පොත් වසන්තය සඳහා තව ඉතිරිව ඇත්තේ දෙමසක් පමණි.

එය ඇරඹීමට පෙරාතුව මෙම වසරේ මෙරට සාහිත්‍ය උළෙල හතක් පැවැත් වේ.

ඒ: ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සහ රජත පුස්තක සම්මාන උළෙල, ගොඩගේ ජාතික සම්මාන උළෙල, ගොඩගේ අත්පිටපත් තරගය, විදර්ශන අත් පිටපත් තරගය, විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ය.

මෙම සම්මාන උළෙල අතුරෙන් මේ වන විට: ස්වර්ණ පුස්තක උළෙලෙහි පළමු වටයේ නිර්දේශිත කෘති, රජත පුස්තක උළෙලෙහි නිර්දේශිත කෘති සහ ගොඩගේ අත් පිටපත් තරගයේ ජයග්‍රහාක කෘති ප්‍රකාශයට පත් කර ඇත.

මතු දැක්වෙන්නේ අදාළ සම්මාන උළෙල සඳහා නිර්දේශිත කෘති සහ ගොඩගේ අත් පිටපත් තරගයේ ජයග්‍රාහක කෘති සහ අදාළ කෘති රචනා කළ කතුවර කතුවරියන්ගේ නාම ලේඛනය යි.

2024 ස්වර්ණ පුස්තක සම්මානයේ පළමු වටය සඳහා නිර්දේශිත: කෘති, කතුවරු, කතුවරියෝ සහ ප්‍රකාශන ආයතන

 


 කැළලිකාරයෝ - ලියනගේ අමරකීර්ති (විදර්ශන ප්‍රකාශන)
 කඩ දොර - මනෝහරී ජයලත් (විදර්ශන ප්‍රකාශන)
 සිරසාලවන්‍යා - චමිල් හරෂණ එදිරිසිංහ (සරසවි ප්‍රකාශන)
 කැමෙලියා - විරාජිනී තෙන්නකෝන් (සරසවි ප්‍රකාශන)
 කොස්මොපොලිටන් ජීවිත - ශමෙල් ජයකොඩි (සරසවි ප්‍රකාශන)
 වීසාචකයෝ - සුනේත්‍රා රාජකරුණානායක (සරසවි ප්‍රකාශන)
 උත්පත්ති - කීර්ති වැලිසරගේ (සරසවි ප්‍රකාශන)
 සිල්වර් ටිප්ස් - මලික් තුසිත ගුණරත්න (සූරිය ප්‍රකාශන)
 මැයි මාර ප්‍රසංගය - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල (සන්ථව ප්‍රකාශන)
 රන් නාරි කුඤ්ජරය - ශ්‍රීකාන්ති කැටවලකුඹුර (මියුසස් ප්‍රකාශන)
 ප්‍රේම සූත්‍ර  - චූලාභය ශාන්ත කුමාර හේරත් (ෆාස්ට් පබ්ලිෂින් )
 තිවංක කතාව - එරික් ඉලයප්ආරච්චි (ගොඩගේ ප්‍රකාශන)

2024 රජත පුස්තක සම්මානයේ පළමු වටය සඳහා නිර්දේශිත: කෘති, කතුවරු, කතුවරියෝ සහ ප්‍රකාශන ආයතන

කාව්‍ය


හිත හදාගත් කෙනෙක් - සමිත බී. අටුවබන්දෑල (ගොඩගේ ප්‍රකාශන)

ධූමලාවණ්‍යාගාරය - රුවන් බන්දුජීව (ඔඩම ප්‍රකාශන)

මහත්වරු සිසිර නින්දක - රංජිත් මල්ලියාවඩු - (කවිවර ප්‍රකාශන)

තාම ඒ කුරුලු හඬ එතැන - ළහිරු කිතලගම (ඩ්‍රීම් පෙන්සිල් ප්‍රකාශන)

කෙටිකතා

රජත පුස්තක කෙටිකතා
බිඳුණු බිත්ති - කමල් පෙරේරා (සරසවි ප්‍රකාශන)

ආරිය සිංහබාහුගේ මරණය - ප්‍රින්ස් සේනාධීර (විදර්ශන ප්‍රකාශන)

නාග රුපාන්තරණ(ය) - සුනිල් වික්‍රමසිංහ (ගොඩගේ ප්‍රකාශන)

මගහැරුණු දූපත් - ප්‍රභාත් ජයසිංහ (සරසවි ප්‍රකාශන)

යොවුන් සාහිත්‍ය

රජත පුස්තක යොවුන්
වංකගිරියක ළමයි - එරික්  ඉලයප්පාරච්චි (ගොඩගේ ප්‍රකාශන)

