The Leader News
BREAKING
Top Ad
පුවත්

පස්වැන්නේ ශිෂ්‍යත්වයට අදාල අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකළ NIE හිටපු අධ්‍යක්ෂට වසර 6ක සිරදඬුවම්

T

The Leader Desk

May 14, 2026 • 4:35 PM

පස්වැන්නේ ශිෂ්‍යත්වයට අදාල අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකළ NIE හිටපු අධ්‍යක්ෂට වසර 6ක සිරදඬුවම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 06 ක සිර දඬුවම් නියම කළේය.
  • ඊට අමතරව රුපියල් මිලියන තුනක දඩයක් නියම කළ විනිසුරු මඩුල්ල එම දඩ මුදල ගෙවීම පැහැර හැරියොත් අමතරව වසරක සිර දඬුවම් නියම කරන බවත් සඳහන් කළේය.
  • මෙම පැමිණිල්ල අද (14) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිය.
  • මෙම පැමිණිල්ල ඉකුත් මාර්තු මස 26 වනදා කැඳ වූ අවස්ථාවේදී වග උත්තරකරුට චෝදනා භාරදීම සිදුවූ අතර ඔහු එම චෝදනාවලට නිවැරදිකරු බව දැනුම් දී තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 06 ක සිර දඬුවම් නියම කළේය.

ඊට අමතරව රුපියල් මිලියන තුනක දඩයක් නියම කළ විනිසුරු මඩුල්ල එම දඩ මුදල ගෙවීම පැහැර හැරියොත් අමතරව වසරක සිර දඬුවම් නියම කරන බවත් සඳහන් කළේය.

මෙම පැමිණිල්ල අද (14) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිය.

මෙම පැමිණිල්ල ඉකුත් මාර්තු මස 26 වනදා කැඳ වූ අවස්ථාවේදී වග උත්තරකරුට චෝදනා භාරදීම සිදුවූ අතර ඔහු එම චෝදනාවලට නිවැරදිකරු බව දැනුම් දී තිබිණ.

ඒ අනුව එම චෝදනාවලට අදාළ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දින නියම කර තිබිණ.


අද දින පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී විත්තිකරු සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබුණේ අදාල චෝදනාවලට නිවැරදිකරු බව සඳහන් කරමින් තමා කලින් කළ ප්‍රකාශය ඉවත් කරගෙන චෝදනා වලට වරද පිළිගන්නා බවයි.


වග උත්තරකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් නොතිබූ බවත් පැවති අපහසුතා හේතුවෙන් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ නියෝගයකට අනුව වන්දි මුදල් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ බව සඳහන් කළේය.

එම නිසා ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස නීතිඥවරු ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා 2024 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කීපයක් කලින් පිටවීමේ සිද්ධියට අදාලව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම වගඋත්තරකරුට රුපියල් මිලියන තුනක වන්දියක් ගෙවන ලෙස 2024 වසරේ දෙසැම්බර් මස 31 වනදා නියෝග කළ බව පැවසිය.

එම නියෝගය ප්‍රකාශයට පත් කළ දින සිට සති හතරක් තුළ එම වන්දි මුදල ගෙවා අවසන් කළ යුතු බවට නියෝගයේ සඳහන් වී තිබිණ.

එහෙත් එම වන්දි මුදල් තමන්ට ගෙවිය නොහැකි බව මෙම වග උත්තරකරු අධිකරණයට දැනුම් දී තිබූ බවත් නියෝගයේ සඳහන් වුණා.

වැඩි දුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අග විනිසුරු වරයා කියා සිටියේ මෙම වන්දි මුදල ගෙවීම පැහැර හැරීම තුළින් වගඋත්තරකරු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග හෑල්ලූවට ලක් කර ඇති බවයි.


මෙවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කළහොත් අධිකරණ ක්‍රියාදාමය සම්බන්ධයෙන් පවතින මහජන විශ්වාසය බිඳ වැටෙනු ඇතැයි පෙන්වා දුන් අගවිනිසුරුවරයා, දඬුවම් නියම කිරීමේදී පෙත්සම්කරුගේ පෞද්ගලික කරුණු වලට වඩා මහජන විශ්වාසය සහ වගකීම සම්බන්ධයෙන් අධිකරණයට දැඩි අවධානය යොමු කිරීමට සිදුවන බවත් සඳහන් කළේය.


ඒ අනුව මෙම දඩුවම් නියම කරන බවත් අග විනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිකුත් කළ නියෝගයේ සඳහන් විය.

2024 වසරේ පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදු වී ඇතැයි තීන්දු කළේය.

ඒ අනුව තීන්දුව ලබා දුන් 2024 වසරේ දෙසැම්බර් මස 31 වන දා සිට සති හතරක කාලසීමාව තුළ රුපියල් මිලියන තුනක වන්දියක් මෙම වගඋත්තරකරු විසින් රජයට ගෙවිය යුතු බවත් නියෝගයේ සඳහන් කර තිබිණ.

එම වන්දි මුදල ගෙවීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් මෙම වගඋත්තරකරුට එරෙහිව අදාල පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණ.

| nethnews

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...