leader s

රංගනය ඇතුළු ඕනෑම ක්ෂේත්‍රයක නිරත වීමේදී සහජ දක්ෂතාවය තිබීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්,

එය වෘත්තීය මට්ටමින් සාර්ථක කර ගැනීමට නම් විධිමත් හැදෑරීමක් අත්‍යවශ්‍ය බවත් නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනී හිමේෂා දිල්කි පවසන්නීය.

'Mirror Arts' යූටියුබ් නාලිකාව සමඟ පවත්වන ලද විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඇය අවධාරණය කළේ, දක්ෂතාවයට හැදෑරීම එක් වූ විට තමන් කරන නිර්මාණය පිළිබඳව මනා අවබෝධයකින් සහ වඩාත් ගුණාත්මක ලෙස ඉදිරිපත් කළ හැකි බවයි.

වේදිකාව මෙන්ම පුංචි තිරය ද එකලෙස ජයග්‍රහණය කරමින් සිටින හිමේෂා, මෑතකදී සිය කලා ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථාන කිහිපයක් පසු කළ අතර, ලොව විශාලතම වේදිකා නාට්‍ය උළෙලක් ලෙස සැලකෙන නවදිල්ලි ජාත්‍යන්තර වේදිකා නාට්‍ය උළෙල නියෝජනය කිරීමට ලැබීම ඉන් ප්‍රධාන තැනක් ගනී. ඒ බුද්ධික දමයන්තගේ ‘මට සිහිනයක් ඇත’ වේදිකා නාට්‍යයට රංගනයෙන් දායක වීම නිසාවෙනි.


මීට අමතරව, 52 වැනි රාජ්‍ය නාට්‍ය උළෙලේදී ‘The Trauma’ කෙටි නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම නිළිය අංශයේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වූ ඇය, මේ දිනවල විකාශනය වන ‘ආලේ’ ටෙලි නාට්‍යයේ ‘ෂයිනි’ ගේ චරිතය හරහා මෙන්ම ‘නිකිණි කුසුම්’ ටෙලි නාට්‍යයේ ‘චුලක්ෂි’ ගේ චරිතය හරහා ද ප්‍රේක්ෂක ආදරය බෙහෙවින් දිනා සිටින්නීය.

දිනිත ජයරත්න විසින් මෙහෙයවන ලද මෙම හරවත් සාකච්ඡාව හරහා හිමේෂා දිල්කිගේ රංගන ජීවිතය මෙන්ම ඇයගේ පෞද්ගලික ජීවන අත්දැකීම් රාශියක් ප්‍රේක්ෂකයන් සමඟ බෙදාගෙන ඇති අතර, මෙම සම්පූර්ණ වැඩසටහන දැන් ‘Mirror Arts’ යූටියුබ් නාලිකාව ඔස්සේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්