leader s

චින්තන ධර්මදාස විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම අභිසාරි චිත්‍රපටයේ නිල ප්‍රචාරක පටය දැන් මාධ්‍ය වෙත මුදහැර තිබෙනවා.


එම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ස්ටෑන්ඩ්අප් මූමන්ට් ලංකා ආයතනයයි.

එම පූර්ව ප්‍රචාරක පටය පහත වීඩියෝවෙන්  ඔබට නැරඹිය හැකියි.

අභිසාරි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය පබෝධ සන්දීපනී අතින් නිමැවෙන අතර අකලංක ප්‍රභාෂ්වර, ජැනට් ඇන්තනි, ශ්‍යාම් ප්‍රනාන්දු ආදී අතිදක්ෂ නළුනිළියන් පිරිසක් ඊට දායක වී තිබෙනවා.

චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය මිනුවන් ශ්‍රී ප්‍රේමසිංහගේය. සංගීතය මදුන් දිසානායක විසින් නිර්මාණය කර ඇත.

අතිශයින් ආන්දෝලනාත්මක තේමාවක් ඔස්සේ දිගහැරෙන අභිසාරි ළගදීම තිරය මත දැක ගැනීමට හැකිවන අතර එයින් ‍බොහෝ සාම්ප්‍රදායික සංස්කෘතික මතධාරී පිරිස් අවුලෙන් අවුලට පත්වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.


 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්