leader s

ගයාන් පීරිස් විසින් රචිත සිවුවැනි කාව්‍ය සංග්‍රහය 'මාවඩ්ඩිපුරම් දොර ඇරුණා' ජනගත කිරීම මාර්තු 29වන දින

කොළඹ, නිදහස් චතුරස්‍රයේ පිහිටි පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවණාගාරයේ දී සවස 2.30ට සිදු කෙරේ.

මෙහි මුඛ්‍ය දේශන පවත්වනු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ මහචාර්ය සරත් විජේසූරිය සහ ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමරසිරි වික්‍රමරත්න විසිනි.

ගයාන් විසින් ලියූ ජනප්‍රිය ගීත ගායනය සඳහා ඉන්දික ලියනගේ, අනුරාධ අබේසිංහ , තුසිත් සිම්සන්, ඉනෝකා වීරසිංහ, ශානිකා ප්‍රබෝධනී ඇතුළු ප්‍රවීණ සහ නව ගායක ගායිකාවන් පිරිසක් ද සහභාගි වෙති.

ගයාන් පීරිස්ගේ පළමු කාව්‍ය සංග්‍රහය 2006 වසරේ දී ‘මෙත් මහ බෝසතුනේ’ නමින් ද දෙවැන්න ‘මහෞෂධ නොදුටු පැන’ නමින් 2018 වසරේ දී ද තෙවැනි කාව්‍ය සංග්‍රහය වන ‘බිඟුන් මේ ගයනවා නොවේ ‘ 2019 දී ද පළ විය.

kjzdnf 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්