leader s

පොත් ප්‍රදර්ශනය ආක්‍රමණය කළ නව රැල්ල හුදු සාහිත්‍ය ප්‍රවණතාවක් නොව, අනාගත ඡන්ද පදනමක් ඉලක්ක කරගත් සංවිධානාත්මක ව්‍යාපෘතියක් බවට අනතුරු ඇඟවේ.


සාහිත්‍ය උළෙලේ වෙනස් වූ මුහුණුවර

ඊයේ (29) දින සවස බිරිඳත්, දියණියත් සමහ බුක් ෆෙයා ගියෙමි.

2024 වසරෙන් පසුවය මා බුක් ෆෙයා එකට ඊයේ ගියේ.

ගොඩනැගිලි දෙකක් නවීකරණය වී තිබුනාට අමතරව වෙනස්කම් ගණනාවක් එහි විය.

•⁠  ⁠ප්‍රචාරණ මූලෝපාය පහළ මධ්‍යම පන්තිය ඉලක්ක කරගත් එකක් බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි.


•⁠  ⁠එබැවින් ඒ සුවිසාල මධ්‍යම පන්තියේ 'වන්දනා චාරිකා' මනසට අත්‍යවශ්‍යම කාරණය සංවිධායකයින් හොඳින් තේරුම්ගෙන ආහාර අළෙවි සැළ් ප්‍රමාණය දෙතුන් ගුණයකින් වැඩිකර තිබෙනවාට අමතරව ඒවායෙහි විවිධත්වය ගැනද සැලකිලිමත් වී තිබුණි.

යොවුන් මනස සොරාගත් ‘අමුතු’ නවකථා රැල්ල
 
CIBGF 1092
•⁠  ⁠සුවිශේෂම කරුණ වූයේ Hall J, K ශාලාවන් සුවිශාලවද (H ශාලාවට ගියේ නැත) ආක්‍රමණය කර තිබූ 'අමුතු නවකථා රැල්ලයි.
 
වයස 15 ට වැඩි 30 දක්වා වූ තරුණ කණ්ඩායම ඉලක්ක කර ප්‍රේමය, සමරිසිකත්වය හා මනෝ උපදේශනයද, ආගමික භක්තියේ ප්‍රබන්ධය තුළ වූ ප්‍රචණ්ඩ හා රෞද්‍ර බව අධිනිශ්චය කළ 'කාලි' වැනි තේමා මතුපිටින් පෙනෙන නවකථා විශ්වාස කළ නොහැකි තරම් ප්‍රමාණයක් එළි දැක තිබුණි.
මේවා බොහෝමයක් පිටු ප්‍රමානයෙන් විශාලය. ඉතා හොඳ මට්ටමින් මුද්‍රණය කර ඇත. ඇතැම්වා හාඩ් කවර මුද්‍රණය ය. ඒවායේ ජනප්‍රියම පොත් මාස කිහිපයක් තුළ මුද්‍රණවාර  10 - 12 ඉක්මවා ඇත.

මිත්‍ර මුද්‍රණකරුවෙකු කීවේ ඒ එක් ජනප්‍රිය පොතක පළමු මුද්‍රණය තමන් පිටපත් 10,000 ක් මුද්‍රණය කළ බවයි.

ඉතා පැහැදිලිය.

ටෙලි රැල්ලෙන් පොතට ආ වෙළඳ උන්මාදය

එක් පසෙකින් ටෙලි නාට්‍ය ධාරාවකින් කල එළි බට ප්‍රවේශයක් දැන් පොත් ප්‍රකාශනය හරහාද කළ එළි බැස ඇත.

ලබන වසරේදී මෙය උන්මාදයක් වනු ඇත.
 
cibf 1231
මෙය පාලනය කළ නොහැකි ඉමකට අනිවාර්යයෙන් යනු ඇත.

සම්භාව්‍ය පොත් පමණක් විකිණූ මිත්‍ර ප්‍රකාශකයෙකුගේ අළෙවි කුටියේ ඉදිරියෙන්ම ඉහත කී වර්ගයේ පොත් වර්ග පහක් තිබෙනු දුටු මම ඒ ගැන විමසීමි.

'මෙව්වා නොවිකුණා ස්ටෝල් ෆී එකවත් හොයා ගන්න බෑ' ඔහුගේ පිළිතුර විය.

අප සිටින විටම එවැනි පොත් සොයා තුන් හතර දෙනෙකු පැමිණියහ. ඔවුන් සියල්ලම 'තරුණියන්' ය.

නොපෙනෙන බලවේග සහ සැකකටයුතු අරමුදල්

මගේ නිරීක්ෂණය නම් මෙය සංවිධානාත්මක කටයුත්තක් බවයි. අහිංසක දෙයක් නොවේ. ආගමික සංවිධානයක්, රූපවාහිනී නාලිකාවක් මීට අනාගතයේදී පෙරමුණ ගනු ඇති බව මගේ පූර්ව නිගමනයයි.
 
මේ ගොඩ නගන්නේ ලක්ෂ 10 ක නව ඡන්ද පදනමක් සහ ආගමික භක්තික පිරිසකි.
මැතිවරණ සිතියම වෙනස් කරන නව ඡන්ද පදනම

විචාරශීලිත්වයෙන් තොර පිරිසකගේ ක්ෂණික ආගමනය ලංකාවේ මැතිවරණ පදනම අනාගතයේදී වෙනස් කරනු ඇත.

ආගමික ඇතුළු කූට බලවේගයන් මේ පිටුපස සිටියොත් පුදුම නොවන්න.
 
හේතුව මේ තරම් විශාල ආයෝජනයක්, ප්‍රකාශන කර්මාන්තය වැනි තැනකට නන්නාඳුනන තරුණ පිරිසකට කළ නොහැක.

මහා පුදුමය නම් මේ නවකථා ලියන පිරිසෙන් අති බහුතරය කිසිවෙක් නාඳුනන්නන් වීමයි.
සැක සහිතම දේ නම් ඔවුන් අවශ්‍ය ඕනෑ තරමක් පොත් වෙළඳ කුටි වෙත ලබා දෙන්නේ 40% - 50% වෙළඳ වට්ටමට, විකුණා මුදල් දීමේ පදනමටයි.

ඔවුන්ගේ ප්‍රදාන ප්‍රචාරක මෙවලම ටික් ටොක් වීමද සුළුවෙන් තැකිය යුතු නොවේ.

1960 දශකයේ සිට ජනප්‍රිය නවකථාව ප්‍රකාශන කර්මාන්තය තුළ තිබුණා සේම , 'කුමරි, 'අරලිය' වැනි පුවත්පත් හරහාද නවකථා කියවීම ජනප්‍රිය විය.

නමුත් ඒ තරම් මෙය අහිංසක නොවන බව ඉතා පැහැදිලිව පෙනේ.

janaka inimankada(සටහන | ⁠ජනක ඉණිමංකඩ)
Vidarshana Publishers
Digital creator

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil