leader s

මේ පාර ආදරවන්තයින්ගේ දවස සමරන්න කොළඹ පුරාවට සංගීත සංදර්ශන.

ඒවා එසේ මෙසේ ඒවා නෙවෙයි. දැවැන්ත සංගීත ප්‍රසංග. ඒවා පැවැත්වෙන්නේ විශාල සංදර්ශන පරිශ්‍රයන් තුළ. සන්නස්ගලගේ නිර්වාණ පැවැත්වෙන්නෙත් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ.

රූකාන්ත, කසුන්, චිත්‍රාල් ඇතුළු කණ්ඩායම ගෙනෙන HUNGER ප්‍රසංගය නෙළුම් පොකුණ පරිශ්‍රයේ එළිමහනේ.

තව එක එක රූපවාහිනී, ගුවන් විදුලි චැනල් වලිනුත් විවිධ මාදිලියේ සංගීත වැඩ වැඩසටහන් කෙරෙනවා.

ලංකාවෙ pop සංගීතය අලුතෙන් උපද්දවපු එයට අලුත් වර්ණයක්, අලුත් හැඩයක් එකතු කරපු අපේ පරම්පරාවේ ගායකයා තමයි රූකාන්ත. මට මතකයි මං postgraduate කරන්ඩ එංගලන්තේ යනකොට එහෙදි අහන්න කියලා සිංදු එකතුවක් cassette එකකට දාගෙන ගියා. එහේ ගිය අලුතම අඳුරගන්න හම්බ වුනා ග්‍රීක ජාතික තරුණයෙක්. මිනිහා සංගීතයට හරිම ආසයි. මිනිහා මට කිව්වා උඹලගෙ රටේ සින්දුවක්  මටත් දීපන් අහන්න කියලා. ග්‍රීසිය කියන්නේ දියුණු සංගීත සම්ප්‍රදායක් තියෙන රටක්. මිනිහා මට අහන්න දීපු සින්දු අහලා මං කොර වෙලා හිටියේ.

 

hunger456456

මාත් ඇරියේ නෑ. අර මං ගෙනිච්ච සිංදු අතරේ තිබ්බා, රූකාන්තගේ ‘මේ දිගන්තයේ’ සින්දුව. මං මිනිහට එයාගේ walkman set එකේ දාගෙන අහන්න දුන්න. ඌ පිස්සු හැදිලා හිටියේ ඒක අහල. ඌ කිසි දවසක බලාපොරොත්තු වුණේ නෑ ඒ වගේ එකක්. ඒකෙ මියුසික්, ගායන විලාශය, පරාසය මිනිහ විශ්මයට පත්කරා.

huger

 

රූකාන්තගේ ආගමනයෙන් පස්සේ ප්‍රසංග වේදිකාව පණ තියෙන (Live) එකක් බවට පත්වුණා. රූකාන්ත සමග කසුන්, චිත්‍රාල්, නදීක, ඉන්ද්‍රජාපා, උමාරියා, කුෂානි එක්වන HUNGER Concert එකත් ලස්සනට තියේවි.

 

උපුටා ගැනීම : Asoka Handagama ෆේස්බුක් පිටුවෙන්

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්