇති බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග ද පවසයි.

ඛනිජ තෙල් ගෙන්වීම සඳහා විදේශ විනිමය වැඩි වශයෙන් වැයකිරීම හේතුවෙන් රට තවදුරටත් විශාල අර්බුදයකට මුහුණපාන බව එමගින් පෙන්වාදී ඇති අතර ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 35කින්, ඩීසල් ලීටරයක් රුපියල් 24කින් හා භූමිතෙල් ලීටරයක් රුපියල් 11කින් ඉහළ නංවන ලෙස ඉල්ලා ඇති බව වාර්තා විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ, කැඳවුම්කරු, ආනන්ද පාලිත මෙසේ සඳහන් කර තිබිණ.


"මහ බැංකුවෙන් දැනුම්දීලා තියෙනවා ලු ලිඛිතව මුදල් ඇමතිට ඉන්ධන පරිභෝජනය අඩු කරන්න පෙට්‍රල් ලීටරයක් රු 35කින්, ඩීසල් ලීටරයක් රු 24කිනුත්, භූමිතෙල් ලීටරයක් රු 11කින් වැඩිකරන්න. මං අහන්න කැමතියි මේ මහ බැංකුවේ නිලධාරීන්ගෙන් මේගොල්ලෝ ලංකාවේ ද ඉන්නේ. දැන් ආණ්ඩුවට කියන්න බෑ ඇමතිවරයාට ඇවිත් කියන්න බෑ දැන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩියි කියලා. දැන් ලෝක වෙළෙඳපොළේ බැරලයක් ඩොලර් 15කින් අඩුයි. දැන් මොකද්ද කියන්නේ, ඉන්ධන පරිභෝජනය සීමා කරන්න ඩොලර් ආරක්ෂා කරන්න රුපියල්වලින් වැඩිකරන්න කියලා."


ඉන්දන මිල වැඩිකරන්න හිටියේ 16 වෙනිදා !


ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉල්ලීම මත රජය විසින් ඉන්දන මිල ඉහල දැමීමට තීන්දුකර තිබුනේ දෙසැම්බර් 16 වෙනිදා මධ්‍යම රාත්‍රීයේ සිටයි.

ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා වූ විශේෂ සාකච්ජාවක් එදින රාත්‍රී 8.00ට වැඩබලන මුදල් අමාත්‍ය ජී.එල්. පීරිස් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුන ඊට අදාල තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය වීමත් සමග එදින පස්වරුවේ ඉන්දන පිරවුම්හල් අසල දිගු වාහන පෝලිම් දක්නට ලැබිණ.

එම තත්ත්වය තුළ අදාල රැස්වීම අවලංගු කර තිබු අතර එදින රාත්‍රී ඉන්දන මිල ඉහල නොදමන බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සිය ෆේස්බුක් ගිණුම හරහා දැනුම් දෙනු ලැබිය. එහෙත් ඉන්දන මිල ඉහල නොදමන බවක් සඳහන් නොකිරීමට ඔහු වගබලා ගෙන තිබිණ.

IMG 20211221 WA0044

බැසිල් 15 වෙනිදා රටින් පැන ගිය හේතුව !

 

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දෙසැම්බර් 15 අලුයම හදිසියේ ම රටින් පැනගියේ 16 වෙනිදා රාත්‍රී ඉන්දන මිල ඉහල දැමීමේ තීන්දුව ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබු හෙයින් බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග අවධාරණය කර සිටියි.

 

මුදල් ඇමතිවරයා 15 උදැසන විදේශගත වන බව ජනාධිපතිවරයා පවා දැනුවත්ව ඇත්තේ ඔහු 14 දා මැදියම් රැ සිංගප්පුරුවේ සිට යලි දිවයිනට පැමිණි අවස්ථාවේදී ඔහු පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ සිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඒ පිලිබඳ දැනුවත් කිරීමෙන් පසුවය.

අනතුරුව ජනාධිපතිවරයා විසින් 15 දා පෙරවරුවේ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් වැඩබලන මුදල් ඇමති ලෙස පත්කල අතර එදිනම රාත්‍රී ඉන්දන මිල සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට උපදෙස් දී තිබිණ. එදින රාත්‍රී 8.30 ට මුදල් අමාත්‍යංශයේ විශේෂ සාකච්ජාවක් කැඳවා තිබුනේ ඒ අනුවය. ඒ පිළිබඳව සමාජ මාධ්‍ය හරහා අනාවරණය වීම තුල එම සාකච්ජාව අවලංගු කල අතර ඉන්දන මිල ගැන තීන්දුව ප්‍රකාශයට පත්කළේ ඊයේ මධ්‍යම රාත්‍රීයේ දිය.


ඇමතිට අස්වෙන්නැයි පොහොට්ටු ලේකම් ගෙන් නිවේදනයක්

 

පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්

 

මිට මාස කිහිපයකට ඉහත දී ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව විසින් ඉන්දන මිල මිල ඉහල දැමීමට තීන්දු කල අවස්ථාවේදී එම තීන්දුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයට පත්කළ විෂය බාර අමාත්‍ය උදය ගම්මන්පිලට වහාම ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්නැයි මාධ්‍ය නිවේදනයක් හරහා දැනුම් දීමක් කර තිබුනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ)  මහ ලේකම් සාගර කාරියවසම් විසිනි.

 ඉන්ධන මිල ඉහළ නංවන්නට සිදුවීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් විසින් ජුනි 12 දා නිකුත් කල මාධ්‍ය නිවේදනය මගින් අවධාරණය කර තිබිණ.

image 3ef9a04eb0


ජූනි 9 දා ජීවන වියදම් කමිටුවේ තීන්දුවක් !



