leader s

හමාස් සටන්කාමීන් රට තුලට කඩාවැදී එල්ල කළ ලොව පුදුමයට පත්කළ ප්‍රහාරය ගැන ඊජිප්තුව තුන් දිනකට පෙර ඊශ්‍රායලයට අනතුරු අඟවා තිබු බව දැන්

හෙළිවී තිබේ.

එක්සත් ජනපද කොන්ග්‍රසයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ ප්‍රධානී මයිකල් මැකෝල් ඒ බව පවසා ඇත්තේ මාධ්‍යවේදීන් හමුවේය.

අඩුම වශයෙන් ඊශ්‍රායලුන් 1200කට සහ පලස්තීනුවන් 1000කට වැඩියෙන් මරා දැමුණු ගැටුම ඇරඹුණු හමාස් ප්‍රහාරය ගැන දැන සිටි බව ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි.  

අනතුරු ඇඟවීම පිළිබඳ වාර්තා ඊශ්‍රායෙල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් බැහැර කර ඇත්තේ ‘මුළුමනින්ම බේගල් ප්‍රවෘත්ති’ යයි පවසමිනි.

  “තියෙන තත්වය ඉතා ඉක්මනින්ම විශාල ආකාරයෙන් පුපුරා යාහැකි බව අපි ඔවුන්ට අනතුරු ඇඟවූවා. ඒත් ඒ අය එහෙම අනතුරු ඇඟවීම් සුළු කොට තකනවා,” යයි නම හෙළි නොකළ ඊජිප්තු බුද්ධි නිලධාරියෙක් කයිරෝවේදී ඇසොෂියෙටඩ් ප්‍රෙස් පුවත් සේවාවට පවසා තිබේ.

“මෙවැනි දෙයක් සිදුවිය හැකි බව ඊජිප්තුව ඊශ්‍රායලයට අනතුරු ඇඟවූ බව අපි දන්නවා,” යැයි මයිකල් මැකෝල් මැද පෙරදිග යුද තත්වය සම්බන්ධයෙන් එක්සත් ජනපද මන්ත්‍රීවරුන් සමග පැවති අභ්‍යන්තර සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදීන් හා පැවසු බව AFP ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබේ.

පැහැදිලි කිරීමක් කළ යුතු බව පිළිගනිමින් ඊශ්‍රායල් ආරක්ෂක සේනාවේ ප්‍රධාන ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියල් හගාරි මාධ්‍යවේදීන්ට පවසා තිබුනේ මේ ඊට කාලය නොවන බවයි.

“පළමුව සටන, ඊළඟට පරීක්ෂණ,” යයි ඔහු කියා තිබුණි.

ගාසා තීරය මායිමේ පිහිටි ඊජිප්තුව බොහෝ අවස්ථාවල ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර මැදිහත්කරුවකු ලෙස කටයුතු කර ඇත.


සබැඳි ලිපි :

හමාස් සංවිධානය ඊශ්‍රායලයට පහරදුන්නේ ඇයි?

'හමාස් ත්‍රස්තවාදය' ගැන කතා කරන්න කලින් දත යුතු ඉතිහාසය - (කුසල් පෙරේරා)

The Israeli-Palestinian Conflict: Unpacking Global Geopolitics, Challenges, and Future Scenarios - (Aryan D.M.)

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්