ජනවාරි 18 පාර්ලිමේන්තුව යලි විවෘත කිරීමට පෙර කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් සිදුකෙරෙනු ඇති බවත්, අමාත්‍යවරුන්ට තමන් යටතේ ඇති රාජ්‍ය ආයතනවලට සුදුසු සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල
පත්කර ගැනීමේ බලය පවරා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවත් රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

මෙම කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ ප්‍රබල ඇමැති ධුර හයක පමණ වෙනස්වීම් සිදු වනු ඇතැයි ද ඉහත ආරංචිමාර්ග පවසයි.

එමෙන්ම රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ එම ඇමතිධූරවලද කිසියම් වෙනසක් සිදු කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

මෙයට අමතරව කාර්ය සාධනය දුර්වල රජයේ ප්‍රධාන පෙළේ ආයතන අටක මුල් පුටුද ඉදිරියේදී වෙනස් කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇති බවත් ආණ්ඩුව නව වසරේ අලුත් ගමනක් ආරම්භ කිරීමේ මූලික පියවරක් ලෙස මෙම සංශෝධන සිදු කරන බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

නව වසරේ නව වෙනස්කම් සමග අලූත් ගමනක් ආරම්භ කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් ජනාධිපතිවරයාගෙන් පසුගිය සතියේදී ඉල්ලීමක් කර තිබිණ.  මෙම කැබිනට් සංශෝධනය හා ඇමතිවරුන්ට යළි ව්‍යවස්ථානුකුල බලතල ලබාදීම එහි ප්‍රතිඵලයක් බව දැනගන්නට ඇත.


(ලංකාදීප)


සබැඳි පුවත් :
කැබිනට් කුට්ටම අනන්න බැසිල් එයි !
 
 

Leader Whats app

 
 
 
 
 
සර් උදයංගත් ලේකම් කෙනෙක් කරන්න! |වෙබ් කේළම
 
 


'හූ' කන අවුරුද්දක් නොවේවා! | Gossip
 
 


දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්