leader s

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසින් රචිත ''කැතයි ලැජ්ජයි නින්දිතයි' කෘතිය හෙට (25) සඳුදා ප.ව. 2.00ට කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී (නිදහස් චතුරස්‍රය අසල) එළිදැක්වේ. 


ඒ සම්බන්ධයෙන් තරිඳු උඩුවරගෙදර සිය ෆේස්බුක් පිටුවේ  පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.

'' දැනට පොත එළිදැක්වීමට මට පර්සනලි ආරාධනා කරන්න වෙලාවක් නැති වුණා. තව බොහෝ දේවල්වල හිර වුණ නිසා. ඔබ ඒවි කියා හිතනවා. 

ලිවීම මගෙ පැෂන් එක. ඒ නිසා මට ආත්මීයව හෙට (25) වැඩේ හරි ලොකුයි.

ඒත් මේ ලීවේ මට අයිති පුද්ගලික කතාවක් නෙවෙයි, සාමූහික දැනුමක්- සාමූහික සටනක්. ඒක ඇතුළේ මා ලියූ දේවල්. ඉතින් ඒ වැඩේ පොදු ක්‍රියාවලියක කොටසක්. 

මේ පොත මගේ තනි සොයාගැනීම් ඇතුළත් පොතක් නෙවෙයි. මේක මා ලියූ ලිපිවල එකතුවක් වුණත්, මේ පොත අයිති වෙන්නේ යුක්තිය වෙනුවෙන් සටන් කරපු මිනිස්සුන්ට, මෙහි ඇති කරුණු හෙළිදරව් කිරීමට අදාලව වැඩ කරපු විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඇතුළු බොහෝ දෙනෙකුටයි. මෙය සාමූහික ප්‍රයත්නයක්. මා කළේ බොහෝ දේ පෙළගස්වා සංග්‍රහ කිරීම. 

ඒ නිසා, ඒ සාමූහික වටිනාකම් වෙනුවෙනුත් හෙට හවස එන්න කියා ඔන්න පොදුවේ හැමෝගෙන්ම ඉල්ලනවා.

ඉතින් හෙට හමුවෙමු!

 

WhatsApp Image 2024 03 24 at 4.01.32 PM


 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්