ඇහැළ මලට දම් පාටක් - චතුරි දමයන්ති (විදර්ශන ප්‍රකාශන)

සාෂයි මමයි - දමයන්ති අඹේපිටිය (සරසවි ප්‍රකාශන)

වරූන් සහ වසන් - සරත් මුනසිංහ ආරච්චි (ගොඩගේ ප්‍රකාශන)

2024 ගොඩගේ අත්පිටපත් තරගයේ ජයග්‍රාහි කෘති සහ කතුවර කතුවරියෝ

 

novel godage

 

නවකතා

 

ජයග්‍රාහි නවකතාව

කර්ම චාරිකාව - උපනන්ද වැලිකල

ප්‍රශස්ත නවකතා

සිහ ලෙන බිඳලා - හෙන්රි හෙට්ටිආරච්චි

මං එනතුරු - නාලනී සුරසිංහ

කුසලතා අගැයීම්

අමෝරා - මධූෂා හේවගේ


448509000 7702455386536350 1893399365733855893 nකාව්‍ය

ජයග්‍රාහී කාව්‍ය සංග්‍රහය

ඉතාමත් කෙටි ලෝබ හිතෙන - අරුණ වික්‍රමආරච්චි

කුසලතා අගැයීම්

අචිරවතියෙන් මිදුණු සිතුවිලි - නජිලා අධිකාරී

දළඹු මිනිස්සු - සුමුදු මදුෂානි කාරියවසම්

හිස් තැනක හිඳ - විදානගමගේ මුදිත් දිල්ශාන්

රිද්ම - ඉන්ද්‍රා ලියනගේ

යෙලේනා මගහළා ගිය තරු කිණිති - ප්‍රහර්ෂි පෙරේරා

පත් හැලෙන සමය වුව - පෘථිවි අයෙෂ්මන්ත බාලසූරිය

සමනල තටුවක් විකිණීමට - මලිඳු කාවින්ද කුමාරසිංහ

යොවුන් නවකතා

ජයග්‍රාහී යොවුන් නවකතාව

තටු මොඩ්ල් - දුමින්ද ජයවර්ධන

කුසලතා අගැයීම්

යොවුන් කල්පනා  - අහල්‍යා තාමරසී පිනිදියපතිරගේ

පල්ලං පොල්ල දාලම යං - සුසිල් ජේ. අමරසේකර

දෙවට දිගේ - මුදිත නිශ්ශංක

ගිරි තරණය - පසිඳු මිහිරාන් රැටියල

එලීසා - පද්මිණී සිටුගේ ජයවික්‍රම

මග සොයා පෙරට යා - වසන්තා රංජනී පතිරණ

බෙලිගල රන් අසිපත - ගුණසේකර අධිකාරි

විද්‍යා ප්‍රබන්ධ (මුද්‍රණය සඳහා නිර්දේශිත)

අඟහරු මෙහෙයුම - ආර්. එම්. මිලින්ද ලක්ෂාන්

පෘථිවියේ අධිරාජිණිය - එස්. ජී. පී. හංසිකා රූපසිංහ

448546672 7702455769869645 2258119395325147290 nකෙටිකතා

ජයග්‍රාහි කෙටිකතා සංග්‍රහය

ගිනි අවි සහ ලීලි මල් - ජයමිණි උපේක්ෂා ඩයස්

ප්‍රශස්ත කෙටිකතා සංග්‍රහය

ගිලන් ගම - පුබුදු උදටියාවල

කුසලතා අගැයීම්

ගිනිහල් ගේ - ජයරත්න විරක්කොඩි

රදනකාලංකාරය - චින්තක සමන් හේරත්

ස්වප්න රාත්‍රිය - චින්තක දොඩම්පේ ගමගේ

රොමාන්තිකයාගේ නගරයේ දී - මනීෂි තිරසරා නවෝදි ගමගේ

බාලගිරි දෝෂය - නදිතා සිංහබාහු

කඩතොළු - ඩී. කේ. හෂාන් සම්පත්

Eghlish fiction

Novel

Best novel

Hashitha an ordinary boy – anupama godakanda

Best poetry

Midnight Daw – padmasiri jayathilaka

Appreciation

Teach me how to breathe – nipuni ranaweera

Short story

Best Manuscript

The trouble with old people – Lal Mdwattegedara

සැ. යු. ගොඩගේ අත් පිටපත් තරගයට අදාළ සටහනෙහි අක්ෂර වින්‍යාස සහ පද බෙදිම් එම ආයතනයෙන් නිකුත් කළ සටහන පරිදි ය.

සටහන :
ආලින්දයෙන් ඔබ්බට 21: ප්‍රේක්ෂක ප්‍රජාව රස්තියාදු නොකළ 'සුසුම් රස්තියාදුව' -  (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2024/06/19

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්