ඉන්දීය සහ චීන දේශ සීමා මායිම්ව පිහිටි ගඟක් තරණය කරමින් තිබූ ඉන්දීය හමුදාවට අයත් යුද ටැංකියක් ගිලී යාමෙන් සොල්දාදුවන්

පස් දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.

ඔවුන් තරණය කරමින් සිටි ෂයියෝක් ගංගාවේ (Shyok River) ජල මට්ටම හදිසියේ ඉහළ යාමෙන් අද (29) උදෑසන මෙම අනතුර සිදුවිය.

අනතුර සිදුව ඇත්තේ යුද හමුදා පුහුණු ක්‍රියාන්විතයක් අතරතුර බැව්, ඉන්දීය බලධාරීහු ප්‍රකාශ කළහ.

ලඩාක් කලාපයේ, ඉන්දියාව සහ චීනය බෙදා වෙන් කරන දේශ සීමා පාලන රේඛාව ආසන්නයෙහිම මෙම අනතුර සිදුව තිබීම ඒ පිලිබඳ වැඩි අවධානය යොමු කිරීමට හේතුවී ඇත.

එය "අවාසනාවන්ත අනතුරක්" බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං (Rajnath Singh) ප්‍රකාශ කරයි.

ඉකුත් 2020 වසරේ මුල සිට ලඩාක් දේශ සීමා කලාපයේ රඳවා සිටින ඉන්දීය සහ චීන හමුදා අතර වරින්වර ගැටුම් හටගෙන තිබේ. ගැටුම් වලින් මේ වනවිට, දෙරටේ සොල්දාදුවන් 20ක් පමණ මරණයට පත් වී ඇත. ලඩාක් රළු කඳුකර දේශ සීමා කලාපයේ මේ වනවිටත්, දෙපාර්ශ්වයට අයත් දහස් ගණනක් හමුදා භටයෝ රඳවා සිටිති.

දිගු කාලීන ගැටුමක් බවට පත්ව ඇති මෙම තත්වය සමනය කිරීමට ඉකුත් දශක දෙකක කාලය තුළ, ඉන්දියාව සහ චීනය රාජ්‍ය තාන්ත්‍රික හා ඉහළ පෙළ හමුදා  සාකච්ඡා රැසක් පවත්වා ඇත.

ඉන්දියාව සහ චීනය අතර දේශසීමා ගැටුම් 1950 දශකයේ පමණ ආරම්භ වූ අතර, 1962 දී දෙපාර්ශවය අතර යුද්ධයක් ද හට ගැනිණි.

(සටහන: හර්ෂ උදයකාන්ත)
(AP ඇසුරිණි)

මූලාශ්‍රය :

An Indian military tank sinks while crossing a river in a region bordering China, killing 5 soldiers


worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්