කෙසේවුවද එසේ ඉන්දන මිල ඉහල දැමීමට තීන්දු කර තිබුනේ, ජනාධිපති, අගමැති හා නාමල් රාජපක්ෂ ඇමතිවරයා ද සහභාගී වූ ජූනි 9 දා කැඳවා තිබු ජීවන වියදම් කමිටු රැස්වීමේ දි බව පසුව අනාවරණය විය.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් එබව තහවුරු කර තිබිණ.

පසුගිය මාස කිහිපය තුළ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල අඛණ්ඩව ඉහළ යාම තුළ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුවේ දී අවධානය යොමුකරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කර තිබු එම නිවේදනයේ සඳහන් විය.


බැසිල්ට මුදල් ඇමැතිකමට පාර කැපු ඉන්දන මිල !


ඉන්දන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බලවත් විරෝධයක් මතුකල අතර බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරයට පත්කළ හොත් ඒ මොහොතේම ඉන්දන මිල යලි පහලදමනු ඇති බවට බැසිල්වාදීන් විසින් ප්‍රබල මාධ්‍ය මෙහෙයුමක් සමාජ ගත කළේය.

2024 ජනාධිපතිවරණයට බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කිරීමේ සුදානමක් සහිතව එම සමාජ මාධ්‍ය මෙහෙයුම නම්කර තිබුනේ 'බැසිල් සුළඟ' නමිනි.

විදේශගතව සිටින බැසිල් රාජපක්ෂ යලි දිවයිනට එන්නේ, ඉහල දැමු ඉන්දන මිල ඇතුළු අත්‍යවශ්‍ය බදු මිල පහත දැමීමේ වැඩපිළිවෙලක් සහිතව බව පොදුජන පෙරමුණට සම්බන්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඒ දිනවල අවධාරණය කළේය.


මොළ හතානෝ !


මේ අතර බැසිල් රාජපක්ෂගේ සමීපතම හිතවතකුවන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර ඒ දිනවල පැවසුයේ, බැසිල් රාජපක්ෂ පොදුජන පෙරමුණ නිර්මාණය කළා පමණක් නොව, රටේ දැවැන්ත සංවර්ධන කටයුතු වල පිටුපස සිටි දැවන්ත ම චරිතය බවයි.

එහෙයින් ඉන්ධන මිළ වැඩි වීම සම්බන්ධව බැසිල් රාජපක්ෂ රට තුළ සිටියා නම් ඒ සම්බන්දව දෙවරක් සිතා බැලීමට අවස්ථාව දෙනු ඇතැයි ජනතාව තුළ විශ්වාසයක් ඇති බවද ඔහු පැවැසීය.

ඔහු එබව සඳහන් කළේ උඩුනුවර ආසනයේ 'කෝවිඩ් කමිටු' රැස්වීමක් සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RANJITH BANDARA


“මේ අවස්ථාවේ තෙල් මිල වැඩි කිරිම සුදුසුයි කියා විස්වාස කරන්නේ නෑ. අපේ පක්ෂයේ මහ මහලේකම් විසින් එබව නිවේදනයක් විදියටම ප්‍රකාශ කර තිබෙනවා. පක්ෂයක් ලෙස තෙල් මිල වැඩි කිරීම සම්බන්ධව අපේ කනස්සල්ල ඉදිරිපත් කරනවා.'' -පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර

 

 

බැසිල් රාජපක්ෂ මෙරටට පැමිණෙන තුරු ජනතාව බොහෝ අපේක්ෂාවෙන් සිටින බවත් ඉන්ධන මිල අඩු කිරීමත් එම අපේක්ෂාවලින් එකක් බවද මහාචාර්‍ය රන්ජිත් බණ්ඩාර එම රැස්වීමේදී පැවැසිය.

 

එසේ,  ආර්ථිකය යලි ශක්තිමත් කර ඉන්දන ඇතුළු අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ මිල පහත දැමීමේ හැකියාව ඇත්තේ තමාට පමණක් බවට ජනාධිපතිවරයා වෙත  බලපෑම් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ සතුව තිබු මුදල් අමාත්‍යංශය අත්පත්කර ගැනීමට 'බැසිල් සුළඟ' මෙහෙයුම හරහා බැසිල් රාජපක්ෂ සමත්විය.

 

 






සබැඳි පුවත්:

ඉන්ධන මිල ඉහළ දමන්නේ ද? නැද්ද ? - ගම්මන්පිල, බැසිල්ට බොලේ පාස් කරයි

බඩු මිල අඩු කරන්න 'බැසිල් සුළඟ' එයි!    

පොහොට්ටු ලේකම්ට ටොක්කක් : උදය වෙනුවෙන් ජනපති උත්තර බඳී

ජනාධිපතිට හා අගමැතිට ගහන්න සාගරට හයිය දුන්නේ බැසිල් ද?

උදයට එරෙහි පොහොට්ටු ලේකම්ගේ ලිපියට ඇමතිවරු රැසකගේ විරෝධය !

පොහොට්‍ටු ලේකම් විදිදේ උදයට. වැදුණේ ගෝඨාට හා මහින්දට !

උදයට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැලක් !  

බැසිල් - විමල් කල්ලි ගැටුම : ඉන්දන මිළ ඉහල දැම්ම ගැන පොහොට්ටුවෙන් විරෝධයක්!

ආණ්ඩුව ඉන්දනවලින් බිලියන 400ක ලාභයක් උපයාගෙන!

 

Leader Whats app

 
 
 

අගමැතිකමට අබ සරණයි අප්පච්චිට ආතතිය ! 

 
සර් හැරෙන කොට බැසිල් කලාත් ඉවරයි ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
ස' වැටිච්ච අමාරුවක්! දිලිත් ද? පීබී ද?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්